Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පොළා පනිනා වලාවක රහස් කෙඳිරිය
අකුණක රැඳුණු විදුලිය
පොළොවක් තවත් කෙසේ නම් හැකිද ඉවසිය
ඉතින් මා සොඳුරිය,
කියන් සිදුහත් කළේ තවත් වරදක් නොවෙද
හැරදා ගිහින් ගිහිගෙය

නේරංජනා තීරය
පවසයි දිනෙක සත්‍යය
කන්ථක ම නොවෙයි ඒ
ළය පැළී මිය ගියේ මා ය

අත් හැරීම ද යමක් ලැබීමය
ලැබුම නොලැබුම දෙක ම
එකට සන්සිඳෙන තැන්
මේ මඟුල් සක්වලෙහි නැතුවා ය

ඇසතු බෝ රුකක් මුල
වැටුණු බෝ පත් අතර
දිර දිරා යනු දකිමි
මට අහිමි මගේ ම වු සිහිනය

මට ම පෑගී තැළුණු ජීවිතය ....... !

[සිතුවම: Chris Benjamin]

රුවන් නෙලූ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails