Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බ්ලැක් බොක්ස් නාට්‍ය උළෙල (නූතන ජර්මානු යොවුන් නාට්‍ය නිෂ්පාදන), 2014 අගෝස්තු 27, 28 හා 29 යන දින වල පවැත්වෙයි. ඩී.කේ. ආටිගලගේ "ඔබ සහ මම", ශාමික දිල්ශාන්ගේ "කැට් ඇන්ඩ් ප්‍රෙඩා" සමග රෙජි චන්දිමගේ "බොක්සර්", යන නාට්‍ය ත්‍රිත්වය මෙම නාට්‍ය දැක්මේදී වේදිකා ගත වේ.

මහජන දැක්ම- සවස 3.30 සහ 7.00 ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී.

(එක් දර්ශනයක් සඳහා ඇතුල්කිරීම 100 දෙනෙකු පමණයි. ප්‍රවේශපත්‍ර ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ලබා ගත හැක.)

BLACK BOX THEATRE FESTIVAL-
MODERN GERMAN YOUTH THEATRE PRODUCTION
[Sinhala Version]
Venue- Goethe Hall,
German Cultural Center - Colombo-07
Date- Public Premiere :
27,28,29 Aug. 2014
Time- 3.30, 7.00 P.M.

"ඉන්ටර් ඇක්ට් ආර්ට්" කණ්ඩායමෙන් Blak Box Theater පිළිබඳ හැඳින්වීමක්-

ලංකාව තුල තිබෙන රාමු වේදිකාව අතික්‍රමණය කිරීමක් ලෙස මෙය දැක්විය හැක. මෙම ක්‍රමය මින් පෙර ලංකාව තුළ භාවිතා කර නැත. ලොව පුරා නිර්මාණකරුවන් රාමු වේදිකාවෙන් එහාට තම නිර්මාණ එළි දක්වමින් Blak Box Theater සංකල්පය සොයා ගෙන ඇත. මෙහි සාම්ප්‍රදායික නළුවා හා ප්‍රේක්ෂාගාරය අතර අවකාශයක් නැත. රංගය සිදුවන්නේ ඉතා ආසන්නයේය. නිර්මාණය ප්‍රබලය. ප්‍රේක්ෂකයා ඉතා අවධානයෙන් සිටියි. එසේම රඟහල ඕනෑම ලෙස නාට්‍යකරුවාට අවශ්‍ය ලෙස භාවිතා කල හැකිය. අකෘතික වෙනස්කම් විශාල ලෙස කල හැකිය.

මෙම පසුබිම තුළ මෙම ක්‍රමවේදය ලංකාව තුළභාවිතා කරන පලමු නාට්‍ය කණ්ඩායම 'ඉන්ටර් ඇක්ට් ආර්ට් කණ්ඩායමේ' අපයි. මෙම සංකල්පය මෙරටට න්‍යායිකව හා ප්‍රායෝගිකව හඳුන්වාදුන්නේ අපය. ඒ සඳහා වැඩමුළු කලෙමු. නිර්මාණ කලෙමු. බ්ලැක් බොක්ස් රඟහලක් පවත්වා ගෙන යන්නේමු. අප විසින් පසුගිය වසර කිහිපය තුල ඉදිරිපත් කල 'බීනීට ඇත්තෙන්ම ඕනේ', 'හිස් අවකාශයේ පුටුව අරන්', 'කේජ්', 'මේ අලියට ගෙයක් ඕනේ', 'එල්ෆී', 'පොම්පීනියා', 'ක්‍රීප්ස්' ආදි නාට්‍ය රඟ දැක්වීම නැරඹීමට පැමිණි නාට්‍යකරුවන් හා විද්‍යාර්ථීන් ආදි සියලුම දෙනා පවසන්නේ මෙම ක්‍රමය රංගකලාවේ නව ප්‍රවේශයක් බවයි. මෙම පසුබිම තුල බ්ලැක් බොක්ස් රංග කලාව ලාංකීය වේදිකා නාට්‍ය කලාවේ නව හැරවුම් ලක්ෂයක් ලෙස හැඳින්විය හැකිය.

මෙය තවත් තහවුරු කිරීමට 'බ්ලැක් බොක්ස්' නාට්‍ය උළෙලක් දෙවන වරට ද ඉදිරිපත් කෙරේ. මෙම දර්ශන පෙන්වන්නේ උපරිම ප්‍රේක්ෂාගාරය 100 දෙනෙකු සඳහාය. මෙහි සම්මත රංග ශාලාවක් නැත. සාම්ප්‍රදායික රංගයක් නැත. ආකෘතිමය වශයෙන් විශාල වෙනස්කම් ප්‍රමාණයක් ඇත. එය නැරඹීමෙන් තහවුරුකර ගත යුතුව ඇත. කුඩා අවකාශයක් තුළ ප්‍රේක්ෂකයා සමීපයේ සිට ස්වභාවිකවාදී රංගයක් කිරීම ඉතා අපහසු කටයුත්තකි. රංග ක්‍රමය නැවුම්ය. ප්‍රබලය. අභියෝගාත්මකය. මේ සියල්ල තවමත් පර්යේෂණශිලි බවකින් යුත්තය. එසේම මෙම සියලු පිටපත් සඳහා ජාත්‍යන්තර අවසර සහිතව ඉදිරිපත් කරමු. සිංහල නාට්‍ය සඳහා ජාත්‍යන්තර අවසර ලබා ගත් අවස්ථාවන් ඉතා දුර්ලභය. අප එයටද මුලාරම්භය ලබා දුන්නෙමු. අර්ථකථන නැති, සමහරවිට නිෂ්පාදනය පවා නොවූ, නාට්‍ය කිරීම දුෂ්කර කාර්යයක් බව නාට්‍ය කරුවන් දන්නේය. අර්ථකථන ගැන්වීම, ආකෘති සැකසීම ඉතා බැරැරුම් කාර්යයකි. අභියෝගාත්මක කාර්යයකි. එසේ නමුත් මෙම සංකල්පය ටිකෙන් ටික නවකයන් භාවිතා කරනු දැන් දැන් දැකිය හැකිය. මෙයින් පෙනෙන්නේ ඉතා කෙටි කලක් තුළ මෙම සංකල්පය ස්ථාවර වූ බවයි. මෙය තවත් පුළුල් වනු ඇත. නිර්මාණ ප්‍රමාණය වැඩි වනු ඇත. එය අපගේ සතුටයි. මෙය එක් රැයකින් එළිවන සිහිනයක් නොවන බව අප ද දනිමු.

"ඉන්ටර් ඇක්ට් ආර්ට් කණ්ඩායම" පිළිබඳ හැඳින්වීමක්-

1990 වර්ෂයේදී ආරම්භ කරන ලද ඉන්ටර් ඇක්ට් ආර්ට් ආයතනය පසුගිය දශක දෙක හමාර තුළ විවිධ සංස්කෘතික කාර්යන්හි නියැලි ඇත. බහුවාර්ගික, බහු ආගමික සහ බහු භාෂා නාට්‍ය කණ්ඩායමක් වන ඉන්ටර් ඇක්ට් ආර්ට්, රංගනය සහ රංග කලාවට ප්‍රමුඛ ස්ථානයක් දී ඇති අතර සිංහල, දෙමළ සහ මුස්ලිම් අයගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මෙහයෙවනු ලබයි. ශ්‍රී ලංකාවේ අග නගරය වන ශ්‍රී ජයවර්ධනපුර පිහිටුවා ඇති අප මධ්‍යස්ථානය දකුණු ආසියාවේ බ්ලැක් බොක්ස් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන දෙවන රටයි. අප රටේ දැනට පවත්නා රංග කලාවට විකල්ප වශයෙන් ෆෝරම් තියටර් (සිංහල සහ දෙමළ), බ්ලැක් බොක්ස් තියටර් යන ක්‍රමවේදයන් හඳුන්වා දීමේ නියමුවන් ලෙස ඉන්ටර් ඇක්ට් ආර්ට් සැලකිය හැක. යොවුන් නිර්මාණකරුවන්, පාසල් ගුරුවරුන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ රට පුරා සංස්ථාපිත කලාවට ලැදි අය පුහුණු කිරීම අපගේ ඒකායන අරමුණ වේ. එසේම නූතන රංගකලාව හැරවුම් ලක්ෂයක් වෙත යොමු කළ ලංකාවේ පළමු හා එකම ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ සාඩම්බර හිමිකරුවන් වන අප සතුව රංගකලා ඇකඩමියක්, කුඩා රඟහලක්, පෞද්ගලික අංශයේ ආයතන හා සේවකයන් පුහුණු අංශයක්, නර්තන අංශයක්, නාට්‍ය නිෂ්පාදන අංශයක්, රංගකලාව පිළිබඳ ප්‍රකාශන අංශයක් ද සතුවේ.

ඉන්ටර් ඇක්ට් ආර්ට් කණ්ඩායම විසින් වාර්ෂිකව සංවිධානය කරන නාට්‍ය උළෙල තුනකි. ඒවා නම්,

1. බ්ලැක් බොක්ස් නාට්‍ය උළෙල
2. බ්ලැක් බොක්ස් කෙටි නාට්‍ය උළෙල
3. කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල


[-"ඉන්ටර් ඇක්ට් ආර්ට්" කණ්ඩායමේ පත්‍රිකාවකින් ගත් උපුටනයකි.]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails