Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජාත්‍යන්තර කීර්තිධර මැක්සිකානු සිනමාකරු Carlos Reygadas මෙම වසරේ සැප්තැම්බර් මස කොළඹට සපැමිණෙන බව කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල, ශ්‍රී ලංකා පදනමේ පැවැත්වෙන ඩිජිටල් සිනමා ඇකඩමිය සමග එක්ව සාඩම්බරයෙන් නිවේදනය කරනු ලැබේ. සම්මාන රාශියකට හිමිකම් පෑ ඔහුගේ චිත්‍රපට කිහිපයක් තිරගත කිරීමට අමතරව, චිත්‍රපට උළෙලට සමගාමී ව පැවැත්වෙන කුසලතා ප්‍රවර්ධන වැඩමුළුවේ කොටසක් ලෙස ඔහු විසින් චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳව දින දෙකක කුසලතා ප්‍රවර්ධන වැඩමුළුවක් ද පැවැත්වීමට නියමිතය. 2012 කෑන්ස් චිත්‍රපට‍ උළෙලේ හොඳම අධ්‍යක්ෂකවරයා වූ Carlos Reygadas සිය බිරිඳ වන චිත්‍රපට සංස්කාරිකා Natalia Lopez සමග මෙසේ ශ්‍රී ලංකාවට පැමිණෙනුයේ ප්‍රථම වරටය.

www.iffcolombo.com වෙබ් අඩවියෙන් කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙළ 2014 සහ එහි විශේෂ ආරාධිතයන් පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

ප්‍රථම වරට කොළඹදී පවත්වනු ලබන මෙම ජාත්‍යන්තර සිනමා උළෙල සැප්තැම්බර් 2-7 දක්වා පැවැත්වීමට නියමිතය. රීගල් සිනමා ශාලාව, එම්පයර් (Arcade- Independent Squre), Majestic සිනමා සංකීර්ණයේ Ultra සිනමා ශාලාව, ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ 'තරංගනී' වැනි කොළඹ විශිෂ්ටතම සිනමා ශාලාවල තිරගත වීමට නියමිත මෙම චිත්‍රපට සමුහය රටවල් 35කට ආසන්න විවිධත්වයකින් යුතු සිනමා කෘතීන්ගෙන් සමන්විත වේ. එසේම, මෙම චිත්‍රපට සියලුම ප්‍රේක්ෂකයන් සඳහා විවෘත අතර සියලුම දර්ශන නොමිලේ පැවැත්වේ.




[කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල- 2014 පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව]

මෙහිදී ප්‍රදර්ශනය සඳහා ප්‍රංශය, ඉන්දියාව, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, නේපාලය, ඊශ්‍රායලය සහ ස්විට්සර්ලන්තය වැනි රටවලින් චිත්‍රපට 70ක් තෝරා ගෙන ඇත. මෙම චිත්‍රපට අතර අප්‍රිකානු, කැරිබියන් සහ ලතින් ඇමරිකානු චිත්‍රපට අඩංගු වන අතර ශ්‍රී ලාංකික ප්‍රෙක්ෂකයාට පුළුල් වූ සංස්කෘතික අත්දැකීමක් ලබා ගැනීමට එයින් ඉඩ සැලසෙනු ඇත. සිනමා උළෙලේ සංවිධායකයින් පවසන්නේ වාර්ෂිකව ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් සංවිධානය කිරීමේ විවිධ ප්‍රතිලාභ ඇති බවයි. විශ්වීය නිර්මාණකරුවන් විසින් නිපදවන ගුණාත්මක සිනමා නිර්මාණ නැරඹීම තුළින් වඩා පුළුල් දැක්මක් ළඟා කර ගැනීමට මෙන්ම අත්දැකීම් උකහා ගැනීමට ද බහු වාර්ගික සමාජයකට ලැබෙන මේ අවස්ථාව එහි සමස්ත සංවර්ධනයට රුකුලක් වන බව ඔවුන්ගේ අදහසයි.

සංවිධායකයින් බලාපොරොත්තු වන්නේ මෙම උළෙල හරහා කොළඹ නගරය ගුණාත්මක සිනමාව සඳහා කලාපයේ ජාත්‍යන්තර කේන්ද්‍රයක් දක්වා සංවර්ධනය කිරීමයි.

Carlos Reygadas

1971 දී Mexico City හිදී උපත ලද Carlos Reygadas, මෙක්සිකෝවේදී නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දුන්නේ ලන්ඩනයේ සන්නද්ධ ගැටුම් ගැටළු පිළිබඳ විශේෂයෙන් හදාරමිනි. ඔහු සිනමා වෘත්තියට පිවිසීමට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළේය. Andrei Tarkovsky වැනි සිනමා ලෝකයේ පතාක යෝධයන්ගේ නිර්මාණ කෙරෙහි ආසක්ත වීමෙන් ඇතිවූ පෙළඹවීමෙන් 1998-1999 තාල පරාසය තුළදී බෙල්ජියමේදී ඔහු විසින් කෙටි විත්‍රපට 4ක් නිර්මාණය කරන ලදී.

පුදුම සහගත අන්තර්ගතය සහ මහානුභාව සම්පන්න සෞන්දර්යය හේතුවෙන් ජාත්‍යන්තරව ආකර්ශනයට බඳුන් වූ සිය ප්‍රථම වෘතාන්ත විත්‍රපටය Japon (Japan) විත්‍රපටය රූගත කිරීම සඳහා 2000 වසරේදී ඔහු නැවත මෙක්සිකෝවට පැමිණියේය. ලිංගිකත්වය පිළිබඳ ආවක විග්‍රහයකින් යුතුව මානව අස්ථිරභාවය මනාව පිළිබිඹු කරන, සුවිශේෂී මැක්සිකානු අන්තර්ගතයන් තුළ ඉදිරිපත් කෙ‍රුණු Japan සිනමාකෘතියෙන් ලද පන්නරයෙන් නිර්මාණය කෙ‍රුණු ඔහුගේ දෙවන වෘත්තාන්ත චිත්‍රපටය වන Batalla en elcielo (Battle in Heaven, 2005), Palm d’or සම්මානය සඳහා තරග වැදුන අතර, තවත් ජාත්‍යන්තර සම්මාන රාශියක් දිනා ගනිමින් Reygadas ටම අනන්‍ය වූ සිනමා ශෛලියක් ස්ථාපිත කළේය. Reygadas ගේ තෙවැනි සිනමා නිර්මාණය වන Stellet Licht (Silent Light , 2007) ඔහුගේ පෙ‍ර සිනමා කෘතීන් තුළ වූ හුරු පුරුදු සෞන්‍දර්යාත්මක තේමාවන් වෙනුවට ත්‍රාසය දනවන තේමාවක් පදනම් කරගත් අතර, එම සිනමා කෘතිය ලොවපුරා ගෞරවාන්විත සම්මාන රාශියකට හිමිකම් කියනු ලැබූයේ සමකාලීන මෙක්සිකානු සිනමාවේ නියමුවා සහ ලෝක සිනමාවේ ප්‍රමුඛ සිනමාකරුවා යන කීර්තිනාමය Reygadas ට හිමි කර දෙමිනි.

අනෙකුත් අංකුර මැක්සිකානු සිනමාකරුවන්ගේ විශිෂ්ට චිත්‍රපට නිෂ්පාදනය කරමින්, 2010 වසරේ Revolucion කෙටි චිත්‍රපටයට දායක වෙමින් සහ 2012 වසරේ කෑන්ස් සිනමා උළෙලේ, හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානය ඔහුට අයත් කර දුන් ඔහුගේ අති විශිෂ්ට සිනමා කෘතිය Post Tenebras Lux (2012) නිර්මාණය කිරීම තුළින් Reygadas තවදුරටත් වත්මන් මැක්සිකානු සිනමා පුනරුදයට දායකවෙමින් සිටී.



Carlos Reygadas දිනූ සම්මාන

කෑන්ස් චිත්‍රපට උළෙල
2012 (Won) Best Director Post Tenebras Lux
2012 (Nominated) Palme d’Or Post Tenebras Lux
2007 (Won) Jury Prize Silent Light
2007 (Nominated) Palme d’Or Silent Light
2005 (Nominated) Palme d’Or Battle in Heaven
2002 (Won) Camera d’Or Japan

විකාගෝ අන්තර්ජාතික සිනමා උළෙල
2007 (Won) Best Feature Silent Light

මැක්සිකෝවේ Ariel සම්මාන
2007 (Won) Silver Ariel for Best Direction Silent Light
2007 (Won) Silver Ariel for Best Screenplay Silent Light



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails