Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නගරයේ තාප්ප කැඩී ඇත.
සයිකල් පාත් ද වැටී ඇත. ​
පෙට්ට් කඩ හැලී අැත.
සීසීටීවී කැමරා ද ඇත.
හැමතැනම කැමෆ්ලාජ් ද අැත.
කහ ඉරි, ට්‍රැෆික් ලයිට් තිතට ඇත.
විහාර මහා දේවියටත් ගාඩ් එකක් ඇත.
ඒ විතරක් නොවෙයි
ඉන්ඩිපෙන්ටන්ට් ආකේඩ් ද ඇත.

ඒ සියල්ලටම වඩා
මේ නුවර මහා හිස්කමක් අැත.

එනුවර තවමත් අස්සක් මුල්ලක් නෑරම
ලේ පිළී ගඳය.
දශක ගණනක් තිස්සේ
කෙඳිරිලන සහෝදර ප්‍රාණයන්ගේ
අවසන් හුස්මලන හඬ
ඒ නුවරට ඉහළ ආකාශයේ සැරිසරමින්
යුක්තිය පසිඳලන තුරු දෑස් දල්වා සිටී.
ඉතිහාසයේ ඒ මහා ගනඳුර තවමත්
මේ නුවරින් පහව ගොස් නැත.
තවමත් තැන් තැන්වල පිසාචයන්ගේ
කන් පසාරු කරනා
සහෝදර හදවත් දෙපළු කරනා
හඬවල් එමට ඇත.

ඇත්තටම
එනුවර "අනතුර"
තවම පහව ගොස් නැත.

ඒ නුවරට ආදරය විතරක් ඕනෑ කර තිබේ.

ඇත්තටම ආදරය පමණකි.
කොළඹට, අපට, ලංකාවට, ලෝකයට
විතරක් නොවෙයි ඒ අඳුරු "ජූලියට"
ආදරය විතරක් ඕනෑකර තිබේ.

(මේ ග්‍රැෆික් තථාවේ ඇත්තේ ඒ ආදරයේ හිස්කමයි.)















නිර්මාල් ඒකනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails