Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මලිත් හෑගොඩගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය වන "දැකල පුරුදු කෙනෙක්" චිත්‍රපටය කීර්තිමත් බ්‍රිතාන්‍ය සිනමා පාසල (British Film Institute) විසින් 58 වන වරටත් සංවිධානය කරන ලන්ඩන් අන්තර්ජාතික සිනමා උළෙලේ ලාංකීය නියෝජනය ලෙස තිරගත කිරීමට තෝරාගෙන ඇත. ඔක්තෝබර් මස 8 සිට 19 දක්වා ලන්ඩන් නුවරේදී පැවැත්වෙන මෙම උළෙලේ "දැකල පුරුදු කෙනෙක්" අභියෝගාත්මක තේමා රැගත් අංශය (Dare section) යටතේ දර්ශන වාර දෙකක් පැවැත්වීමට නියමිතය.

ලන්ඩන් සිනමා උළලේ මෙම චිත්‍රපටය තිරගතවන 'Dare' අංශය පිළිබඳ සංවිධායකවරුන්ගේ අර්ථකතනය වන්නේ, "රසිකයන්ගේ මනසේ සුවපහසු අවකාශයෙන් ඔබ්බට රැගෙන යන ආන්දෝලනාත්මක චිත්‍රපට රැගත් අංශය" ලෙසය. "දැකල පුරුදු කෙනෙක්" චිත්‍රපටය පිළිබඳ උළෙල සංවිධායක මණ්ඩලයේ සංවිධායක කේරි රජීන්ද්‍ර ෂෝව්නි විසින් හඳුන්වන්නේ, "මෙම චිත්‍රපටය ලාංකික නාගරික මධ්‍යම පන්තික විවාහක තරුණ යුවලක විශ්වාසය හා මානසික සබඳතා බිඳ වැටීම් ඛේදජනක කතා පුවතක් ඉතා අව්‍යාජව හා තිව්‍ර භාවයක් සහිතව ඉදිරිපත් කරයි. සමාධි ලක්සිරි හා බිමල් ජයකොඩි වේදනාවටපත් යුවල ලෙස සංවිධිත හැඟීම් ප්‍රකාශනයක හා විශ්වීය තේමාවක් ආන්දෝලනාත්මක රංගනයකින් ඉදිරිපත්කොට ඇත." ලෙසය.

"දැකල පුරුදු කෙනෙක්" චිත්‍රපටය ඔස්ට්‍රේලියාවේ, බ්‍රිස්බන් නුවරදී දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත ආසියා පැසිෆික් සිනමා උළෙලේ නාම යෝජනා සඳහා තරඟකාරී අංශයේ සහභාගී වී සිටින අතර පසු ගියදා අවසන් වු කැනඩාවේ මොන්ට්‍රියල් සිනමා උළලේ කුළුඳුල් චිත්‍රපට තරඟකාරී අංශයේ "රන් මුදුන" (Golden Zenith) සම්මානය සඳහා ද නිර්දේශ විය.

සමාධි ලක්සිරි, බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස්, කෞෂල්‍යා ප්‍රනාන්දු, දයාදේව එදිරිසිංහ, ප්‍රසන්න මහගමගේ, දිල්ෂානි පෙරේරා සහ ළමා නිළි කුශෙන්යා සයුමි ෆොන්සේකා රංගනයෙන් දායක වන මෙම චිත්‍රපයේ කැමරාකරණය එම්. ඩී. මහින්දපාල ගෙනි. ලාල් හෑගොඩ, රසංග දිසානායක, මොහොමඩ් ඇඩමලි සහ නදිරා ඇඩමලි මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත.





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails