Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අඳුරු වන වදුලු අතරෙහි සැරිසරන
කදුරු රස පමණි යනුවෙන දවසරින
දැදුරු හද මඬල සෝ දුක පිරිමදින
සොඳුරු සොහොයුරිය ගුණ නැණ ඔප කරන

නෙළා ගත් මලක් සේ ළමැදෙහි රකින
සලාවැටුමකට සිත විසි කර දමන
විලාපය, රිදුම කවි කර ඉකිබිඳින
වළාවට පෙමින් වැළපෙන කඳු මුදුන

සරු පසක අරුම නැවියන් දනීදෝ
ඔරු කඳක අරුම ගොවියන් දනීදෝ
තුරු හිසක අරුම විහඟුන් දනීදෝ
ගිරි හිසක අරුම කුහුඹුන් දනීදෝ

පැතුම් එකින් එක දළු ලන වසන්තෙක
සුසුම් මැකී ගිය පැහැසර ඉසව්වෙක
හැඬුම් දුරැර මල් පූදින දනව්වෙක
ගැයුම් වයන කෙවිලිය වනු ඇසිල්ලෙක

ධරණී උපේකා වීරසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails