Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අම්මෙ මං හැංගිලා පිච්ච ගාලේ මෙතන
ඉන්න මානෙක ඉඳං හිමිං හූවක් කියන් !
ගොරෝනව ඇහෙනවා තාත්තා නිදි හැඩයි
නංගීත් ඒ හඬට ඇහැරිලා අඬනවා

ඇතිලියේ අඩිය, උඩ බලාගෙන, ලිප ගාව
හැංගිලා ගින්දරත් හොදි ඉහිරිලා ලිපේ
බත් හැලිය කුඩු වෙලා හිනාවෙනවා අපිට
අතු ගාන්නත් බෑනි කොස්ස කැඩුනා නේද?

කොහු පාර දිගේ අපි තෙල් ගාල අතගාමු
නංගීට කිරි දීල නින්ද ගියැයිං පස්සෙ
තාත්තගෙ වෙරි හිඳිල ඇහැ ඇරෙනකං අපිත්
ඇහැ පියා ගමුද සංගුව පිඹින්නත් ළඟයි

චන්ද්‍රසේන බදුගම​



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails