Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කරදිය'රැති ගිමන නිවන
තුරුළෙහි මා, නිබඳ රැඳෙන
වැවේ වත්තෙ බාල පුතේ
කියපන් නුඹ ගියේ කොතැන

අතු මත චෙරි පිරෙන දාට
හැම මල් කොළ වරන දාට
මා අසලම රැඳුණු පාද
අමතක කරනෙම්ද දාක

සුදු මල් පෙති හලා බඳෙන්
අතු ඉති හෙම නමා සැරෙන්
ගිය දා නුඹ හැඬුවා මම
මටත් හොරෙන් නික්ම ගමෙන්

සිදාදියට ගිය විගසින්
දෑස වැසුණු දූලි සැරෙන්
චෙරි ගහ ගැන මතකය නුඹ
කෙලෙසක හැලුවාද හදෙන්

ගෙඩි පළගන්නා කාලේ
ගේ ළග පොඩි ඉස්කෝලේ
පොඩි උන් නුඹ වගෙ බාලේ
ගැවසුණි පාමින් ආලේ

බර අතු හැම බිම හෙළමින්
උන් කළ නොමනා දඟ කම්
ඉවසූ හැටි මා කඳුළින්
අහපන් ලොකු අක්කාගෙන්

පුත නුඹෙ ආදර අම්මා
ඉවසනු බැරි මේ නිම්මා
දුක දැක පොරවක් නම්මා
පණ මා, සිඳලා දැම්මා

නැවත දිනෙක සිහිව මෙගම
සිදාදියෙන් පිටව ඇදෙන
නොදැක නුඹව තවත් වරෙක
මිලිනව යමි කෙලෙස මෙලෙස

සැඟවෙන්නෙමි නැගෙනු පිණිස
මේ වත්තෙම තැනෙක දිනෙක
අවසන් චෙරි ඵල විඳගත්
කුරුලෙකු ගේ වසුරු පිඩෙක

නදීරා මධුවන්ති රත්නායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails