Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සත පනහේ ලද කුළියට
කුරුල්ලන්ව හඹා ගන්ට
වෙලේ රැක්ක
අතේ තිබුණු ගල් දුන්නට
මක් උනා ද?

පුංචි කකුල් රිදුනු වෙලේ
මහන්සියට ඈඳි ගත්ත
පුටුවක් වුනු ගල් පොත්තට
උන් හිටි තැන් අහිමි වෙලා

මුල විතරක් ඉතිරි වෙච්ච
වෙල අද්දර මහ නුග ගහ
ලිප් දාහේ ඉරට දැවී
නොඑන ගමන් මග හොයනව

නුඹට ගීත වැල් ගොතාපු
අතු අග හෙලැවුණු හොටවල්
ගී අහන්න කෙනෙක් නැතිව
හොට තටු යට හංගාගෙන

ඔය දහදිය කුණු හෝදපු
සීතල රැළි අත් සීයේ
ඉහළ තොටෙන් ගලා ආපු
විස තැවරී
ඇඟිලි පුරා හොරි හැදිලා

හතර වටිින් අඳුර එද්දි
කලුවර හෙවනැලි නලියපු
ගෙදර ආපු ගුරු පාරම
අධි වේගී දූවිල්ලෙන්
දුඹුරු වෙලා

නැට්ටක් නැති ගෙඩි මක්කට
නුඹේ නමට
හැම් බේකන් ගෑරුප්පුවෙ
ඇති පදමට
කෙකර ගාපු කිකිළි නමට
සොහොනක්වත් නෑ දකින්ට

රැළි ඉහිරුනු සඳ එළියේ
නුඹ ගුලිවුණු ලණු මැස්සේ
වැල් විිසිරී
අහසත් හිස් පොළොවත් හිස්

මල් විසිරුණු අතීතයක
ලොවෙන් තෑගි ගොඩක් නුඹට
මොනවද මල්ලියෙ දුන්නේ
නුඹෙන් ලොවට?

එක කරලක් අහුල ගන්ට
කුරුල්ලෙකුට ඉඩ දුන්න ද?
රිදී පණම් කෙංගෙඩියද
වාඩි වෙච්ච ගල් පොත්තට

ජයන්ත නිමල්සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails