Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිහින මලක් පිපුණු දිනක්...!

[කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල 2014 අරඹමින් උළෙලේ අධ්‍යක්ෂක අශෝක හඳගම කළ කතාව.]

"සුභ සන්ධ්‍යාවක්. අප මේ රැස්ව සිටින්නේ ලංකාවේ සිනමා වංශ කතාවේ ඓතිහාසික මොහොතක සාක්ෂි කරුවන් වන්නටයි. මා එසේ කියන්නේ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල, ලංකාවේ පැවැත්වෙන පළමු අංග සම්පූර්ණ ජාත්‍යන්තර සිනමා උළෙල නිසයි. එය සිනමාවේ නියැලෙන අප කාටත් ආශ්වාදනීය අත්දැකීමක්. ඒ ආශ්වාදය විඳගැනීමට අප හා එක්වුණු ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් අප පිළිගන්නවා.

මේ සිනමා උළෙල පැවැත්වෙන දින හය අපේ ජීවිත වෙනස් කරන දින හයක් බවට එක පුවත් පත් ලිපියක සඳහන් උනා. සිනමා උළෙලක් කොහොමද රටක ජන ජීවිතයේ ගමන් මග වෙනස් කරන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.

මේ සිනමා උළෙලේ චිත්‍රපට සියයක් පමණ තිරගත කෙරෙනවා. විවිධ භාෂාවන් කතා කරන, විවිධ ආගම් අදහන, විවිධ ජාතීන්ට අයත් මිනිස් සමාජයන් ගේ ජීවිත අලලා තැනුණු මේ චිත්‍රපට ජීවිතය පිළිබඳ අපගේ සීමා සහිත දැනුම පුළුල් කිරීමට හේතු වනවා ඇති. ඔවුන් සිතන පතන ආකාරය අප සිතන පතන ආකාරය හා කොතෙක් දුරට සමාන ද කොතෙක් දුරට වෙනස් ද කියා වටහා ගන්නට ඉඩ සලසනු ඇති. මිනිස්කමේ විවිධත්වයත් සමානත්වයත් පිළිබඳ පාඩම් අපට කියා දෙනු ඇති. අප සත්‍යය සේ අදහන දේ තව සමාජ දැනුමක් තුල මිත්‍යාවක් විය හැකි බවත් අපට මිත්‍යාවක් තව සමාජයකට නොවෙනස් සත්‍යයක් විය හැකි බවත් වටහා දෙනු ඇති. ලංකාව ලෝකයේ කොටසක් මෙන්ම ලෝකය ලංකාවේ ද කොටසක් බව අපට පසක් කර දෙනු ඇති. හිස්කම තුලම පිරිපුන් බවත් පිරිපුන් බව තුලම හිස්කමත් ඇති බව කියා දෙනු ඇති.

එවිට අපට අප අසල සිටින අසල්වැසියා අපේ සතුරකු ලෙස නොව අපේ මිතුරෙකු ලෙස, අපේ ගමන් සගයකු ලෙස වටහා ගන්නට හැකිවන ඉවසීම පුරුදු පුහුණු කිරීමේ අවශ්‍යතාව අපට දැනෙනු ඇති. තිස් අවුරුදු යුද්ධයකින් බැට කෑ සමාජයක ට මේ මොහොතේ වඩාත් අවශ්‍ය කරන ජීවන දැක්ම එයයි. මේ සිනමා උළෙලේ ඇති චිත්‍රපට ගොන්නේ ඇත්තේ ඒ වෙනස ඇතිකළ හැකි විභවයයි. මේ උළෙල පැවැත්වෙන දින හය අපේ ජීවිත වෙනස් කරන දින හයක් විය හැකියයි අප ද කියන්නේ ඒ නිසයි.

මේ සිනමා උළෙල කාලයක් තිස්සේ අපගේ ඔලු තුල පිපෙන්නට පෙරුම් පුරමින් තිබු සිහින මලක්. ඒ සිහිනය අපගේ හිස් තුලම පරවී යා නොදී එය යථාර්ථයක් බවට පත් කිරීමට අප හා එකතුවුන සියලු දෙනාටම උළෙලේ අධ්‍යක්ෂක ලෙස මම ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂ වරුන්ගේ සංසදය වෙනුවෙන් අපගේ හර්දයාංගම ස්තුතිය පලකරනවා."





















































[සියළු ඡායාරූප බැලීමට මේ සබැඳියෙන් යන්න.]

Sri Lanka is a part of the world and the world a part of Sri Lanka.
-Asoka Handagama

"Good evening ladies and gentleman. We are gathered here to witness a pivotal moment in the history of Cinema in Sri Lanka. I say this because the International Film Festival of Colombo is the first completely international film festival to be held in our beautiful Sri Lanka. Therefore, this is a sensational experience for all of us who are a part of the industry. I would like to welcome all of you who have joined us in sharing this incredible experience.

A newspaper article about the festival claimed that these six days of the international film festival are bound to change our lives. And so, one might wonder how a film festival could possibly change our lives.

Approximately a hundred films will be screened at this festival. These films with their diverse array of languages, religions and ethnicities and their portrayal of varied communities and lives are bound to broaden our knowledge about the human condition. How similar or different are our thinking patterns? What are the equalities and inequalities of humanity?

We might find that what we believe to be true in our society can perhaps be a myth in another and vice versa. We will see that Sri Lanka is a part of the world and the world a part of Sri Lanka. It may teach us that there is fulfillment in emptiness and emptiness within fulfillment. It is then that we see that our neighbor is not our enemy but a friend, a companion in our journey of life and that patience is essential. This outlook on life is a necessity for a society that took a beating from thirty years of war. The films of this festival contain the key to making that change. That is why we say that the next six days may perhaps change your life.

This film festival is a flower that has been struggling to bloom in our heads. Therefore as the Festival Director, on behalf of the film directors’ guild of Sri Lanka, I pledge my heartfelt gratitude to all those who have joined us in making sure that this flower does not wither away in our heads."



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails