Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බැහැපිය එලියට ,
ඈ නික්මුනාය ආලවක භවනින්..

වරෙන් ගෙට,
ඈ පැමිණුනාය නැවත ආලවක භවනට,

සතරවරම් දෙවි අනුහස් ලබා
වැදුවාය ඈ නොනවත්වාම දරුවන්,

ඝන කැලෑ පපු තලාව මත
දෑඟිලි තුඩු සෙනෙහසින් නොගිය මුත් ඔබ නොබ
ආලවක යුක්තානු ,ජීවානු විය,

සුප්පාව සිංහයෙකුට පෙම් බඳිද්දී
ඈ යක්ෂයෙකුට පෙම් කලාය,

දඟරගින් ස්ප්‍රීට් වෑහෙද්දී
නිසි පදමට කවලම් කොට බෝතල් කලාය
බෞතීස්ම කරන්නට දරුවන්
අලව් දහමින් පෝෂණය කරමින්,

පැහෙන ගෝඩා බැරලයට තන කිරි මුසු කළාය
නොමිනිසුන්ට කිරි රසය විඳින්නට,

ඈ නන්දා ය,සිව් දරු නන්දාය,
ආලවක භවනේ අග මෙහෙසියය,
කසිප්පු තිප්පලේ උසාවි නියෝජනය කරන්නීය,
සීනි සීයට තන පට උනා දමන්නීය
සබන් ,කිරි පිටි ටිකට පංසලට වඩින්නිය,
සිවුරු තෙත් කරන්නීය,
ඈ නන්දාය,පටාචාරා චරිතයම
වෙසක් නාටකේ රඟන ඈ නන්දාය,
පළයන් එළියට,
වරෙන් ගෙට,

අණට කීකරු වන්නීය නන්දා..

නින්දා විඳින්නීය,කඳුළු උහුලන්නී ය
කුස දරු දරන්නී ය,දරු කැල රකින්නීය ..

ඈ සොයා ගත්තා ය,හැරවුම් ලක්ෂය
උල්පත සොයාගත නොහැකි මුත්
ද්වාරය දුංහිඳම බැව්.....

දුංහිඳෙන් පහතට සිවු දරු සමඟ
ජීවිතයේ නී රස විසි කළ නන්දාය ඈ,
ජීවිතය දුංහිඳට මුදාහල නන්දාය,
සිව් දරු මරා තමාද මියැනු යක්ෂණිය ඈ නන්දා ය,

ආලවක මළකුණු බදා ගුගුළේය

වරෙන් ගෙට
බැහැපං එළියට....!!

[ආලවක ආලිංගන | 2014]

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails