Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



Bertolt Brechtගේ "He who says yes" නම් කෙටි නාට්‍යය, "සිරිත වන්දනා කිරීම" ලෙසින් සිංහලට පරිවර්තනය කළේ ප්‍රවීණ නාට්‍යවේදී විජිත ගුණරත්න විසිනි. මුල්වරට "සිරිත වන්දනා කීරීම" ශ්‍රී ලාංකීය වේදිකාව මත රඟ දැක්වුණේ 1987 දීය. 27 වසරකට පසුව නැවතත් නාට්‍යවේදී විජිත ගුණරත්නගේ අධ්‍යක්ෂණය යටතේ "සිරිත වන්දනා කීරීම" 2014 දෙසැම්බර් 14 වැනිදා, ඉතාලියේ Bresciaහී සාන්ත අෆ්රා දේවස්ථාන රංග ශාලාවේදී වේදිකා ගත කිරීමට නියමිතය.

"සිරිත වන්දනා කීරීම" පිළිබඳ විජිත ගුණරත්න මෙසේ අදහස් පළ කරයි.

"'සිරිත වන්දනා කීරීම' පරිවර්තනය කරන්න මාව යොමු කළේ ලංකාවේ නාට්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්නට මහත් වෙහෙසක් දැරූ නාට්‍යවේදියෙකු වන බන්දුල ජයවර්ධන මහතායි. 80 දශකයේදී සංස්කෘතික අමාත්‍යාංශය විසින් මෙහෙයවපු සංස්කෘතික පාසලක් තිබුණා. බන්දුල ජයවර්ධන මහත්තයා ඒක බාරදුන්නේ මට. 'සිරිත වන්දනා කීරීම' පළමුවරට කළේ ඒ පාසලේ ශිෂ්‍යන් සමගයි. මේ නාට්‍ය හරහා කලා ක්ෂේත්‍රයට ආපු අය ගොඩක් විවිධ කලා අංශ වල ඉන්නවා... ඒ අය ලංකාවෙත් ලංකාවෙන් පිටතත් විසිරිලා ඉන්නවා.

විශේෂයෙන්ම අපි බ්‍රෙෂ්ට් ගැන කථා කරනකොට, බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය පිළිබඳව හදාරන කොට, බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය මුලධර්ම ගැන කතාකරනකොට, ඒවා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් මූලික ගුණාංගයන් මේ නාට්‍යයේ තියෙනවා.

පැන්ස තුනේ කතාව, හුණුවටයේ කතාව වගේ ඒවල තියෙන්නේ බ්‍රෙෂ්ට් එයාගේ දැනුම මුහුකුරා ගියාට පසුව කල රචනාවන්. ඒ වගේම නාට්‍ය නිෂ්පාදන ක්‍රමවේදයේ ඉතාම ඉහළට ආපු තැන්. නමුත් මේ මුල් අවදියේ නාට්‍ය වල තියෙනවා බ්‍රෙෂ්ට් යෝජනා කරපු එපික් රංග ක්‍රමය කොහොමද අපි අත්හදා බලමින් ගොඩනගන්න ඕනා කියලා ගත්ත උත්සාහයට පදනම් වෙච්ච කාරණා.



ඉතිං මම හිතනවා මේ නාට්‍ය හරි වැදගත් කියලා. මොකද අපිට වැඩකරන්න වෙලා තියෙන්නේ සමාජ දේශපාලන සංස්කෘතික වශයෙන් අවබෝධය අඩු අයත් එක්ක. ඒ වගේ අයත් එක්ක වැඩ කරනකොට ඒ අයට කියාදෙන්න පුළුවන් හොඳ පාඩම් ගොඩක් 'සිරිත වන්දනා කීරීම' තුළ තියෙනවා. ඒවගේම මේ නාට්‍යයේ අර්ථ ගණනාවක් තියනවා.

මේක සම්ප්‍රදායික කතාවක්... ගුරුවරයෙක්, ශිෂ්‍යයන් සහ සාමාන්‍ය වැසියන් අතර සිදුවෙන මුලික සංවාදයක් තුළින් ඉදිරිපත්වෙලා ඉන්පසුව සම්ප්‍රදාය බිඳිනවද, සම්ප්‍රදාය රකිනවද කියන විප්ලවවාදී අදහසට යොමු කිරීමක් තමයි 'සිරිත වන්දනා කීරීම' තුළ තියෙන්නේ... දැන් අපි මේ නාට්‍ය දෙවන නිෂ්පාදනය කරන්නේ ලංකාවෙන් බැහැරව ඉන්න අයත් එක්කයි. ලංකාවෙන් බැහැරව ඉන්න සහ ලංකාවේ ඉන්න සංස්කෘතික, දේශපාලනික, ආර්ථිකමය තත්වයන්වල නිපුනත්වයක් නැති කොටස් සහ කණ්ඩායම් සමඟ වැඩ කරද්දී ඒ අයට කියා දෙන්ඩ පුළුවන් හොඳම පාඩම් තමයි මේ වගේ බ්‍රෙෂ්ට් යෝජනා කරපු කෙටි නාට්‍ය තුළ තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ නාට්‍ය මේ කාලයට බොහොම වැදගත් කියලා."



"සිරිත වන්දනා කීරීම", ජනරැඟුම් මණ්ඩපයේ ඉදිරිපත් කිරීමකි. දුලාල් ඉන්දික (පොතේගුරු), හිල්මි සුපුන් (ගුරුතුමා), ශ්‍රියානි ජයසිංහ (මව), සසිඳු අමයංග (පුතා ), ළමා කණ්ඩායමේ පිරිස ලෙස භාග්‍යා නවෝදි, ඉසුරි සම්මානි, අවිශ් සචින්ත, සවිදු සංදීප රංගනයෙන් දායක වන අතර සුමිත් පීරිස් සංගීතයෙන් ද විනීතා කුසුම්, ශකිලා ඈන්,රෝයිමෙරිල්, ජූඩ් නිශාන්ත, රංගන පෙරේරා පසුබිම් ගායනයෙන් සහය දක්වයි.

හිල්මි සුපුන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails