Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඉඳ හිට දි හමු වෙන කොට
පැටි කාලෙ නිල් ඇස් දෙක
කිමිදිලා ගොස් කුහර ඇතුලට
දැනුන වාගෙම අම්මට
නුඹව දැනෙනව මලේ ! අයියට

විඳිින ඒ රහස
කියා ගන්නට බැරිව
තියෙන වග නුඹේ යට සාක්කුවෙ
හැඟෙනවා මට

දවාලට පැහුනු ගස්ලබු කෑවෙ
ඉස්කෝලෙ අහවරව කොසු හැදුවෙ
හෙටක හෙවනැලි බින්ද
අපි වින්ද දුක් කන්ද
හින්ද නැහැ කාටවත් පොල් ගැහුවෙ
හැබැයි....
බුදු පාන තමයි කළුවර නිව්වෙ

ෆෝන් බිල් - ලයිට් බිල් - වතුර බිල්
ගෙවන්නට
අද හයිය තියෙනවා-
හරි හම්බ කරනවා-
ගේත් අතු ගානවා- අඩුත් පිරිමහිනවා
ලැබෙන අණ පනත් වල
හතර කොටු පනිනවා

එළවලුත් කපනවා- පොල් ටිකත් ගානවා
කෙරෙන අතපසු වලට ඉඳ හිටල
හිතට ගල් පාරවල් වදිනවා
ඒත්..
පැහුනු ගස්ලබු වලට
වඩා වැඩි යම් දෙයක් තියෙනවා

දාපු මංගල මුදුව රැඳි අතක
කෙවිට කිති කැවෙනවා
නොදිව්වොත් හති දමා
රිය පීලි පනිනවා

ලෝකයට පෙනෙන්නට ස්වාමියෙකු
ගෙයි හතරමායිමේ දාසයෙකු
වැඩපලේ සර් වුනු
අසිත කාලදේවල
හඬ හඬා සිනා සී-
ටයි පටිය බඳිනවා

සෙට් වෙච්ච වෙලාවක කොහෙදි හරි
මල්ලියේ කියන්නයි උන්නෙ මං
කුඩු කාපු කතාවල් මොට ද දැන්?
බෝතලේ අහවරයි නැගිටපං !!
කොතැන හරි අපිට වැරදුනා බං..

[සිතුවම: Derrick McCall]

ජයන්ත නිමල්සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails