Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මලිත් හෑගොඩගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය වන 'දැකල පුරුදු කෙනෙක්'හි ලෝක මංගල දැක්ම, කැනඩාවේ 38 වන මොන්ට්‍රියල් ලෝක සිනමා උළලේදී පැවැත්වේ. අගෝස්තු 21 දා සිට සැප්තැම්බර් පළමුවනදා දක්වා පැවැත්වෙන මොන්ට්‍රියල් උළලේ කුළුදුල් චිත්‍රපට තරඟකාරී අංශයේ ලාංකීය නියෝජනය ලෙස 'දැකල පුරුදු කෙනෙක්' අන්තර්ජාතික චිත්‍රපට 18ක් සමඟ තිරගතවේ.

සමාධි ලක්සිරි, බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස්, කෞෂල්‍යා ප්‍රනාන්දු, දයාදේව එදිරිසිංහ, ප්‍රසන්න මහගමගේ, දිල්ෂානි පෙරේරා සහ ළමා නිළි කුශෙන්යා සයුමි ෆොන්සේකා රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටයේ කැමරාකරණය ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂක එම්. ඩී. මහින්දපාල ගෙනි.

දීපාල් ගුණරත්න නිෂ්පාදන කලමනාකරණයෙන් ද, දමින්ද ඩී. මඩවල පළමු සහය අධ්‍යක්ෂණයෙන් ද, චාමර චින්තක සේලාර දෙවන සහය අධ්‍යක්ෂණයෙන් ද, මංජුල අයගම කලා අධ්‍යක්ෂනයෙන් ද, චිරන්ති මල්ලිකාරච්චි, ආලෝක සම්පත්, ජයම්පති ගුරුගේ ඇඳුම් නිර්මාණයෙන් ද, ප්‍රියන්ත දිසානායක වේශ නිරූපණයෙන් ද, රුවන් වල්පොල සංගීතයෙන් ද, චින්තක සෝමකීර්ති කැමරා හැසිරවීමෙන් ද, සශික රුවන් මාරසිංහ හඬපට නිර්මාණය සහ ශබ්ද පරිපාලනයෙන් ද, මලිත් හෑගොඩ සංස්කරණයෙන් ද දායකවන මෙම චිත්‍රපටයේ තිර රචනය බූපති නලින් වික්‍රමගේ ගෙනි.

ලාල් හෑගොඩ, රසංග දිසානායක, මොහොමඩ් ඇඩමලි සහ නදිරා ඇඩමලි මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත.

මීට පෙර ප්‍රසන්න විතානගේගේ 'ඉර මැදියම' චිත්‍රපටය ප්‍රධාන තරඟකාරී අංශයේ ද, 'ඔබ නැතිව ඔබ එක්ක' චිත්‍රපටයේ ලෝක මංගල දැක්ම ද මොන්ට්‍රියල් ලෝක සිනමා උළලේදී පවත්වා ඇති අතර මෙවර නිලේන්ද්‍ර දේශප්‍රියගේ 'තන්හා රතී රඟා' චිත්‍රපටය ප්‍රදර්ශනය වේ.







කතා සාරාංශය-

ලාංකීය නාගරික මධ්‍යම පන්තික තරුණ බිරිඳක් වන දිනිති ඇගේ සැමියා සචිත්‍ර හා පවතින විරසකයක් සමනය කර ගැනීමට නිරන්තර වෙර දරයි. නමුත් ඔහු දිගින් දිගටම ඇයට දඬුවම් කරන විලාසයකින් ඇය මඟහරින අතර ඔවුන් අතර මත ගැටුුම නිහඬ උභතෝකෝටිකයක් දක්වා වර්ධනය වෙයි. අට හැවරිදි ඔවුන්ගේ දියණිය ද මේ සියල්ල මධ්‍යයේ සිටී. ඔවුන්ගේ දෙමාපියන්ද මේ විරසකය සමනයට උත්සාහ කරති. දිනිති තවදුරටත් රුකියාවක නොයෙදෙන අතර ගේ දොර වැඩකටයුතු පමණක් ඉෂ්ට කරයි. ඇය නිවසින් පිටව යන්නේ සචිත්‍රගේ අනුදැනුම යටතේ පැමිණෙන ටැක්සි රියදුරෙකු සමඟය. නිවාඩුවට ඔවුන් අතරට එන ලාබාල ඤාති සොහොයුරා සංඛ හා මේ රියදුරාද සමඟ දිනිති දක්වන්නේ ඉතා කුළුපග සම්බන්ධයකි. දිනක් සචිත්‍රගේ වාහනය නවතා තිබෙද්දී සිදුවන අනතුරකින් ඔවුන්ගේ සබඳතා යළි නව මානයක් අත්පත් කර ගනී.









සම නිෂ්පාදනය- රසාංග දිසානායක, මොහොමඩ් ඇඩමලි, නදීරා ඇඩමලි

නිෂ්පාදනය- ලාල් හෑගොඩ, මලිත් හෑගොඩ

තිර රචනය- බූපති නලින් වික්‍රමගේ

අධ්‍යක්ෂණය- මලිත් හෑගොඩ

රංගන ශිල්පීන්-

සමාධි ලක්සිරි
බිමල් ජයකොඩි
ජගත් මනුවර්ණ
ලක්ෂ්මන් මෙන්ඩිස්
චමිලා පීරිස්
ප්‍රසන්න මහගමගේ
දිල්ෂානි පෙරේරා
කෞෂල්‍යා ප්‍රනාන්දු
දයාදේව එදිරිසිංහ
කුශෙන්යා සයුමි ෆොන්සේකා
අතුල පතිරණ
නදී කම්මැල්ලවීර
ආනන්ද ප්‍රේමලාල්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails