Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හිතුවෙ නෑ යළි එයි කියා අවුරුද්දකට පසු මේ ලෙසින්
ගොත ගැසී ඇමතුවෙ "මහත්තය" කියා විළියෙන් රතු වෙමින්
"ජෝන්" යැයි මුමුණන්න කොතරම් කළත් ආසා යටි හිතින්
ඇහුවෙ ඈ එපමණයි ඔහුගෙන් - "මහත්තය, කොහොම ද ඉතින්?"

වෙන් ව යන්නට කලින් ආලෙන් වෙළී උන්නා ඒ නමුත්
ගොහින් නගරෙට මහත් වී ඔහු මහත්තයෙකුත් වී ඇවිත්
වැදී තුරුලට උනුන් උණු හාදුවක් දෙදෙන ම පැතුව මුත්
"මහත්තය" කී සැණින් සමහර මෝඩයෝ "නෝනා" කියත්!

උන්නෙ ඔහු දොරකඩට වී ඇස් අයාගෙන ඇය දෙස බලා
ඇඹරුණා ඔහු, ඇසුව කල ඈ "තේ ටිකක් බොමු දැ" යි කියා
වමත් දකුණත් බලා ඉක්බිති පසුපසත් හැරි හැරි බලා
"හා, හොඳයි එහෙනම්" කියා අන්තිමේ ගෙදරට ගොඩ වුණා

"මස් ටිකක් තද වැඩි වගේ" - ඈ බිම බලාගෙන මිමිණුවා
"සීනි මදිව ද දන්නෙ නෑ" - තේ කෝප්පය දී කෙඳිරුවා
"අපොයි මේ ඇති" කීය ඔහු තේ උගුරකින් තොල කට තෙමා
කැපී පිහියෙන් මස් කැබැල්ලක් - "මසත් පදමට තැම්බිලා"

බල බලා ඔහු දිහා ඈ කැස්සකුත් ඉඳහිට පිට කළා
ඒ උනත් අන්තිමේ "මම යන්නම්" කියා ඔහු පිට වුණා
එදා රෑ අසු පිට නැගී ඔහු තැවි තැවී උතුරට ගියා
අගුලු ලාගෙන කාමරේ ඈ ගත කළා රැය හඬ හඬා

වෙන් ව යන්නට කලින් ආලෙන් වෙළී උන්නා ඒ නමුත්
ගමේ කෙල්ලකි ඈ නිකම් - ඔහු මහත් වී නගරෙන් ඇවිත්
වැදී තුරුලට උනුන් උණු හාදුවක් දෙදෙන ම පැතුව මුත්
"මහත්තය" කී සැණින් සමහර මෝඩයෝ "නෝනා" කියත්!

[මුල් කවිය : හෙන්රි ලෝසන් ගේ 'Mary called him Mister']

සිතුවම : 'Mary called him Mister' by Kevin Charles (Pro) Hart

ගීතය අහන්න.

හෙන්රි ලෝසන්
පරිවර්තනය - අනුරාධ මහසිංහ


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails