Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජීවිතේ අමු කට්ටක්
බැරිම තැන හොයාගෙන ජොබ් කට්ටක්
එල්-එස්-ඕ වුණා කමලක්කත්
ගාමන්ට් එකේ රහස් කසුකුසු
"සිකුරුටි එකට ඇවිදින්
මරු කලට්ටක්!"

පරණ 'මධුරස' පත්තර
ඔපිස් බෑගයෙ සුරකින
ප්‍රාණවත් වෙන දවස එනකල්
තැපෑලෙන් බේත් බොන
ඉන්චාජ් සමයවර්ධන
එකපයින් වැඩට ගත්තේ
තලඑළලු කමලක්කව....

එදා ෆැක්ට්‍රියෙ රෑ වැඩ දවසක්
එකසීරු වැහි මැද්දෙ
මුර කුටිය දූපතක්
බේත් මත ඉහට ගහලා
රහස් නිඳි පොළක හිටියේ
සමයවර්ධනත්

යාතං නොතෙමිච්ච
බංකු පොඩියේ කොනක
ගෑවිගෑවී ඉද්දි
ඇයමයි වචන දම්වැල ඇමිණුවෙත්

නෙක ලතාවන් අතරමං වන
ගහක් නැති මංතලාවක් මත
වැලකි ඇය දරු බරද උහුලන
තුරක් වූ හිමි මළේ මෑතක

ඊටපසු ගල් වළක මෝලක
එහෙම නැත්නම් රබර් වත්තක
කීවා යටගිය දවසෙ විස්තර
පැළුණ අතැඟිලි මවෙත දික්කර

ඇගෙ දෑත මගෙ දෑත සමවිණ
රළු තැනින් ආදරේ ඉපණ
ඇගෙ මුවද මොහොතකට ගොළුවිණ
වචන හිඟ වී කොපුල් රතුවිණ

ඇගෙ දෙතොල් මත දෙතොල තබමින්
උරා බිව්වෙමි ඇගේ දුක් ගිනි
දුකේ ගිනි කාරමේ රස්නෙට
ඇයත් එක්කම මාත් ඇවිළිණ....

"නිදිවදින්නද පඩි ගෙවන්නේ!"

සමයවර්ධනගෙ හඩ අකුණක්ව පිපිරුණා
ගිනි පුළිඟු ඇස් දෙකේ පිරිමිකම ඉස්සුණා
උන්න තැන් අමතකව මගෙ පපුව ගැස්සුණා
කමලක්ක තනපටත් හදං සන්සුන් වුණා

ආයෙමත් ඇගෙ මුහුණ බලන්නට බැරිවුණා
පාන්දර බස් එකට කමලක්ක ගොඩවුණා....

ඩී. එම්. ටීම්රාන් කීර්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails