Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හම්බයෙක් දැකපුවහම
ඇඟමාළු නටන එක
කසන ගති දැනෙන එක
මාර සිංහලකමක්

පර දෙමළ දැකපුවහම
නොදෝකින් හිතෙන එක
දත්මිටි කැවෙන එක
මාර සිංහලකමක්

සුන්නත් කරපුවහම
හුඟ වෙලා පුළුවන්ලු
පව් අඩෝ
උන්ගේ ගෑනු ටික

මුළු ඇඟම වහගෙන
කළු පාට ඇඳගෙන
උන් විඳින අපාදුක
පුළුවන් ද උහුලන්න

ගෙරිමසට ලොල් කරන
හම්බයව දැකපුවහම
පපුව ඇවිළෙන ගතිය
මාර සිංහලකමක්

මැරුන උන් ගැන දුකෙන්
පාන තියනා දෙමළා
දැකපුවහම මළ පනින
මාර සිංහලකමක්

බලමාළු කුකුළුමස්
වගෙ ද බං අර හරක්
මස් කඩේ වහන්නට
දෙමු අපිත් සපෝට්ටෙක

නිදුක් වෙන්නේ මොට ද
මෙලොව හැම සත්ත්වයම
සාදුගේ පෙරහැරට
අපිත් එක්වෙමු මචං

තොප්පි දැමු හම්බයව
උන්ගේ දිග යටි රැවුළ
ඉවසන්න බැරි ගතිය
මාර සිංහලකමක්

අයිතීන් ගැන හොයන
බලය බෙදනට කියන
දෙමළාට බනින එක
මාර සිංහලකමක්

චූලානන්ද සමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails