Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හැම අකුරක් ගානෙම
හැම අකුරු දෙකක් අතරෙම
හිස්තැනක් ඇති බවත්
ඒ හිස් තැන් හුස්ම ගන්නා බවත්
එකල මට අමතකව ගොස් තිබිණ

හැම අකුරකටම ශබ්දයක් ඇති බවත්
ඒ ශබ්දයට කතාවක් ඇති බවත්
ඒ කතාව අපේම බවත්
නිතර නිතර සිහිපත් කිරීමට ඔබටත්
අමතක වෙන්න ඇති
මතක් කරගන්නට
මටත් අමතක වෙන්න ඇති

ඔබ වේදනාව අකුරු කරද්දී
ඒ අකුරුවලින්
හෝඩියක් සාදා
ඒ පොත් අච්චු කොට
පොඩි උන්ට විකිණුවෙමි ....
මම

හෂාන් අබේගුණරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails