Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අහසක් දරාගෙන හුන් මංඩිය
කිවුල ළිඳ ළඟ හන්දිය
ගම රැකි දෙවියන්ගේ
ස්මාරක වඩාගෙන හුන්
සදාදරණීය
කිවුල ළිඳ ළඟ හන්දිය

මාරයාගේ දූතයන් ආ
රාත්‍රිය සිහි කරනා
මාවතේ ඉතිරි වුණ ස්මාරකය
කාලයාගේ ඇවෑමෙන්
සුදු කොඩි නැඟුණේ
මංසලේ හදවතේ පමණ ය

බක්මහ ද ඉලව් ගෙයක් මෙන්
හැමදාම හද ගැහෙන හන්දිය
ගල් අරක්කු බිව්වත්
දැන් එතැන කිවුලය

තණපත් පවා හැකිළිලා
රහසක් දරන් හිත යට
පහනක් පවා ඇවිළුණොත් මංසලේ
කරුණක් තමයි එය මරණයට

ඉස්සර මංසල හරි අවංක ය
දුක් ගින්දර පවා දරන්නේ
ගම්මු එක්ක ම හදවත් වැලඳගෙන ය
නිල නොලත් අවි හංගාගෙන
මංසලත් දැන් එක විදිහක් ය

එක හිතක් නැති මංසල
කිවුල ළිඳ ළඟ මංසල
දුක වුණත් කියන්නෑ කවුරුත්
හුඟ දුරයි දැන් මංසල
ඒ වුණත් උඹ මංසල
කිවුල ළිඳ ළඟ මංසල

ගාලු පාර දිග හැලුණු සිනා සළු | 2014

ඩොමිනික් චන්ද්‍රසාලි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails