Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිමාවී යමින් තිබුණේ
සපත්තු ගෙවුණු අවුරුද්දකි.

අණ්ඩ දැමූ මාස දොළහක්ම අහවරවුණු බව
මෙනෙහි වන මොතොතක
අහස් වෙඩි පාවි පාවී අහස හැඩ විය.
දැවී ගිය ලස්සන බිමට පතිතව
පොළොව හැඩි විය.

ඒ තීන්දුව පිණිස කොපමණ කාලයක් ගතවේදැයි
හිතා ගන්නට බැරි බව ඉදින් මම කීවෙමි.

කාලය යනු කොන්දේසියක්දැයි ඇය ඇසුවා ය.
මම කොන්දේසි විරහිතව ඇය දෙස බැලුයෙමි.
ඒ වනාහී සම්මුතියක්දැයි යළි ඇසුවා ය.
මම ළය ඉරා විසම්මුතියේ හදවත පෑවෙමි.
මීළඟට අසන්නට යන දෙය මට වැටහිණ.
එසේ නම් කාලය යනු වියුක්ත සංසිද්ධියක්දැයි යන්න ය.
මා ඇස අගිස්සෙහි නැඟැ ආයේ සංයුක්ත සිතිවිල්ලකි.
ඇය දිගු අතැඟිලි තුඩගින් එකී සිතිවිලි සීතල පිස
පිළිතුරු පිණිස ඔබට කෙතරම් කාලයක් ඕනෑදැයි ඇසුවා ය.

මම අකාලික හිනාවෙක වෙලුණෙමි.

අනන්තය වෙත පාවි පාවී, පාව යන්නට පටන් ගත්තී,
අතීතාවුරුදු එකින් එක ගෙන දෑල්ලෙහි ගුලි කර
විශ්වාවකාශයේ ග්‍රහලෝක තනමින් හිඳිද්දී
ඒ සිහින් වංශක්කාර අතැඟිලි අතරින් ගිලිහී
නිරපරාදේ විසිර යන මතක මාත්‍ර
කුඩා පැසකට එක්කාසු කර කර
අතීතය ලුහුබැඳ යන
ක්ෂුද්‍ර මිනිසකු විය.

ඒ “මම” ය.

“අවසාන යැයි සිතෙන පැයක් මැද
අවසාන ඇසිල්ලට ඉඩක් වෙද
අවසාන කවියකින් පිදුම් ලද
අවසාන හද මගෙයි කියන්නද

ඇරඹුමක් නැති සොඳුරු කවියකට
ඇරඹුමක් සොයා යන කවියෙකුට
අරමුණක් හදා දෙන දෙවියකුට
ඇරියුමක් විය හැකිද අවියකට

සන්තානයේ ගැඹර කලත්තන
සංතාපයේ අඳුර උලුප්පන
සංග්‍රාමයේ සිතැඟි පරද්දන
සංසාරයේ අකුරු ගලප්පන

එන්න හැකිනම් එන්න නොපමාව
දන්න බව සඟවන්න ඔබ මාව
ඔන්න ඔය කරදහිය අතගාව
පෙන්නන්න ඇරඹුමෙහි අනුරාව”

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails