Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඊශ්‍රායෙල - පලස්තීන ගැටුම් යලි ඇවිලේ .
දරුවන් ඇතුළුව විශාල ප්‍රමාණයක් තුවාල ලබා සහ මිය ගොස් ඇත.


ගඟ ගලයි ජෝර්දාන් හැමදාම එක අතට
රතු වෙලත් ගං වතුර බොනවා තව ලේ රහට
නැවතුනත් ඉඳ හිටක සුළං රැලි මොහොතකට
වෙඩි බෙහෙත් ගඳ තමයි දැනුනේ කිරි බොන කටට

මල් පිපෙන්නේ නොමැති ඉවුරේ බටහිර දෙසට
කඩාගෙන තරු වැටෙන මූසලම රෑ මැදට
බදාගෙන අම්මගෙන් ඒ මොකද අහනකොට
එයාටත් රිද්දගෙන වැටිලා තරුවක් බිමට

අහස නිතරම අපිට රවන කොට බනින කොට
පොළව විතරයි දුන්නේ නිදන්නට සීරුවට
ඒ උනත් මහා පොළව තරම් නම් මේ අපිට
දෙන්න බැරි වෙන්න ඇති වටිනකම මොහොතකට

කමක් නැහැ අරගන්න හැඩි වෙච්ච මහ පොළොව
මළ මිනී එක දිගට අතුරලා මදි නැතුව
තරහා නැහැ ඉහ මතට ඔබ එව්ව ඒ තරුව
හරියටම දැන් වැටුනා කඩාගෙන මගේ පපුව

ඡායාරූපය : International Justice Desk වෙබ් අඩවියෙන්

ජනිත් විතාරණගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails