Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අනාගතය දැල් කවුළුවක් නම්
අතීතය දෙස බලාගෙන සීරුවෙන් හිටගන්න.

වර්ථමානය ස්ථිර ලෙසම පය පතුල් ගඩොලෙකි
කවුළුව අසබඩ හිටගන්න පමණක්ම පවතිනා ඉඩකඩ.

පෙනෙන අවකාශය
වේගයෙන් ඉක්ම යන මොහොත ය.

පා පතුල් ගෑවෙන
මේ ක්ෂුද්‍ර අවකාශය
සීතල රැගෙන ආවෙහි ය අංශුවෙන් අංශුව
සන්තානයේ අන්තිම අගිස්සට.

"ඒදන් උයනකට පිළිවන්ද පටු වෙන්න මෙතරම්ම"
වලකුළ අතින් මෑත් කර මම ඇගෙන් ඇසුවෙමි.

එ අත්තික්කා ගස යට සෙවනැල්ල කැරකෙමින් තිබිණ.
කැරකිල්ල හටගත් සෙවනැල්ල නතරවන්නට හිතන විට
ගසේ වාරය එළඹිණ.
මීළඟට ඇත්තේ මගේ වාරය බව මම දැන සිටියෙමි.

අතීතය යනු කිසිවිටෙක ඉක්ම නොයනා
වර්ථමානය බව ම වැටහෙන විට
රාත‍්‍රිය අහසට නැඟ එමින් තිබිණ.
ආදරය අන්ධකාරයට පර්යාය වන්නට පෙරාතුව
වලාකුළකින් වැසී ගිය කළාමැදිරි එළියක සිට
කවුළු උලුවහු අතරින් මිරිකි මිරිකී ඇය හැරී ආවා ය කුටියට.

සන්සුන්වීම යනු මුරණ්ඩුකම ම බව මම ඇයට කීවෙමි.
මෙතරම්ම අවනතකාමීබවක් ඒ සිනවහට කොහෙන්ද?

එනයින්,
මා ඔබට පර්යාය නොවන්නේ මන්දැයි
ඇය පෙරළා ඇසූයේ
කටහඬේ සන්සුන්ම ඉසව්වෙනි.

ඉදින් මම
නිරුත්තරවැ සිටිමි.
එබැවින් ම මම
නිරුපද්‍රිතව සිටිමි.

"දිව්‍යමය කඳුළකට ඇස අගක ඉඩ කොයිද
පියාපත් නැති දේවදූතියන් පියඹයිද
දේවතා එළි දකින වලාකුළු කැළඹෙයිද
වලාකුළු ඉරිතලන මොහොත යළි එළඹෙයිද

නෙත් කෙවෙණි අගිස්සෙහි දණ නමන කඳුළකට
දණ නමන්නට හිතෙන මඳහසක දෙතොලකට
දොතොල තබනට වරම් ලැබුණු මඳ පවනකට
මේ සුසුම එක්කරමි දැනෙන නොදැනෙන ලෙසට

නිකින්නෙහි අනුනාද නිකින්නම ගෙන යාද
විසල් නුබ වලාවෙක විකල්ලෙනි වැළපේද
සියල් හඬ කැටිකෙරුණ ඇසිල්ලක අනුනාද
තුරල් වී නොයන වැසි වැසිල්ලක හමුවේද"

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails