Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



-ගණිකා වෘත්තියේ යෙදුනැයි ටෙලි නාට්‍ය නිළියට නඩු - ප්‍රවෘත්තියක්

ස්වාමිනී,
උපාය දූතයා
දැනුම් දුන්නා රහසේ
සදාචාරෙට
මැ'විසින් තමා අතගෙන
පිවිසුනාය'යි ඇගේ කුටියට.

සදාචාරය
ගිහිල්ලා දුවගෙන
දොරේ අගුලට කන තියාගෙන
ඉන්න කොට අහගෙන
කෙලෙසුනා සද්දෙට
පනහක් විතර සීයට .

ඇහුන දේ දෙකනට
දෑහින්ම දැකලා
ඉස්තීර කර ගන්නට
සදාචාරය
ගොඩවෙලා වහලට
අයින් කරලා උළු කැට
එබී බැලුවා ඇතුළට.

ඇහැ ගියා විතරයි
කාමරේ ඇතුළට
මේ වගේ දේවල්
වනේ වන හතුරෙක්වත්
නොදකීවා ! කියාගෙන
දාලා කලංතේ
ඇදං වැටුනා මැගේ පැදුරට.
සාමිනී,
සදාචාරේ ඉතුරු ඩිංගත්
කෙලෙසුනා එතකොට.

චන්ද්‍රසේන බදුගම​



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails