Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සාරි ගප්පියා මං
සරන් අඳින

හොර ඇළ ළඟ
ඒදණ්ඩ යට
එක තැන පින පීන
හොර ගල් අහුලන
ගිනි වතුරේ රැළි නංවන,

පොල් අතුවලින් කොටු කර ගෙන
ජීවිතය
හැන්දෑවට බූරු ගහන

බිලී කොකු කඩන
අයෝමය මත්ස්‍යයා.
සැඩ රැල්ල සේ බැණගෙන
කළුගලේ ඔළුව ගහගන්න
සර්පයා.

'අම්මා බුදු වේවා' පච්චය
රන් අකුරෙන්
පපුවේ ගලේ කෙටුව.
හන්දියට
තනි රජ්ජුරුවෝ
ඒ වුනාට මං
ප්‍රේමවන්තයා
වැඩ අරින වෙලාවට
දියෙන් ගොඩට එන්නා

ඉන්ද්‍රාවතී ඔහොම ඉන්ඩ
අදින් පස්සෙ සිල් ගන්නම්.
අනේ මන්ද.....!
දත්මිටි කාගෙන
කොච්චර හිතුවත්
වරල හපාගෙන
වීරිය කෙරුවත්
පිරිසිදු වතුරේ
ගිලි ගිලී තටමව්වත්
මට බෑ මයි වෙනස් වෙන්ඩ
බොර දියමයි මං වටේට.

අලුත් සාරිය ඇඳ ගෙන
ඉන්දාවතී පීනුවාය
සෙනග අස්සෙන්

ඉන්ද්‍රාවතී ඇඬුවාය
පය පැකිලී
වරල තුවාල වී
පතුලට ඇද වැටී

ඉන්ද්‍රාවතී
ප්‍රේමය කියන්නේ මොකක්ද?
මං දන්නැත්තේ ඒක ද?
දුවන් නැති ව මට කියන්ඩ
මොන ඉස්කේලෙ ද උගන්නන්නෙ ඒක !

[කඳු මුදුන | ‍2014]

සමිත බී. අටුවබැන්දෑල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails