Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මගේ ඔළුවට උඩින් ඉර ඇවිත් කොඳුරලා
කියනකොට නැගිටපන් තේ පඳුරු පීදිලා
ලැයිම් කාමර ඇතුලෙ පැදුරු කඩ අකුලලා
නැගපු හැටි මතකයිද කකුල් දෙක අඬවලා

මගෙ ඉහ කෙස් කපා තේ පඳුරු හිටවලා
තැනින් තැන පේලියට ගල් වැටිය අතුරලා
ගිනි අවුවේ මැරීගෙන රුපියලක් ඇහිඳලා
කවනකොට පොඩි උන්ට මම ගියා ගැස්සිලා

කූඩැල්ලො උරනකොට ජීවිතේ එල්ලිලා
කහට දළු ගියපු හැටි පිට රටක ඉගිලිලා
ඉඳ හිටක දවසකට කෝවිලේ හඬ තලා
දුක් ගොඩක් කියනකොට මම ගියා වෙවුලලා

කලුපාට හම ඇතුලේ ලේ පිරුන පපුවලට
හැමදාම වැඩ කරල ගැට ගැහුණ අත පයට
නිදහසේ නිදියන්න දුක් වින්ද ඇස්වලට
ඉඩ දෙන්න මම ආවේ දිය වෙලා වැස්සකට

රිදුනොතින් සමාකර ඉවසපන් තන්ගම්මෙ
වඩිවේල් වත් ඉතිං එක්ක යමු මේ ගැම්මෙ
මාත් පොළවට හනික පාත් වෙන්නම් පිම්මෙ
බදාගෙන ආදරෙන් නිදිය ගමු දැන් අම්මෙ

[ඡායාරූපය : GETTY IMAGES]

ජනිත් විතාරණගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails