Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලිහී ලිහී සහෝදර කැටියෙන්
අතැර පැටලුම් විහිදාය දුහුල්
අල්ලා දහස් අතකින් නිම්නයේ හිස්කම
මව් ලතාවෙන් මිදෙයි හුළඟ වෙත

හුළඟ ඉන්නේ හුළඟ යන්නේ
මේ අවට කොතැනටද
රික්තයෙහි සරන්නේ
වරා මල දුහුල ඔබ
රික්තයයි හුළඟයි
එකට ගැට ගසන්නේ

හිස්කමක පොඩියකට
පිරවුමක් කරන්නේ
මහද විගසින් එවන් සිත්තම්
හදේ හිර කරන්නේ
පපුව හිර කරන්නේ

රළු පරළු වේගයෙන් ඇඹරෙද්දි
ශාන්තව ලැසි ස්වරය මුමුනද්දි
හිස නවා කරමින් ආචාර
ආධුනික සැරිසරකි පළමුවන පියාසර

මරු කතර ගිලි යාද හෙල් වැටියේ රැඳේවිද
තුරු ගොමුව පසු කළද කුරුළු තුඩ සිරවේද
ආරම්මණා කොට නැගුනේද නිල් අහස
මට සැකයි ඔය හුළඟ කොහේ ඔබ ගෙනයාද?

හෂාන් බඹරබොටුව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails