Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"අපි නාට්‍ය කලාවට වසන්තය ගෙන එනවා සත්තයි." මේ මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකා නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ශ්‍රීයන්ත මෙන්ඩිස් විසින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකි. මහින්ද රාජපක්ෂ රජයේ පාලනය ආරම්භ වීමත් සමඟ නාට්‍ය අනුමණ්ඩලයේ සභහාපති තනතුරට පත් වූ ඔහු එම ප්‍රකාශය කලේ වැඩ බොහෝමයක් කිරීමේ අරමුණින් විය හැකිය. නමුත් මේ වනවිට නාට්‍ය අනුමණ්ඩලය මැදිහත් වී ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව වෙනුවෙන් කර ඇත්තේ මොනවාද? එසේ වූ නාට්‍ය අනුමණ්ඩලයක් තියෙනවාද? වසර අවසානයේ රාජ්‍ය නාට්‍ය උළෙලක් පැවැත්වීමට සූදානම් වීමෙන් නම් වසරක් පාසා මේ මණ්ඩලය පිළිබඳ මතකයට නැෙඟයි. මේ නාට්‍ය අනුමණ්ඩලයත්, සංස්කෘතික අමාත්‍යාංශයත්, සංස්කෘතික දෙපාර්තමේන්තුවත්, සංස්කෘතික ඇමතිවරයාත් සිතා සිටින්නේ නාට්‍ය කලාව වෙනුවෙන් වසරක් පාසා සම්මාන බෙදා දීම තුළින් නාට්‍ය කරුවාටත් නාට්‍ය කලාවටත් මහාත් සෙතක් සැලසේ කියාය.

ලෝක නාට්‍ය කලාව මේ වනවිට නව ඉසව් කරා සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී. නව අත්හදා බැලීම්, නව තාක්ෂණය ලෝකයේ නාට්‍ය කලාව පෝෂණය කරමින් සිටී. ඊට සාපේක්ෂව ලංකාවේ නාට්‍ය කලාවේ තත්වය කෙබඳුද? ලාංකීය තරුණ නාට්‍ය ශිල්පියා මේ වන විට ලෝක නාට්‍ය කලාවට සාපේක්ෂව යම් සැලකිය යුතු තත්වයක සිටී. ඔවුන් ද ඇති හැකි අයුරින් සවයං අධ්‍යනයක නියෙලෙමින් නාට්‍ය නිර්මාණයන්හි නියෙලෙමින් සිටී. නමුත් ඔවුනගේ මේ හැකියාව, දක්ෂකම ඔවුන් කරනා නාට්‍ය නිර්මාණයකට සීමා වෙමින් කෙටි කලෙකින් ක්ෂය වී යයි. මේ තරුණ හැකියාව, දක්ෂකම තවදුරටත් වර්ධනය කරමින් ඒ තුළින් ලාංකීය නාට්‍ය කලාව පෝෂණය කිරීමේ වැඩ පිළිවෙලක් මේ මණ්ඩලවලට තිබෙනවාද?

විශේෂයෙන් අද නාට්‍ය ශිල්පියා මුහුණ පා ඇති ගැටළු වලින් මූලිකත්වය ගන්නේ සිය නිර්මාණයේ පෙර පුහුණුවීම් කටයුතු කරගැනීමයි. නාට්‍යයක් නිර්මාණය කිරීමට සූදානම් වන ශිල්පියා පෙර පුහුණුවීම් සිදුකිරීම සඳහා ස්ථානයක් සොයමින් නන්නත්තාර වී ඇවිදී. නාට්‍ය අණුමණ්ඩලයේ සභහාපති ද ප්‍රවීණ නාට්‍ය ශිල්පියෙකි. සභහාපති පුටුවේ අසුන් ගැනීමට පෙර ඔහු ද මේ වැනි තත්වයන්ට හොඳ හැටි මුහුණ දී ඇති අයෙකි. නමුත් මේ වනවිට ඔහුට එය අමතකය. මේ සඳහා නාට්‍ය අනුමණ්ඩලයට මැදිහත් වී ක්‍රීයා කිරීම නාට්‍ය ශිල්පියා වෙනුවෙන් කළ හැකි අවම සහයක් වූවද එය නොකිරීමම කණගාටුවකි. නාට්‍ය ශිල්පියෙකුට තමා නිර්මාණය කළ නාට්‍ය වේදිකා ගත කිරීමට සුදුසු රංග ශාලා දිවයිනේ කොපමන ප්‍රමාණයක් තිබේද? ප්‍රේක්ෂකයාට රසවිඳීමේ පහසුවත්, නිර්මාණයේ ගුණාත්මකතාවයත් සහ නාට්‍ය ශිල්පියාගේ පෞරුෂත්වය රැකගනිමින් නිර්මාණයේ යෙදීමේ පහසුවත් ඇත්තේ මේ ශාලාවන්වලිනුත් කීයකද? නියමිත ප්‍රමිතියකින් යුතුව නාට්‍යයක් නැරඹීමේ පහසුවත් නිර්මාණයේ යෙදීමේ පහසුවත් ඇති රංග ශාලා කොළඹ ඇත්තේ කීයද? ටවර් රඟහල, එල්පින්ස්ටන් රඟහල, ජෝන් ද සිල්වා රඟහල, ලුම්බිණි රඟහල, ලයනල් වෙන්ඩ්ට් රඟහල, නව රඟහල, නාමෙල් මාලනී පුංචි තියටර්, නෙළුම් පොකුණ රඟහල, තරුණ සේවා රඟහල, කුලරත්න ශාලාව, බොරැල්ල YMBA ශාලාව, නව නගර ශාලාව, බිෂොප් විද්‍යාලයීය රඟහල, එස් ද එස් ජයසිංහ රඟහල, මියුසියස් විද්‍යාලයීය රඟහල, සර්වෝදය රඟහල ලෙස රඟහලවල් පහළොවක් පමණ තිබුන ද නිර්මාණයට අදාල ගුණාංගයන් ගෙන් යුතුව නාට්‍ය නිර්මාණයක් ප්‍රදර්ශනය කළ හැක්කේ කීයකද? ඒවා අතරින් සාමාන්‍ය නාට්‍ය ශිල්පියෙකුට දරා ගතහැකි මුදලකට වෙන්කර ගත හැකි ශාලා ඇත්තේ කීයද? එවන් පහසුවක් ඇත්තේ ටවර්, එල්පින්ස්ටන්, ජෝන් ද සිල්වා, ලුම්බිණි රඟහල වැනි රඟහල්වල පමණි. නමුත් මේ වන විට එල්පින්ස්ටන් රඟහල වසර ගණනාවක් තුළ ප්‍රතිසංස්කරණයේය. (මාස හයෙන් හතෙන් අධිවේගී මාර්ග ගොඩ නැගෙන ශ්‍රී ලංකාවේ රඟහලක් ප්‍රතිසංස් කරණයට වසර ගණනාවක්?) ජෝන් ද සිල්වා රඟහල බිමට සමතලා කර ඇත. මහින්ද රාජපක්ෂ දේශපාලකයාගේ නෙළුම් පොකුණ නම් වූ රඟහලේ බලපරාක්‍රමය සහ තේජස හමුවේ ජෝන් ද සිල්වා නාට්‍ය කරුවාගේ ජෝන් ද සිල්වා නම් ව රඟහල තිබූ තැන සම්පූර්ණයෙන්ම ඩෝසර් කර ඇත. නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ යුධ හමුදා රැකවල් මැද මහ රැයක හොර රහසේ රඟහල ඩෝසර් කිරීමේ තතු දන්නේ ද නාට්‍ය අනුමණ්ඩලයම පමණි. ලුම්බිණි රඟහල ද ප්‍රතිසංස්කරණය සඳහා සූදානම් වේ. මේ අනුව නාට්‍යයක් පෙන්වීමට සාමාන්‍ය නාට්‍ය ශිල්පියාට ඉතිරිව ඇත්තේ ටවර් රඟහල පමණි. මේ තත්වය සම්බන්ධයෙන් නාට්‍ය අනුමණ්ඬලය සංවේදීද?

ඉතා අපහසුවෙන් නිර්මාණයක් කිරීමට ඉදිරිපත් වෙන ශිල්පියා නාට්‍යකලාව සහ සංගීත සංදර්ශන අතර වෙනස නොදන්නා නගර සභා නිළධරයන් හමුවේ විනෝද බද්ද යයි හදුන්වන රාජ්‍ය මංකොල්ලය ඉදිරියේ වැද වැටෙනා තත්වයකට පත්වන්නේත්, ලක්ෂ හතරක් පහක් නගර සභාවට බදු ලෙස පූජාකර කදුළු පිරි දෙනෙතින් නැවත නිර්මාණ කාර්යයේ නියලෙන නාට්‍ය කරුවන් පිළිබඳව නාට්‍ය නිර්මාණයන් සඳහා නගර සභාවෙන් අයකර ගන්නා විනෝද බද්ද අහෝසි කළා යයි පාරම්බානා රාජ්‍ය නායකයෝ, ඇමතිවරු, අනුමණ්ඬල සභහපති වරු, සාමාජිකයෝ දන්නෙහිද?

මේ නාට්‍ය කලාවට වසන්තය කැන්දන් ආ සිදුවීම් සහ තොරතුරු කිහිපයක් පමණි. මේ පිළිිබඳ ලියනවානම් තොරතුරු,සිදුවීම් සහ චෝදනා රාශියකි. මේ තොරතුරු කිහිපයෙන් වත් (කන් කෙලින් වී, නාස්වලින් දුම් පිටකරමින්, අපට බැන වදිමින් හෝ) සංවාදයකට පැමිණෙන්නේ නම්, මේ තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍යයයි පෙරලා චෝදනා කිරීමට පෙළඹෙන්නේ නම්, ඒ සඳහා එඩිතර වන්නේ නම්, මෙවැනිම තවත් තොරතුරු සමඟ සංවාදයකට සූදානම්ය.

(-ජනරළ)

අජන්ත අලහකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails