Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිනා ලැසි ගමන
සහ හරිත පසුබිම
සේයාරුවට ඒ හසුනොවුන
උතුම් වස්තුවකි මා සතුව
එ'තුළ
හා ඉන් පිටත

එනම්
ඒ සිනා කොටුකෙරුව
මා ඇස

චලන රිද්මයකි එහි
මුහුන, අතපය
මේ දැනුත් මා වෙතම එනු පෙනෙන
හදවත ද සොලවන

ළපටි මතකයන් අද්දර
නුහුරු ගමනක විඩා සැනසුව
සිනාවක මහිමය
කවි කොලයකට ගන්නෙ කොහොමද?

ඉඳගෙන
දස දහස් නගරයක - තනියම
හුදකලා සැනසුමක හමුවෙමි
පසුම්බිය පතුලතින් කැඳවමින
සිනා සළුවෙන් සැරසී
ඔබ

රෝස පැහැ බාට දෙක
බොරළු තෙරපුව පාරක ඉමක
මිහිරි ගමනක මතක චිත්‍රය
පියවර මනින සඳ අතීතෙට - එහි රන් ගුහාවට
බෝඩිං කාමරේ යහන මත
ඔබෙ සිනා සේයාරුවෙන්
රාමු කොට ඇත
තවම
මා හද.

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails