Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රියෝ දි ජැනෙයිරෝ හි ආකහේ
අඩසඳ පායා තිබිණිදැයි නොදනිමි
රත්හිරු රන්වන් පාටින් දිලිහුණි
කැමරා කාචයක එකම කඳුළක් හෝ නොරැඳී
ගාසාz හි බෝම්බ පිපිරුණි

අපි
ලෝක පාපන්දු කුසලානය අභියස
ඔල්වරසන් නැඟුවෙමු
එපමණකි.

ගාසාz හි ගෲෂාවන් ගේ තුණුවිල
කිරෙන් බර වී තිබිණිදැයි නොදනිමි
කිරිකැටියන් සදාකාලික නින්දේ සැතපිණි
අපි
සව්දිය පුරනාතරතුර
උන්ගේ හීනය ට බෝම්බ ගැසූ බව
පුවත්පත කොණක - නොපෙනෙන්නට ලියා තිබුණි
ලෙයින් පෙඟුණු මහපොළොව
කෑ ගසා හඬන හඬ
ඔල්වරසන් හඬින් යටපත් විය

කුසලානය
රතු වයින් සහ බීර වලින් නැහැවිණි
එපමණකි.

"මියෑදුණු සිහින මල් පොකුර",
සමාවක් දිය හැකි ද
අපට?

[ඡායාරූපය- Reuters]

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails