Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඉස්සර ඒ මහ නුවර දවස්වල
වැඩි වෙනසක් නොතියෙන්ට ඇති
මහ තෙද බල ඇති පින්කළ කුමරුන්
නෙක නෙක කෙළි කෙළවන්ට ඇති
රථ කෙළි රති කෙළි දූ කෙළි මැද්දේ
තේවා හඬ රැව් දෙන්ට ඇති
මහ වාසල මහ විහිළු දෙසන්නන්
නම්බු නාම අරගන්ට ඇති

අර නායකවරු මේ නායකවරු
සැපසේ එහි වැඩ ඉන්ට ඇති
පේරැස් මුදු ලූ අත්වල ලේ බිඳු
පිරිත් පැනින් හෝදන්ට ඇති
සේනා පානා රණ ගොස අස්සේ
අණ කාගෙද නෑහෙන්ට ඇති
කටු-නායකවරු හිස් බඩ,සතුටින්
සිරි රජ සිරි නරඹන්ට ඇති

ප්‍රසාද් වීරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails