Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගිලී ගිය ඉවුරකින් නැඟ එයි- නුඹේ සුවඳක් නිර්මලා
මේ වැවට තව නුඹ දරාගෙන- ඉන්න හැකි වෙද නිර්මලා
වසර ගානක් මමත් ඇවිදින්- කතා කෙරුවත් නිර්මලා
වැව බලාගත්අත බලාගෙන- ඉන්නවා තව බය වෙලා

පොඩි එවුන් ඉස්කෝලෙ යනකොට-වැවදිගේ හසරැල් හලා
පුරුද්දට වගෙ දුවේ කියලා- බලනවද නුඹ නැගිටලා
මඬට යටවී පසට මුසුවී- නුඹේ හදවත රොන් සලා
වැව පුරා මල් වී පිපෙන කොට- බඹරු අඬනව නිර්මලා

ජීවිතේ කටු පඳුරු අතරින්- නුඹ ඇවිද ගිය තැන් බලා
පිපුණු පොඩි තණ මල් පවා නෙක -කවුද පෑගුවෙ වනසලා
ගෙදර එකඑක අඩුපාඩු නෙක- අඬන විට පොඩි උන්වෙලා
උඹ වෙලා පිපි මල් නෙළා මම- විකුණුවා මගෙ නිර්මලා

පෝය ඇහැරී අඬන දවසක- රෑක ඇවිදින් නිර්මලා
නුඹේ සුවදුක් අහන විට උඹ- අඬනවද දිය රැළි සලා
මඬ කලල් යට ඉරුණු ගවුමින්- නිදන හින්දා නිර්මලා
අලුත් ගවුමක් ගෙනාවා මම- ඇඳගන්නවද නිර්මලා

වැව් ඉවුර ළඟ හුස්ම ගන්නා-ගස් වුණත් වියපත් වෙලා
මේ තරම් කාලයක් රහසක් -රැක්කෙ කොහොමද ගොළුවෙලා
කවුරුවත් නැති රෑක අම්මා- වැවට ගියෙ ඇයි කියාලා
අපේ පොඩි උන් අහනවා මම- කතා ගොතනව නිර්මලා...

[සිතුවම: Alice Pike Barney]

නදුන් යසිත දසනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails