Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඇමතුම් කිසිත් නැති සවන් තල මත
දෙස් දෙවොල් තබන විට හිතුක්කාර මඳ නල
බිඳී විසිරුණ මතක කැබිලිති එකතු කර කර
කැටපත තනයි ස්මරණය
සන්සුන් මෙ විල මත
නොසන්සුන් ලෙස.

විල නොසන්සුන් වුණු කල
අහසත් නොසන්සුන් බව ඇත්තකි.
අහස සන්සුන් නැති කල
වලාවන් නොසන්සුන් ලෙස කැරලි ගසමිනි.

උකටලී වන්නට හැකි බව ඇත්ත
මඳනලකට වුව කලකිරුණු විට
සුසුම් සිර කර ගත් සන්තානයට යන්නට
පාර අමතක වුණු අතීතය හා සමඟ.

මේ කිසිම දෙයකට සුසුම් පලි නැති බව
දැන් ඉතින් මා කියා ගන්නේ කොහොමද?

ස්වර්ගාරෝහණය ගැන ඇය සිතූ දෑ
මට මතක නැති බව දැනී
ඈ වියරු විය.

ඒ වියරු සිනහව නම්
සදාකාලික මතකයකි.
ජන්ම පාපය මෙනි
උපන් දා සිට පසුපසින් එන.

ස්වර්ගීය සුසුම් ඇසෙන්නේ
ආකාසයටත් එපිට අවකාශයකින් බව
සිතා සිටි ව්‍යාකූල වලාකුළකට
ඇත්ත වැටහුණු පළමු මොහොතෙ ම
නෙත් කෙවෙනි පුපුරා
වැස්ස ඇති විය.

නිදා ඉන්නට හැකිනම් මඳනලට
සුවඳ මොකටද මල්වලට?

මලට මල් පෙති අමතකව ගිය මොහොතකය
සුළඟ ආවේ ඇදි ඇදී මල් කෙමියට
ඇවිත් දණ නැමුවා කවියට.

"පිහගන්න බැරිවුණු
ඇස් අගිස්සෙහි තැවරුණු
සෙමින් ඇස් අග ගුළිවුණු
හෙමි හෙමින් යළි ගිළිහුණු

සුවඳ එක්කම ළංවුණු
මේ ස්මරණ රොන්සුනු
කවි සුසුම්පද නංවනු
නොහැකිය කියා වෙන්වුණු

සංතානයෙහි වෑවෙනු
බැරි නිසාවෙන් පාවුණු
වියෝගයටම පේ වුණු
කෝ ඒ අයනු ආයනු "

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails