Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල- 2014 ඉදිරිපත් කරන ප්‍රධාන අංග අතුරෙන් ශ්‍රී ලාංකේය සිනමාවේ 67 වසරක ස්වර්ණමය ගමන විනිවිදින සිනමා ප්‍රදර්ශනය (A Glimpse of our Cinema) වෙත හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. පැරණි ඡායාරූප පමණක් නොව සිනමා කෘතියක් නිර්මාණය කිරීම සඳහා භාවිත කරනු ලබන දුර්ලභ මෙවලම් ද ප්‍රදර්ශනය කිරීම මගින් ලාංකේය සිනමාවේ විකාශනය විදහා දැක්වෙන අයුරින් මෙම ප්‍රදර්ශනය සැලසුම් කර ඇත. රාජ්‍ය චිත්‍රපට ඒකකය, ජාතික චිත්‍රපට සංස්ථාව සහ ජාතික සිනමා, රූපවාහිනී සහ ශබ්ද සංරක්ෂණාගාරය යන ආයතන හා එක්ව කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල - 2014 විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරයි.

තමන් සතුව ඇති ඡායාරූප, ලේඛන, සිනමා ආම්පන්න, මෙවලම් සහ සිනමාව හා බැඳුණු විවිධ ලිපිලේඛන මෙහි ප්‍රදර්ශනයට තැබීම මගින් එම ආයතන මේ ප්‍රදර්ශනයේ වටිනාකම ඉහළ නංවනු ඇත. කලා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය ඔවුන් සතුව ඇති විවිධ මෝස්තර නිර්මාණ, ආකෘති, උපකරණ මෙන්ම සිනමා දර්ශන තල සහ ඇඳුම් ආයිත්තම් නිර්මාණයේ දී යොදා ගැනෙන විවිධ මෙවලම් ඉදිරිපත් කරමින් මේ ප්‍රදර්ශනය තව දුරටත් සාරවත් කරයි. මෙහිදී දැක ගත හැකි වන ශබ්ද පට, ඩොලි, කුඩා දොඹකර, රූගත කිරීම් වල දී කෘතිම වැසි සහ සුළං ඇති කිරීම සඳහා භාවිත කරන උපකරණ ආදිය නිසා මෙම ප්‍රදර්ශනය අසම සම එකක් බවට පත් වනු ඇත.

මෙම ප්‍රදර්ශන භූමියේ දී අංග රචනය සහ කොණ්ඩා සැකසුම් පිළිබඳ සජීව නිරූපණයන් ද දැක ගත හැකි ය. මෙරට දී දැක ගත හැකි වන මෙම ආකාරයේ පළමු ප්‍රදර්ශනය වන මෙය, සිනමා ලෝලීන්ට සහ සිනමාව හදාරන ශිෂ්‍යයන්ට මෙන් ම පොදුවේ මහ ජනතාවටත් නො අනුමානයෙන් ම සුවිශේෂී අත් දැකීමක් වනු ඇත.

ප්‍රදර්ශනය පැවැත්වෙන දිනයන්- සැප්තැම්බර් 03-07

ස්ථානය- ජාතික චිත්‍රපට, රූපවාහිනී සහ ශබ්ද සංරක්ෂණාගාරය, නො: 07, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07
(පිලිප් ගුණවර්ධන මාවත සහ නිදහස් චතුරස්‍රය අතර පිහිටි ජාතික ලේඛනාගාර ගොඩනැගිල්ලට යාබද ව)



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails