Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වෙරළ රළ බිඳෙන මානයක
අඩ අඳුරු තැබෑරුම කෙළවරක
මධු විතක් තොළ ගගා ඇති රාම
රාවණා සිහි කර කර

සියුම් ඉරිසියාවක ගිනි සිළුව
අවුස්සා අවුළුවා දුම්වැටිය
දුම් වළලු විසි කරනවා රාම
"කොයිබින්ද වළල්ලට
මට නොමැති සැහැල්ලුව ?"

නුරාවෙන් පෙරාගත් සුරාවක
අවසාන බිඳුව පමණක් ඉතිරි
මධු බඳුන බිම ගසා
බිඳ දමනවා රාම
"කොයිබින්ද බඳුනකට
මට නොමැති සුරා මත ?"

බිඳුණු වීදුරු කැබලි එකතු කොට
වියරු වේදනාවෙන්
අතීතය වෙත හැරී
ඉකි ගසනවා රාම
"කොහිද දැන් මෙතැන තිබු
මධු බඳුන ?"

සියුම් ඉරිසියාවක ගිනි සිළුව
තවමත් පසෙක ඇවිළෙන
දැවිය හැකි සැම දේම
සොය සොයා ඒ වෙත ම
ඇද ගන්න
දැවෙනු හැකි සැම දේම
සොය සොයා ඒ වෙත ම
ඇදී යන

රුවන් නෙලූ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails