Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අසූ හතේ ජූලි හතේ යන්න ගියත් ජෝතිපාල
අපේ හිතේ කවදාවත් මැරුණෙ නෑනෙ ජෝතිපාල
ගෙදර-පාරෙ-බස් එකේදී මුණගැහෙන්නෙ ජෝතිපාල
නතර නොවී තාම ඇහෙයි නිතර නිතර ජෝතිපාල

සුරුවම් කොච්චර තිබ්බත් ස්වර උයනේ ජෝතිපාල
උරුවම් බෑවුණත් නිකම් ඒ ඇහෙන්නෙ ජෝතිපාල
රියැලිටි වේදිකාව මත පිළිරැව් දෙන ජෝතිපාල
වැටි වැටි එන පොඩි උන්ගෙත් සුප ස්ටා ජෝතිපාල

දුක සන්තාපය සතුටට කොයි එකටත් ජෝතිපාල
එක ඔසුවකි කොයි ලෙඩටත් ඒක තමයි ජෝතිපාල
හාද කමට ඕන වෙන්නෙ රහ පද වැල් ජෝතිපාල
සාද සාද නොවෙයි ඉතින් නොහිටියොතින් ජෝතිපාල

ආදර මල් පවන දිගේ ආ ළඳුන්ට ජෝතිපාල
පාට පොදක් තිලක තිව්වෙ ආදරයෙන් ජෝතිපාල
එමට එවැනි උදාහරණ දහසක් ඇත ජෝතිපාල
පෙමට කියන අති සුන්දර පර්යායකි ජෝතිපාල

ගොඩක් කළින් කොමිනිස් පෙළපාලි ගියපු ජෝතිපාල
වැඩක් ලෙසම එජාපයට සිංදු කියපු ජෝතිපාල
රජය තරහ වෙයි කියලා බය නොවෙච්ච ජෝතිපාල
විජය පරදවන්න කටානට නොආව ජෝතිපාල

හදන්න මාළිගා ඕන කියල නොහිතු ජෝතිපාල
නිදන්න මාළිගාවත්තෙ ෆ්ලැට් එක තිබු ජෝතිපාල
ජෝති අයිය කියල ආව කොයි කාවත් ජෝතිපාල
ජාති නොබල වැළඳගත්ත කෙනා ඔයයි ජෝතිපාල

ප්‍රේමදාස ගාව වුණත් කොන්ද කෙළින් ජෝතිපාල
වාම ඇසට මග ඇරිච්ච පොදු ජන හඬ ජෝතිපාල
ෆ්ලැට් එක ළඟ කාණු කැටේ දා ගත්තත් ජෝතිපාල
ලැට් වල ඇතුළට කිසිදා බැස්සෙ නෑනෙ ජෝතිපාල

එක අතකට කළින්ම ගිය එකත් හොඳයි ජෝතිපාල
ටික ටික කුණු වෙන්න තිබ්බ ඔයා වුණත් ජෝතිපාල
ළඟින් හිටියි සංවේදී නායකයගෙ ජෝතිපාල
රිඟින් ටෝන් වලට කියයි රණවිරු ගී ජෝතිපාල

විසි හත් වසරකට කළින් ගිය හින්දා ජෝතිපාල
කිසි අවුලක් නැත තාමත් ෆැන්ටසියයි ජෝතිපාල
මීවිත ගී පොත පෙම් සිත විකසිත කළ ජෝතිපාල
ජීවිත කාලෙම පපුවෙන් ඇහෙන ගීය ජෝතිපාල !

විමල් කැටිපෙආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails