Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හිතේ තියෙන ගඟ
සොයන්නෙමි බොහෝ කල්

තුරු වදුලක සැඟව සිට
තාලයට ගලාවිත්
සිත අද්දරින් බැස යයි
ඒ හිතේ තියෙන ගඟ

නෙත නොදුටු සාංකාවෙන්
සොයමි මම හිතේ තියෙන ගඟ

නෙත අද්දරින් ගලා යයි ගඟක්
ඒ හිතේ ඇඳි ගඟ නොවේ
කොහිද ඒ හිතේ තියෙන ගඟ

මහ වැසි ඇද වැටුණු දා හැන්දෑවක
හිරුගේ අවසන් සිතුවම තවරගෙන
ගලා යයි නෙත අද්දරින් ගඟ
තාලයට සීරුවට

සැනෙකින් අතුරුදන් විය
මා පෙලූ සාංකාව

අද පටන් නුඹම වෙයි
හිතේ තියෙන ගඟ

අනුෂ්ක තිලකරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails