Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අහම්බයකින් වගේ
මුණගැසුන ඒ මතකය
තාම මතකයි මට

පිරි මැද මැද ඇගිලි කොන්
ඉස්කෝලෙදි කාටත් හොරෙන්
මනමේ බලපු දවසේ උසස් පෙළට

කොරිඩෝව දිගේ යනකොට
කොඳුරල කිව්ව මම හෙමිහිට
අරමත් කරන්න පුලුවන්ද ගෑනියෙකුට
මගෙ පපුවත් ගැස්සුනා එක සැරේට

ඇයි බය උනාද ඔය තරමට
පව්! හිස් කොපුව විතරයි නේද මනමෙට
ඇත්තටම ඉතිරි වුනේ අන්තිමට

කටේ කොනක් ඇද කරල
කොණ්ඩ කරලක් අඹරල
නාටකයට දුන්න විචාරයක් හිනාවෙල

බාල එකී කිහිල්ලෙ ගහගෙන
අනිත් උන් තුන්දෙනා එක්ක ඇවිත්
හිනාවුණා මා එක්ක ඒ මතකය අතරින්

පුපුරා ඇදුම් කෑවත් තාම මගෙ සිත
අහන්නටම කියයි වැදි හිමිගෙ වතගොත
එදා කෙලවරක් වුණ නාටකයේ
වෙනසක් වුනොත් අද නොකලට

සන්තකේටම කියා මට තියෙන්නෙ
එදා ඉතිරිවුණ කොපුව විතරයි
මගෙ තනි නොතනියට

[සිතුවම : Pablo Picasso]

කේ. ඩී. ප්‍රදීප් කුමාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails