Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පාත්‍ර වර්ගයා- තරුණයා

(සියුම් සංගීතයක් මතුවේ.)

තරුණයා- හොඳයි, මම දැන් හිතනවා මේ කතාව තමුන්නාන්සේලා උනන්දුවෙන් අසාවි කියලා. නමුත් හිතන්න එපා මම බීමතින් හෝ අවසිහියෙන් කරන කතාවක් කියලා. මම බලාපොරොත්තු වෙනවා ටික වෙලාවක් තමුන්නාන්සේලාට කතා කරන්න. තමුන්නාන්සෙලා දන්නවා ඇති මම කලාකරුවෙක්. ඒ කියන්නේ අපේ සමාජය ඇතුළෙ නම් වෘත්තිකයෙක් නෙමෙයි. අද කලාකරුවන්ට තියන ගැහැටකම් කියන්න නෙමේ මම හදන්නේ. නමුත් කලාකරුවෙකුට මේ කාලය කියන්නේ, සාර් ධනවතුන්ට කොමියුනිස්ට් යුගයේ අත්වෙච්ච ඉරණමට වඩා අමාරු කාලයක් බව ඔබ හැමෝටම නොතේරෙනවා වෙන්න බෑ. අද කලාකරුවන්ට දිරි දීම වෙනුවට කලාකෘති වාරණය කරමින්, තහංචි පනවමින්, මර්දනය කරමින්, කප්පාදු කරමින් ශිෂ්ඨත්වයේ ප්‍රතිරූප තමන්ට ගොඩනගා ගැනීිම සඳහා අරගෙන යන ව්‍යාපෘතිය. හරි, හරි, සමාවෙන්න ඕනේ, මම කතා කරන්න ආවේ ඒ ගැන නෙමෙයි. ඒ කියන්නේ සියලු අමාරුකම් හින්දා, මට සිද්ධවුණා ගෙදරට වෙලා නිකම්ම නිකමෙක් විධියට කාලය ගෙවන්න. මාගේ මනසේ කිසිම ආකාරයක නිර්මාණ වස්තු බීජයක් හට ගන්නේ නෑ. දවල් වෙනකම් නිදාගෙන ඉඳලා, ආයෙත් කෑම කාලා, බුදියාගෙන, දහ අතේ කල්පනා කළේ ඉදිරියට මොනවාද කරන්නේ කියලා, කලාකරුවෙක් විධියට ජිවත් වෙනවානම්. අභාග්‍ය කියන්නේ මේ කෙහෙල්මල් නිර්මාණකරණය හැරෙන්න වෙන කිසිම හත් ඉලව්වක් මට කරන්න බෑනේ. ඒ කියන්නෙ කන්තෝරුවක පිළිවෙළකට න්‍යාය පත්‍රයකට අනුව කරන රස්සාවකට මගේ හිත යොමු වන්නෙම නෑනෙ. මගේ අමාරුකම් දැකලා, යාළුවො ගණනාවක්ම මට රස්සාවල් හොයලා දෙන්න ට්‍රයි කෙරුවා. කෝ ඉතින්, ඒ කිසිම දෙයකට මගෙ මනස යොමු වෙන්නෙ නෑ. හිතෙන්නෙම කලාව, කලාව, කලාව හුදකලාව, මේ අතර මගේ ඥාතිීන් මට කියන්න ගත්තා සෙනසුරු අපලෙ කියලා. ඒක එක අතකට මට මාර වාසියක් වුණා. ඒ කියන්නෙ මම නැකැත් විශ්වාස කරනවා කියන එක නෙවෙයි. ස්පර්ශයට නොදැනෙන, කනට නොඇසෙන, ඇසට නොපෙනෙන, කිසිම දෙයක් විශ්වාස කරන, මිනිහෙක් නෙමෙයි මම. එහෙම කිව්වාම හිතන්න එපා, මම මේ කතා කරන්නේ විද්‍යුත් චුම්භක කිරණ වලට පණිවිඩ මුර්ජණය කරලා කරන නුතන සන්නිවේදනයට විරුද්ධව කියලා. අධෝරක්ත, පාරජම්බූල, එහෙම නැත්නම් කෙටි තරංග, නැත්නම් එෆ්එම් තරංග වලින් පණිවිඩ යවන්න පුළුවන්. ඇසට නොපෙනෙන බොහෝ ශක්තින් විශ්වය පුරා පවතිනවා. නුතන ලොකයේ ඒවා භාවිතා කරනවා. මම කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. මිනිස්සුන්ට විවිධාකාර දේවල් වලින් බලපෑම් එල්ල වෙනවා. පාරේ ගමන් කරනකොට කාබන් මොනොක්සයිඩ් වායු වලින්. කුණු ගොඩවල් ළඟිින් යනකොට ඇමෝනියම්. මේ වගේ පරිසරයේ බලපෑම් නිසා තමයි මිනිස්සු ලෙඩ රෝග වලට ගොදුරු වෙන්නේ. ඒත්, මොන හත් ඉලව්වක්ද, ඈත තියන ග්‍රහ තාරකාවලට, එක එක මිනිහාට පෞද්ගලිකව බලපෑම් කරන්න පුළුවන් කියන කතාව. හිරු පායනකොට මල් පිපෙනවා. ඒ, එක මලක් නෙමේ, ලෝකයේ තියෙන මල් සියල්ලක්ම. හඳ පායනකොට වඩ දිය ගලනවා, ඒ රළ වලින් කොටසක් නෙමෙයි, බලපෑම එල්ල වෙන රළ ප්‍රදේශයම. මේ දේවල් නක්ෂත්‍රය සමග ඈඳගන්න එක, එතරම් ගැළපෙන්නේ නැති කාරණයක් කියලා දැන් තේරෙනවනේ. මට කියන්න ඕනේ කළේ, නැකැත් ගැන නෙමෙයි. මම පටන් ගත්තේ කියන්න සෙනසුරු ඒරාෂ්ඨකේ ගැන, එහෙම නේද? ඉතින් සෙනසුරු ඒරාෂ්ඨකේ මට ලබලා කියලා මගේ ඥාතින්, අම්මා, තාත්තා කියන්න ගත්තා. ඒ කියන්නේ, එහෙම ලැබුවාම කරන මෙලෝ වැඩක් හරියන්නේ නැතිලු, කම්මැලි කරනවාලු. ඒ කතාබහේ වාසිය, මං මටම හරවා ගත්තා. ඒ නිසා මට නිකන් ඉඳීමෙන් එක්කරා දුරකට ගැලවිලා ඉන්න චාන්ස් එකක් ආවා. මම දන්නවා මට මේ විධිහට වෙලා තියෙන්නේ මොන මොන හේතු සාධක උඩද කියලා. ඒත්, මම හිතන්නේ ඔයාලාට වැඩක් නෑ, ඒවා ගැන ප්‍රකාශ කරන එක. මොකක්ද මම මේ කිය කියා උන්නේ. හරි, හරි, කලාකාරයො ගැනනේ. ඔව්, හරියටම හරි. ඉතින් ඔන්න ඔහොම මම කාලය ගත කරන අතර වාරයේ, හැමදාම අපේ ගෙදරට ඇවිල්ලා බුරනවා බල්ලෙක්. බල්ලෙක් කිව්වාට මු අමුතුම බල්ලෙක්. හරිම උස මහතයි, මං වගේම. රූපය හරියට සෙල්ලම් බල්ලෙක්ට සමානයි. මම මුලින්ම වත්තට ආපු ගමන් මේකාව එලවලා දැම්මා. මොකද මළ කරදරේ. ඌ ජරා කරන්නේ අපේ වත්තේ. ලෙහෙසියට බල්ලාගේ අයිතිකාරයා ඌට ජරාකරන්න ඕනේ වුණාම ලිහනවා. ඌ ගිහිල්ලා කොහේ හරි අනුන්ගේ වත්තක ජරා කරනවා. හැමෝම බලන්නේ තමන්ගේ ලේසිය, පහසුව. හරියට තමන්ගේ අපද්‍රව්‍ය කොහේහරි ගෙයක් අද්දරට විසිකරලා ඇඟ බේරා ගන්නවා වගේ, අසික්කිත ක්‍රියා පිළිවෙත. ඉතින්, මේ බල්ලාව මම මුලින්ම දඩ ගලක් ගහලා එලෙව්වා. ඌ, බව් බව් කියලා කෑ ගහගෙන තමන්ගේ ගෙදරට දුවන එක තමයි ආපහු කරන්නේ. මේ ගෙදර තියෙන්නේ අපේ ගෙදරට ගෙවල් හත අටක් ඈත. මේ මිනිස්සු ළඟදි තමයි මෙහාට පදිංචියට ආවේ. ආරියවති නැන්දලාගේ ඉඩම තමයි උන් සල්ලිවලට ගත්තේ. වත්තේ ගේ හදන්න ඉස්සෙල්ලා බැන්දේ ලයිට් කණුවක් තරම් උසට ලොකු තාප්පයක්. ඒ නිසා වත්ත ඇතුළෙ මොනවා වෙනවාද, කවුරු ගෙදර ඉන්නවාද, කියලා අහල පහළ කිසිම එකෙකුට හාන්කවිසියක්වත් දැන ගන්න නැතිවුණා. ඒත්, මේ බල්ලා මගෙන් ගුටි කලා යනකොට මේ ගෙදර අම්මණ්ඩි පරණ ග්‍රැමෆෝන් තැටියක් ප්ලේ කරනවා වගේ, හයියෙන් ඉංග්‍රීසියෙන් මෙනවාද කියලා කෑ ගහනවා ඇහෙනවා. ඇත්තටම ඒ වචන මොනවාද කියලා කියන්න මට අමාරුයි. ප්‍රංශ වගේ, උච්චාරණය වෙනස්. ඉතින් කොච්චර ගැහුවත් මේ බල්ලා හැමදාම රිංගන්නේ අපේ වත්තටමයි. මොකද, අපේ වත්ත විශාලයි. ගහ කොළ, පඳූරු හැම තැනම. වැටක්, ගේට්ටුවක් හරියකට නෑ. ඕන හොර හතුරෙකුට ඇවිල්ලා, ඕන ඕන සෙල්ලමක් දාලා යන්න හයිය හත්තියක් අපේ වත්තේ තියනවා. මෙහෙම දිගටම බල්ලාට ගහනකොට මට හිතුණා, ඒක කරනඑක හරි නෑ කියලා. මොකද, ඌ බල්ලෙක්. මම මනුෂ්‍යයෙක්. ඉතින්, මම ඊට පස්සේ ඌ දිහා බලන් ඉන්න ගත්තා. ඌ වත්තට එන හැටි, ඌ පිට වෙලා යන හැටි, උගේ චරියාව හොදට නිරීක්ෂණය කරන්න ගත්තා. මම මගේ මොබයිල් ෆෝන් එකෙන්, උගේ ෆෝටො ගන්න පුරුදු වුණා. මේ ෆෝටො දවසක් මම මගේ ෆේස් බුක් එකට අප්ලෝඩ් කළා. යාළුවෝ රොත්ත බුරුත්තම මට අමුතු අමුතු කමෙන්ට් දාලා තිබුණා. මායි බල්ලාගෙයි රූපය එක සමානයි කියලා. තව එකෙක් අහලා තිබුණා අයියාද, මල්ලිද, පුතාද කියලා. තවත් එකෙක් දලා තිබුණා මගේ ගේ පාර්ට්නර්ද කියලා. තව අය දාලා තිබුණා, උඹට බල්ලෙක් හරි බැල්ලියක් හරි තමයි කවදා හරි කසාද බැඳගන්න වෙන්නේ කියලා, මොකද මනුස්සයෝ කැමති නැති නිසා කියලා. ඉතින්, එක එක කමෙන්ට්ස් එන නිසා, මම එක එක ඈන්ගල්ස් වලින් බල්ලාගේ ෆෝටොස් අප්ලෝඩ් කරන්න පටන් ගත්තා. මට කියන්න අමතක වුණානේ, මේ බල්ලාගේ නම ස්මිත්. හරියට ඉංග්‍රිසි ආණ්ඩුකාරයෙකුගේ නමක් වගේ. ශුද්ධ සිංහලෙන් සුමිත් කියලාත් කියන්න පුළුවන්. ඉතින්, මම ඌට විවිධ වර්ගයේ කෑම ජාති ගෙනත් දෙන්න පුරුදු වුණා. මොකද, ඌ මගේ ෆොටෝස් වලට පෙනී ඉන්න නිසා, නිරුපණ සත්වයකු හැටියට. ක්‍රම ක්‍රමයෙන් ඌ මගේ කාමරයට එන්නත් පටන් ගත්තා. මේ නිසා උගේ විවිධ ඈන්ගල්ස් වලින් ඇස්, කට, ඇඟ, කකුල්, හොම්බ හැම අවයවයක්ම ඩීටෙල් බයි ඩීටෙල් ෆෝටොස් අරගත්තා. මෙහෙම ඉන්නකොට මට හිතුණා මේ බල්ලා විධිහට කොස්ටියුම් එකක් නිර්මාණය කරන්න ඕනේ කියලා. මං ගාව තියෙන බල්ලාගේ ෆෝටොස් කලෙක්ෂන් එක, මට ඒකට බොහොම උපකාරි වුණා. මම දවස පුරා වීදී ගාණේ සැරිසරලා අවශ්‍ය වන රෙදි වර්ග මිලදි ගත්තා යාළුවෙකුට ණය වෙලා. ඊට පස්සේ සති ගාණක් ගත කරලා බල්ලා විදිහටම කොස්ටියුම් එක හැදුවා. ඉතින්, අවසානයේ මම කොස්ටියුම් එක ඇඳ ගත්තා. ඇඳගෙන දවසක් මේ බල්ලා එනකොට ඉස්සරහට ගියා. ඔයාලාට කියන්න මාර ඇබැද්දියක් වුණේ. මේ බල්ලා මගේ ඇඟට කඩා පැන්නෙ නැතැයි එක පාරටම. ඌ මාව හපා කන්න එළවාගෙන ආවා. ශිල්ප දන්න නිසා වේලාවට බේරුණා. නැත්නම් ඉතින් ආණ්ඩුවෙන් ගුටි කෑවා වගේ, අතක් පයක් අහිමි කරගෙන ඉන්න තිබුණා. මගේ ඊළඟ ප්‍රොජෙට් එක වුණේ මේකයි. අර බල්ලා ස්මිත් වෙනුවට අර ගෙදරට ගිහිල්ලා බලන එකයි. මම ඒකට ප්ලෑන් එකක් ගැහුවා. මට සිහි නැතිවෙන්න දෙන ඉන්ජෙක්ෂන් එකක් හොයා ගන්න සති ගාණක් මහන්සි වෙන්න වුණා. අවසානයේ මෙඩිකල් ෆැකල්ටි එකේ යාළුවෙක් මාර්ගයෙන් ඒක හොයා ගත්තා. ඊට පස්සේ මම කළේ, බල්ලා අපේ ගෙදර ආපු ගමන්, සිහි නැති වෙන්න ඉන්ජෙක්ෂන් එක ඌට ගහපු එකයි. බල්ලෙකුට ඉන්ජෙක්ෂන් ගහන එක ලේසි වැඩක් වුණේ නෑ, මිනිහෙකුට කටුවකින් ඇනලාවත් අත්දැකිම් නැති මට. බල්ලා කුලප්පු වෙන්න ගත්තා. මම කළේ ඇඳන් රෙද්දෙන් උගේ හොම්බ තද කරලා අල්ලා ගත්තු එක. ඉතින් ඔන්න බල්ලා සිහි නැති වෙලා වැටුණා. පැය දොළහකින් කියලා තමයි කිව්වේ ආයේ සිහිය එන්නේ. ඊට පස්සේ මම කළේ, මගේ කොස්ටියුම් එක ඇඳගෙන ස්මිත් බල්ලා වගේ, ඌගේ ගෙදරට යන්න පිටත්වුණු එක. කොයි තරම් රංගනයෙන් කෙරුවාවල් දාලා තිබුණත්, මාව ගැහෙන්න ගත්තා, ඒ ගෙදර ගේට්ටුව ළඟට ළං වෙනකොට මට හිතුණා ආපහු හැරිලා ගෙදර යන්නත්. මොකද මාව ගඩ ගඩ ගාලා ගැහෙනවා. ඒත්, වැඩේ කියන්නේ මං ඈත එනවා දැක්ක ගමන්, ගෙදර අම්මණ්ඩි බෙල්ලටම බෙල්ට් එකක් දාලා, මාව ගෙදරටම ඇදලා ගත්තා. බෙල්ලට තොණ්ඩුව වැටුණා වගේ මාව හිර වුණා. උගුර අම්බානක තද වෙලා, පිස්සුද ඕයි, කියලා මට ඇහෙන්නත් ගියා. ඒත් මට ටක් ගාලා මතක් වුණා දැන් මම රංගනයක් කරන්නේ කියලා. ඉතින් මේ ගෑනිි මාව ගේ ඇතුළට අරගෙන ගේට්ටුව වැහුවා. ඊට පස්සේ හරිම අපුරු සිදුවීම් මාලාවක් තමයි සිද්ධවුණේ, මං එකින් එක තමුන්නාන්සේලාට විස්තර කරන්නම්, සාවදානයෙන් අහගෙන ඉන්න ඕනේ. මං ගේ ඇතුළට ගියා විතරයි ලස්සන කෙල්ලෙක් ඉස්සරහාට ආවා. හරියට මම බලපු ෆිල්ම් එකක හිටිය කෙල්ලෙක්ට සමානයි හැමදේම. හැමදේම කිව්වේ පියයුරු, තොල්, කළවා, මුහුණ, බඩ, අත්, ශරිරියේ හැඩ ආදි හැම දෙයක්ම. මේකිව දැක්කා විතරයි මගේ හැඟිම් සසළ වුණා. ඒකි එකපාරටම මං ළඟට ඇවිල්ලා කිස් එකක් දුන්නා. දීලා ඇහුවා, හවු ඊස් යුවර් ප්‍රොබ්ලම්ස් කියලා. මං තක්බීරී වුණා. එතකොට ආයේ මගෙන් ඇහුවා, මොකද, උඹ අද එක විධිහක්, ඇයි දොට්ට පහළට යන්න බැරි වුණාද කියලා. එතකොට මට හිතුණා ටිකක් බුරලා උත්තර දෙන්න ඕනේ කියලා. ඒත් එක පාරටම මට හිතුණා, කවදාවත් බුරලා එක්ස්පිරියන්ස් නැති මට, බුරන්න ගිහිල්ලා වැඩේ මාට්ටු වුණොත්, නාගෙන තමයි යන්න වෙන්නේ කියලා. මේ වැඩේ මාට්ටු වුණොත් වර්ල්ඩ් වයිඩ් නිවුස් එකක් වෙලා මාව නැති වෙනවා. සියදිවි තමා නසා ගන්න වෙන්නේ. ඒ නිසා මම කිසිම ඇක්ෂන් එකක් දැම්මේ නෑ. කෙල්ල එතකොට මං ගාවට ඇවිල්ලා මෙහෙම කිව්වා. ආයු ඇන්ග්‍රි විත් මී? තරහාද පැටියෝ උඹ මාත් එක්කලා. අනේ මගේ සුදු පැටියා, අපිට මේ දවස් වල අමාරුකම් ගොඩාක් තියෙනවා. උඹට ඉස්සර වගේ මස් ගාත, මාළු කූරි, දෙන්න විධිහක් නැති වෙයි. අපේ ඩැඩී මාස එකහමාරක් කිසිම සල්ලියක් අපිට එව්වේ නෑ. මම කෝල් කළාට ආන්සර් කරන්නෙත් නෑ. මම දවසක් ගියා ඩැඩීලාගෙ ගෙදර. ඩැඩීගේ දැන් ඉන්න එක්කෙනා මගේ මුණ දිහාවත් හැරිලා බැලුවේ නෑ. මම එයාගෙන් සල්ලි ඉල්ලුවාම කිව්වේ, එයාලාට බොහෝම කරදරයි කියලා. ඩැඩීට කරදරයක් වෙලා අත්අඩංගුවට අරගෙන කියලා. රක්ෂිත බන්ධනාගාර ගතකරලා කියලා. තමන්ගේ වැඩ කටයුතු ඉස්සරහාට තමන්ම බලා ගත්තොත් හොඳයි කියලා මට පාර්ට් එකක් දාලා ගියා බං. මේකි මාව බදාගෙන දිගටම ස්ටෝරිය දොඩන්න ගත්තා. මමත් ඔහේ කිසිම ඇක්ෂන් එකක් නැතුව අහගෙන හිටියා. හරි, මම කොටින්ම කියන්නම්කො, මේ ගෙදර කතන්දරය. මේ ගෙදර මිනිහාට, ඒ කියන්නේ අර කෙල්ලගේ තාත්තාට පවුල් කිහිපයක්ම ඉන්නවා. ඒ කියන්නේ ගෑණු හතර දෙනෙක් බැඳලා, උන්ගෙන් ළමයි එකොළොස් දෙනෙක් ඉන්නවා. ඒත්, මේ කෙල්ලගේ අම්මාට ඉන්නේ, මේ කෙල්ල විතරයි. මේ කෙල්ලගේ නම තමයි විශ්මා. ඒක මම බොහෝම අමාරුවෙන් හොයා ගත්තා එදාම. ඉතින් මාර වැඩේ, මට මුළු රාත්‍රියම මේ ගෙදර ඉන්න වුණා. මං අපේ ගෙදරට කියලත් නෙමේ පිටත් වුණේ. අපේ ගෙදර කලබල වෙලා හොයනවා ඇති. ආයේ යන්න වෙන්නේ හෙට තමයි. එතකොට අම්මා ෂුවර් එකටම පොලිසියට පැමිණිල්ලක් දාලා තියේවි. මළ කෙළියයි එහෙම වුණොත් එහෙම. මගේ කාමරේ ඇඳ යට බල්ලෙක් සහිසුන්ව ඉන්නවා. ඒකෙන් මේ ගේම් එක මාට්ටු වෙන්න ඉඩකඩ වැඩියි. එහෙම වුණොත්, හතර වටේම සවුත්තු වෙලා හිරේ ලගින්න තමයි වෙන්නේ, මං කල්පනා කළා. හොඳම විධියක් මට කල්පනා වුණා. මම කළේ කෙල්ලගේ මොබයිල් එක අරගෙන උඩතට්ටුවට යන්න ට්‍රයි කරපු එක. වේලාව කියන්නේ මේක දැක්කානේ මහ ගෑනි. ඒකි එකපාරටම එතනට කඩා පැනලා මොබයිල් එක උදුරා ගත්තා. මේ විසේකාරයාගෙන් දැන් මොනවාත් බේරා ගන්න බෑනේ. දුවේ ඔන්න ඔයාගේ මොබයිල් එක අරගන. ළමයෝ විශ්මා. අනේ ඌට බනින්න එපා අම්මි කියලා කෙල්ල ෆෝන් එක ගත්තා. මාර වැඩේ, දැන් මොකද කරන්නේ. කමක් නෑ, වෙන දෙයක් වෙන්නේ නැතැයි කියලා, මම හිත හදා ගත්තා. ඔන්න ඉතින් රාත්‍රී කෑම කන්න අම්මායි දුවයි සෙට්වුණා. මේ වේලාවේ මට ආයෙත් චාන්ස් එකක් ආවා. මාර වැඩේ කියන්නේ මොබයිල් එක කෑම මේසේ උඩ. දැන් මොකද කරන්නේ. මම කරපු වැඩේ හෙමිහිට වයර්ලස් ලෑන්ඩ් ෆෝන් එක ගාවට යන්න කිට්ටු වුණා. මේ වේලාවේ දෙන්නා කෑමගැන කතාවකයි හිටියේ. හෙමිහිට මම ෆෝන්එක ඉස්තොප්පුවටම අරගෙන ගිහිල්ලා, අපේ ගෙදර නම්බර් එක ඩයල් කළා. කෙහෙල්මල කියන්නේ අපේ ගෙදර ෆෝන් එක උස්සන්න සෑහෙන වෙලාවක් යනවා. රින්ග්ස් ඉවර වෙන්න කිට්ටුවදි තමා ෆෝන් එක ආන්සර් කරන්නේ. වේලාවට අම්මා ගත්තා. මං අද ගෙදර එන්නේ නෑ, හෙට එන්නේ කියලා, හීමිට කිව්වා විතරයි, මහ අම්මණ්ඩි එතනට පාත් වුණා. යකෝ මූට ටෙලිෆෝන් පිස්සුවක් ගහලානෙ. කලින් මොබයිල් එක, දැන් ලෑන්ඩ් ෆෝන් එක. මං මේ සද්දයක් නැති නිසා බලන්න ආවේ කියලා, ෆෝන් එක අතට ගත්තා. විශ්මා හයියෙන් හිනාවෙන්න ගත්තා. මං හිතන්නේ කවුරු හරි බැල්ලියෙකුගේ නම්බර් එකක් හොයාගෙනද දන්නේ නෑ කියලා, ඒකි කිව්වා. ඒක කියන්න බෑ, කියලා මහ අම්මණ්ඩිත් කිවිවා. වේලාවට වැඩේ මාට්ටු වුණේ නෑ. මට කන්න අඬ ගැහුවා. මම දැක්කා අම්මායි දුවයි දෙන්නාම කන්න ඉස්සර වෙලා පොඩි ෂොට් එකක් දානවා. මේ වගේ සංස්කෘතියක් මං ජීවිතේ දැක්ක පළමුවෙනි වතාව හැබැහින්. ඉතින් මගේ කටටත් කෙළ ඉනුවා. යාළුවො එක්ක ෂොට් එකක් දාපු කාලයක් මතක නෑ. මං හිතා ගත්තා දෙන්නා නින්දට ගියාට පස්සේ රෑ වෙලා ඕකෙන් හොරෙන්ම ෂොට් එකක් දාන්න. මෙන්න බොලේ වැඩක්. ඒ එක්කම මටත් ලොකු බෝල් එකකට දාලා විස්කි ටිකක් විශ්මා දික් කළා. මං දන්නේ නෑ, දැන් මම මොකක් කරන්නද කියලා. මම විස්කි බෝල් එක ගාවට ගිහිල්ලා වට පිට බැලුවා. ඇයි උඹට අද බොන්න ලැජ්ජාද, කියලා විශ්මා ඇහුවා. බිපන්, බීපන්, කියලා දිගටම කියන්න ගත්තා. ඒත් මට බයිට් එකක් නැතුව කිසිම ඇල්කොහොල් එකක් පුරුදු නෑ. උගුරට එනවා. ඉතින්, මම බල්ලෙක් බොනවා වගේ විස්කි ටිකක් පානය කළා, බොහොම අමාරුවෙන්. ඇත්තටම විස්කි කෝප්පෙන් පස්සේ මට වැදුණා. මට හිතුණා කියන්න, මම උඹලාගේ බල්ලා නෙමේ යකෝ කියලා. ඒත්, ඒ අදහස මම අමාරුවෙන් යටපත් කර ගත්තා. ඔන්න අහගන්න ඊට පස්සේ සිද්ධ වුණේ මහ අමුතු දෙයක්. මේ කෙල්ල මාව කාමරයකට එක්ක ගියා. එයා ඇඳගෙන හිටියේ දුහුල් රෙද්දෙන් මහපු සිල්ක් නයිටි එකක්. ඩිම් වෙච්ච ලයිට් එළියට ෆිල්ම් එකක සීන් එකක්ද කියලාත් මට හිතුණා. විශ්මා මාව තුරුල් කරගෙන මගේ ඔලුව පිරිමදින්න ගත්තා. හරිම රස්නෙයි බං. මට වේලාවකට හිතෙනවා මේ දොරවල් ජනෙල් ඇරලා දාන්න කියලා. මේ, ඒසී එකට මාර කරන්ට් බිලක් යන්නේ. අපිට ඉස්සරහාට උදාවෙන කාලය බොහොම දුෂ්කරයි. ඉස්සර වගේ උඹට දෙන්න සැප, අපි ගාව නැති වෙයි පැටියෝ කියලා මගේ ඇඟම ඉඹින්න ගත්තා. මාත් විශ්මාගේ ඇඟට හොඳට තුරුල්වුණා. උඹ හරිම අමුතුයි කියලා ඒකි කිව්වා. මං හිතන්නේ අද මම උඹට වැඩියෙන් විස්කි වක්කරන්න ඇති. එහෙම කිවුවාම මම තවත් මේකිට තුරුල්වුණා, හොඳටම. ම්, අහකට පලයන්. උඹ පෙර කරපු කුසල කර්මයක් හින්දා තමයි මෙහෙම සැප විඳින්න හම්බ වෙන්නේ. එහෙම නැත්නම් කොල්ලෙකුටවත් ලැබෙන චාන්ස් එකක් නෙමෙයි මේක. මාත් එක්ක තුරුල්වෙන්න කොල්ලො කී දෙනෙක් ට්‍රයි කරනවා කියලාද, උඹ හිතන්නේ. මට ෆ්‍රෙන්ඩ්ස් රික්වෙස්ට්ම ෆේස් බුක් එකේ තියනවා තුන්දාහකට එහා පැත්තේ. ම්, මගේ හොඳ පැටියා මාව ටිකක් ලෙව කාපන්කො, විශ්මා කිව්වා. මම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක ක්‍රියාවට නැංවුවා. මොකද අද උඹට වෙලා තියෙන්නේ, විශ්මා දඟලන්න ගත්තා. මං අමතක කළේ නෑ මම බල්ලෙක්ගේ චරිතයක් රඟපාන වගත්. ඒත්, මේ වගේ අවස්ථාවක් පැහැර අරින්නේ කොහොමද?. මං මගේ ක්‍රියේටිව් මනස යොදවලා කල්පනා කළා. හරි, මට මතක් වුණා, ගෙම්බාට කිස් එකක් දුන්න රාජ කුමාරිගේ කතාව. මං හිතුවා, ඒ කතාවේ හැටියට සියලුම සිද්ධි කරගෙන යන්න ඕනේ කියලා. මම විශ්මා කියන කියන විධියට බල්ලෙක් වගේ හැසිරුණා. කෙල්ල සුරතාන්තයට පත්වෙන්න කිට්ටු වෙනවාත් සමගම මම මනුෂ්‍යයෙක් විධිහට හැසිරෙන්න ගත්තා. අවසානයේ මං කතා කළා. විශ්මා, මං ඔයාට ආදරෙයි. මං මෙච්චරකල් බල්ලෙක් වෙලා හිටියේ, මට සාපයක් පළිසන් දුන්න නිසායි. අද ඒ සාපය නැති වුණා. අමාවක දවසක කෙල්ලක් එක්ක හිටියාම ඒ සාපය නැති වෙනවා. කෑ ගහන්න දෙයක් නෑ. කෑ ගැහුවොත් මම ආයෙත් අර බල්ලා වේවි. ඒ බල්ලා ඔයාව හපා කලා කීිතු කීිතු කරාවි කියලා කිව්වා. මාර වැඩේ කියන්නේ, මම කියන හැම දෙයක්ම කෙල්ල විශ්වාස කළා. ඊට පස්සේ අපි දෙන්නා ඇඳ උඩ වාඩිවෙලා, තුරුල් වෙලා කතා කරන්න ගත්තා. විස්කිවලට අපි දෙන්නම හොඳටට වැදිලා හිටියේ. විශ්මා මට කිව්වා එයාට ඒ වෙනකොට කොල්ලෙක් ඉන්නවා කියලා. එයා ළඟදිම විශ්මා බඳින්න බලාපොරොත්තු වෙනවා කියලා. මං ඇහුවා, ඔයා කැමති අවුරුදු ගාණක් හැමදාම ඔයාත් එක්ක උන්නු බල්ලාටද? නැත්නම් ඒ කොල්ලාටද කියලා. විශ්මා කිව්වා ඒ කොල්ලා ගෙදර එනකොට මං ඇඟට පැනලා හපා කන්න හදන්නේ ඇයි කියලා දැන් තේරෙනවා කියලා. මම කිව්වා ඒ එක්කම, මම විශ්මාට ආදරේ කරන්න පටන් ගත්තේ මේ ගෙදරට මාව ගෙනාව දවසේ ඉඳලා කියලා. අපි දෙන්නා එකට කොයි තරම් රාත්‍රී ගතකරලා තියනවාද කියලා. ඔයාව වෙන කාටවත් අයිති වෙන්න මම ඉඩ දෙන්නේ නෑ කියලා, මම දැඩිව කිවිවා. ඔව්, අපි දෙන්නා බඳිමු කියලා විශ්මා මාව සිප වැළඳ ගත්තා. මමත් හිතේ හිරවෙලා තබුණු ආශාවන්ට නිදැල්ලේ අවධිවෙන්න ඉඩ දුන්නා. අවසානයේ මහන්සියටත් එක්ක විශ්මාට හොඳටම නින්ද ගියා. වේලාව පාන්දර පහයි. තව ටිකකින් එළිය වැටෙනවා. මම ඉක්මණට කාමරයෙන් පිටවෙලා පිටුපස්ස දොරින් ගෙයින් එළියට ගියා, හිමින් සැරේ. ඊට පස්සේ අමාරුවෙන් උස තාප්පෙට නැගලා අනිත් පැත්තට පැන්නා. පැන්න වේගෙට මගෙ කකුලත් උලුක් වුණා. ඒ එක්කම කොහේදෝ යන වල් බල්ලො සෙට් එකක් බුරන්න ගත්තා. පාන්දර පිරිත් දාලා තියන ගෙවල් වලින්, ලයිට් පත්තු වෙන්න ගත්තා. මං පඳුරු කිහිපයකට මුවා වෙලා, ටික වේලාවක් බලා උන්නා. ඊට පස්සේ මුවා වෙමින් අපේ ගෙදර කිට්ටුවට ආවා. වැඩේ කියන්නේ මේ බලු කිට් එක පිටින් අම්මාට කතා කරන්නත් බෑ. ගේ ඇතුළට යන්න විධියක් හෙව්වා. වේලාවට වැලේ හෝදපු කොට කලිසමකුයි, බැනියමකුයි දාලා තිබුණා. මම ඒක ඇඳගෙන අම්මාට කතා කළා. මොන ගුබ්බෑයමක රිංගන්න ගියාද යකෝ කියලා, අම්මා දොර ඇරියා. මම ගේ ඇතුළට ගිහිල්ලා ආපහු ඇවිල්ලා, ගහ යට ගලවලා දාපු බල්ලාගේ කොස්ටියුම් එක, ඉක්මණට ඇඳ යටට දාන ගමන්, ඇඳ යට සිහි සුන්ව ඉන්න බල්ලා ඇදලා ගත්තා. දැන් යාන්තමට එළිය වැටීගෙනයි එන්නේ. මම බල්ලාව කරට ගත්තා. තඩි ගොන් හරකෙක් වගේ මේකා බරයි, පිනට කාලාම. ඊට පස්සේ මම ළිඳ ගාවට ගිහින්, කඹේ ගලවා ගත්තා. බොහොම අමාරුවෙන් බල්ලාවයි කඹයයි අරගෙන ගස් අස්සෙන් මුවා වෙලා, විශ්මාලාගේ ගෙදර වත්ත පිටිපස්සේ තාප්පයට නගින්න උත්සාහ කළා. දැන් එළිය වැටෙන්න ඔන්න මෙන්න. කුරුල්ලො කීචී බීචී කියලා කෑ ගහනවා. ඈත වාහනවල හඬත් ඇහෙනවා. මම බොහොම අමාරුවෙන් මේ බලු තඩියාව ගැට ගහලා, අර තාප්පේ උඩට නැග්ගා. ෂිට්, ඒකේ පැත්තක බෝතල් කටු ගහලා. මගේ කකුලේ පදාසයක් කැපිලා ලේ ගලන්න ගත්තා. ඒත්, මම හිතට දිරිය ගත්තා, දිරිය මව වගේ. තාප්පයේ උඩ අමාරුවෙන් ඉඳගෙන බල්ලාව කඹෙන් ඉහළට ඇද්දා. ඉට පස්සේ ඌව පහලට බෑවා. වැඩේ කියන්නේ බල්ලා පහළට බෑවාට පස්සේ, කඹේ ගැටේ බුරුල් කරගන්න විධිහක් නෑ. කඹේ දාලා යන්නත් බෑ, ළිඳේ කඹේ. බල්ලාව ආයිත් උඩට ඉස්සුවා. කලු ගලක් ඉහළට අදිනවා වගේ මහන්සියක් මට දැනුණා. මම ජිවිතේට මෙහෙම බර වැඩක් කරලා නෑ. ඊට පස්සේ කඹේ ගැටේ බල්ලාගෙන් ගැලෙව්වා. ඊට පස්සේ කළේ, පරිස්සමට ඌව බිමට අත ඇරපු එක. බල්ලා බිමට වැටෙනවාත් එක්කම ඌට සිහිය ආවා. ඌ කෑගහලා බුරන්න ගත්තා. මමත් කලබල වෙලා තාප්පෙන් බිමට පැන්නා. මගේ කකුලේ උලුක්කුව දෙගුණ තෙගුණ වුණා. තාමත් ඒ උලුක්කුවයි බෝතල් කටුවට කැපුණ එකයි හොඳ නෑ. ඊට පස්සේ සිද්ධවුණේ, මම ජීවිතේට නොහිතපු දෙයක්. මං ඒකත් කියන්නම්. විශ්මා එදා වුණ සේරම දේවල් අම්මාට කියලා. ඒකි බල්ලාව කසාද බඳින්න ඕනේ කියලා හඬා වැලපෙන්න ගත්තා. කෙල්ලගේ අම්මා දැන් කෙල්ලට පිස්සු කියලා ට්‍රීට් කරනවා. බල්ලාටත් පිස්සු කියලා ඌත් කූඩුවක දාලයි ඉන්නේ. ඒ විතරක් නෙමේ, කෙල්ල ප්‍රෙග්නන්ට්වෙලා. හරි වැඩේ. මම මේ කල්පනා කරන්නේ ඊළඟට කරන්නේ මොකක්ද කියලා. මේ කතාව තමුන්නාන්සේලාට කීමේ බලාපොරොත්තුවත් ඒකයි. මට ඇත්තටම දැන් කරන්න තියන හොඳම දේ මොකක්ද? ඔබේ උපදෙස් අවශ්‍යයි. කරුණාකරලා ෆේස් බුක් එකට ටෙක්ස්ට් කරන්න.

(අවසන් සංගීතය)

මාලක දේවප්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails