Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



** පේරාදෙණිය එළිමහන් රඟමඩලෙහි රොබරෝසියාව කපා ඉවත් කෙරේ - පුවතක්

විපුල දිසි කුසුම ලක සුපතල දෙරණ
වතුල රිසි පුසුඹ නෙක ඉඳුවර පොකුණ
පතල ඇසි රැඟුම දිසි සැන‍සෙන දසුන
සසල කිසි නොවන සකි හදවත කුමන?

ඇසි දිසි රැඟුම සුපතල පේරාදෙණිය
රිසි රිසි පමණ දුන් සුදසුන සේදුණිය
කිසි කිසි හඬින් කියතින් ගෙළ සිරවුණිය
රොබ රෝසියාවම කඳුලින් බර වුණිය

ඛණ්ඩිත කළ හිරුගෙ චණ්ඩාතප කිරණ
මණ්ඩප තුරු මුදුන සුරතින් කර මැවුන
රන්රස ලෙසේ රඟහල බිම එළිමහන
මින්මතු නොවේ හද පොබයන එම දසුන

යුග යුග ගණන් නොහැරම මල් පොදි බැන්ද
සිඹ සිඹ නොයක කව්නළු රස රස වින්ද
දින දින ගෙවා යන අවසන් ගමනින්ද
සිත සිත ලෝ දහම සිහි කරනුය නන්ද!

දමිත් වැලිකල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails