Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මුදුන්පත් පොසොන් සඳ
ගිලිහෙන්න පෙරාතුව
සැත්කමින් ඉවතහළ
මගේ ඇස ගැන නොවේ
හද දවන සෝ තැවුල්
හදවතේ සාක්ෂිය
දවාහළ මිනිස... !
බුද්ධියේ නුඹේ ඇස
ඉගිලුවෝ කවරහුද?
මැතිඳුනි.... !
ඔබ පිදූ දම් පෙත්ද උතුම් කොට
මම මෙසේ අසන්නෙමි
බුන්ව ගිය කඩ නිවෙස්
දැදුරු වුණු හද මසද
සිදුරු වුණු අත පයද
පිං පිණිසමද පිදුණු
මේ උතුම් දිවා දන

නිවුණු බුදු නෙත'භිමුව
පහන සඳ කඩින් ගත්
අග්නි සිළු වතින් වෙද
පලා පෙති මල්කම්ද
හංස ඈ ලියකම්ද‍
ගිනිබත් කළෝ තොප
මුසොල්මන් පල්ලියක
සිරසගින් අඩ සඳක්
කගපතක් ලෙස නැවේ
මිනිසුනගෙ නාමයෙන්
ඒ තියුණු අඩ සඳට
කලා සපුරනු පිණිස
උතුම් වූ පුන් සඳක්
පායනුව අහස මත
යදිමි මම එක සිතින්
පිරිපුන් වු දහමකට

*මෙම ජුනි 20 වන දින ආරක්ෂක කටයුතු ලේකම් තුමාගේ අනුග්‍රහයෙන් අක්ෂි රෝහලේ සියලුම නේවාසික රෝගීන්ට දිවා දානය හා අතුරුපස පිරි නැමිණි. එදින මා නේවාසික ප්‍රතිකාරවලින් අනතුරුව ආරෝග්‍යශාලවෙන් පිටවුනෙමි.

උපුල් සේනාධීරිගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails