Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එන්න පාවෙන්න
ඝනැති කොළ පැහැ
වතුර මත
මතක නැති කර
මොහොතකට
දුඟඳ..

පොරකකා
පොකුරු පොදියට
ෆුට් බෝඩ් උඩ..
හෙට උදේ ආයෙත්
වෙලාවට එන්න
රෑ බතට
ගෙදර යන
ඇඟවල්
දකින්නට..
එන්න පාවෙන්න
දැන් ඉතින්
මෙතැනට...

කිළිටි ඇඳකට
ගොඩ වෙන්න
එකෙක් එනකම්
මඟ රකින..
හෙටක් නැති
ඇස් දෙකක්
බලන හැටි බලන්නට
එන්න පාවෙන්න
තේ එකක්
බීගෙනම....

එක එක පාට
චීන විසිතුරු
අතර මැද
කෙට්ටු කුදු ගැහුනු
කළු මිනිස් අශ්වකැල
වේගයෙන් දුවන හැටි..
බිස්කට් හිස් පෙට්ටි
ඇතිරිලි යහන් මත
වෙනසක් නැතිව
දවාලට
නිදන හැටි....

කඩු ගිලින විජ්ජා
බණ කියන විජ්ජා
නිමක් නැති මැජික්
තව
බල බලා සැනසෙන්න
පාවෙන ජීවිතේ
පා වෙවී දකින්නට..

එන්න පාවෙන්න
ඉතින්
පිටකොටුවට

කෞශල්‍ය පතිරණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails