Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ප්‍රථම වරට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලට අනුබද්ධව "බොම්බායෙන් සපැමිණෙන පතාක යෝධයා අභිමුව" (Facing Goliath form Bombay) මහජන හමුව, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ සංවිධායකත්වයෙන් 2014 සැප්තැම්බර් 04 වැනි බ්‍රහස්පතින්දා, සවස 4.00 සිට, ශ්‍රි ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.

"ශ්‍රේෂ්ඨ කථිකයන්ගේ ශ්‍රේෂ්ඨ කතා" සමඟ නව සම්ප්‍රදායක් සනිටුහන් කිරීම සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ අභිප්‍රාය වන අතර කුතුහලයෙන් යුතුව මෙම මහජන හමුවට සපැමිණෙන ඔබ සිතන්නට යමක් සිත්හි දරාගෙන නික්ම යනු නො අනුමාන ය. එසේම, සාමාන්‍ය මහජනතාවට ද සිනමා කලාව පිළිබඳ දැනුම හා අවබෝධය ලබා දීම අරමුණු කරගත් සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය විසින් සංවිධානය කරනු ලබන මෙම මහජන හමුව සියලු දෙනාටම නවමු අත්දැකීමක් වනු ඇත.

සත්‍යජිත් රායි, බ්‍රිනාල් සෙන්, අපර්ණා සෙන් ඇතුලු විශිෂ්ට අධ්‍යක්ෂවරුන් සමඟ කටයුතු කොට ඇති සහ කහානි (Kahaani) (2012), කළු (Black) (2005) සහ පසමිතුරා (The Adversary) (1970) වැනි සුවිශේෂී චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ ප්‍රසිද්ධ බෙංගාලි නළු ද්‍රිත්මන් චැටර්ජි (Dhritiman Chatterjee) විසින් මෙම මහජන හමුව මෙහෙයවයි.

කෘතහස්ථ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස්, ප්‍රවීණ සිනමා රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය, ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂ හා තිර රචක කානු බේල් (Kanu Behl), ඉන්දියානු නිදහස් වාර්තා චිත්‍රපට නිර්මාණ ශිල්පී සුභාශ්‍රී ක්‍රිෂ්ණන්, පාකිස්ථානු සිනමාකරු, අධ්‍යක්ෂ, කැමරා ශිල්පී ෂර්හාඩ් නාබිසහ සිංගප්පූරුවේ සිනමා විචාරකයෙකු වන, සිනමා උළෙලවල් ගණනාවක සංවිධායක වශයෙන් කටයුතු කොට ඇති පිලිප් චියා (Philip Chea) විසින් මෙම මහජන හමුව අර්ථවත් කරනු ඇත.

මෙවන් චිත්තාකර්ෂණීය කථිකයන් ලංකාවට ගෙන ඒමට ලැබීමත්, පොදු මහජනතාවට ඔවුන් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගැනීමට හැකි මෙවැනි මහජන හමුවක් සංවිධානය කිරීමට හැකිවීමත් සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් වෙයි.

විවිධ රටවල විවිධ වර්ගයේ සිනමා කෘති ප්‍රදර්ශනය කරමින් සැප්තැම්බර් 02 – 07 කාලය තුළ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ලංකාවේ පැවැත්වෙන මෙවැනි ආකාරයේ ප්‍රධාන සිනමා ‍උළෙලයි. ජපානයේ ඔකිනාවා ජාත්‍යන්තර සිනමා උළෙලේ සහයෝගයෙන් සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය විසින් සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ විවිධ වැඩසටහන් සඳහා ලෝක සිනමාවේ පතාක යෝධයන් රාශික් කොළඹට පැමිණෙනු ඇත.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු www.iffcolombo.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

Facing Goliath from Bombay- Public Forum

In conjunction with the unprecedented Colombo International Film Festival 2014, The Film Directors’ Guild of Sri Lanka has organized a Public Forum "Facing Goliath from Bombay", on Thursday, 4th September 2014 from 4.00 p.m. onwards at the Sri Lanka Foundation.

This year, the guild plans mark a long tradition of "great speakers, great discourse" with an exciting line-up of cutting edge speakers. The Public Forum’s speaker events and related programming promise that you will arrive curious and leave inspired!

It’s your time!

The Guild is also committed to remaining free to the public as part of its mission of providing a truly open forum for ideas and education to our community. With world class speakers on the cinema industry accessible to all, the Public Forum provides a remarkable experience and service to everyone.

The Forum will be moderated by Dhritiman Chatterjee, a famous Bengali actor known for the movies Kahaani (2012), Black (2005) and The Adversary (1970), and has worked with directors Satyajit Ray, Mrinal Sen and Aparna Sen, among others. Currently anchoring Pradhanmantri (TV Series) in Bengali on ABP Ananda, he is excited to be part of the Colombo International Film Festival, one of its kind in Sri Lanka.

The Forum will also feature Sumithra Peries, a veteran filmmaker, Ravindra Randeniya, a beloved Sri Lankan actor, Kanu Behl, an Indian film writer and director, Subasri Krishnan, an Indian independent documentary filmmaker and a fellowship holder from George Washington University, Farjad Nabi a Pakistani film producer, director, cinematographer and documentary maker well known for the movie "No One Believes the Professor", and Philip Chea, a Singaporean Critic/programmer, who programs the South-east Asian Film Festival, Asian Film Festival, Cinema Digital Seoul Film Festival, and the Dubai International Film Festival.

"It’s very rare for an organization like ours to offer free events of this scale to the public. We are very proud of how hard we work to make it possible for anyone who wants to open their mind to be able to hear the fascinating speakers we bring to Sri Lanka," says Asoka Handagama, Festival Director.

International Film Festival of Colombo is the first major international film festival to be held in Sri Lanka. The festival, showcasing films from a variety of countries and varied cinema disciplines, will take place in Colombo from September 2, 2014- September 7, 2014. IFF COLOMBO is a collaboration between the OKINAWA INTERNATIONAL MOVIE FESTIVAL in Japan and the Film Directors’ Guild of Sri Lanka. During the festival, Colombo will play host to a number of renowned personalities in the international world of cinema.

Plus, don’t forget to check out their website (www.iffcolombo.com). They are also offering opportunities for Volunteers and students to take advantage of the festival.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails