Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දැක මැණික් වැස්සක්
වසිනයුරු
සිටියේය
හේ
හේබාගිය වතින්
වසා නෙත් පියන්

සදාකාලික
කඳුළු වැස්සක
තෙමෙන්නට ඇති
බියෙන්

[තුරක කඳුළු | 2010 ]


බෝගන බෝකන්ද



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සිද්ධාර්ථ
ඉපදිණි නම් ලංකාවේ
යශෝදරා
කණවැන්දුම් වූයේ

අල්ලපු ගෙදර
ඉලංදාරියා එක්ක
තහනං ගහේ ගෙඩි කෑ බවට
ඇසින් දුටු
සාක්ෂි ඇතැයි
හෙළිදරව් කොට මුලු රටට
බොර දියේ මාළු බාගන්නට ඉඩ තිබිණ
මුදලාලි කෙනෙකුට.

[රාත්‍රිය අවදි නොවේ |2002]

සිතුවම: Raff Boyadjian

ආර්. ආර්. සමරකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දයාබරිය, තාන්යා අපි මඳක් වාඩිවෙමු
ජීවිතය ගැන කතා අතරතුර,
සිහින දකිමු
තේ කෝප්ප ගණන් බොමු
හිම, මඩ කළු පැහැයට හැරෙයි
ඒ බොහෝ අය ඒ මත
ඇවිද ගොස් නිසා
ඒත් හැන්දෑවට
ආයෙමත් හිම වැටෙයි!

සුළඟ හැම ගේ ගිම් නිවාවි
තරු එළියත් හැමට ම යි
නිල් එළියෙන් ආයෙමත්
ලෝකය වැසුණා ම
වසන්තය එළැඹේවි.
වස්සානයේ පැමිණීම
සුසුම් හඬ, නාදය
මම වහා හඳුනගමි.

අනිකුන් දකුණු දෙසට ගියාවේ
සැවො ම එහි යාමට හදිසියෙන්
මම එහි නොයමි
මේ ගංගාව දමා
කොහේ යන්න ද?

[ෆත්යානොව් ගේ ප්‍රේමය - 2005]

සිතුවම:Leonid Afremov

අලෙක්සෙයි ෆත්යානොව්
පරිවර්තනය - තනුජා ධර්මපාල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මේ සටහන සමන්ගේ දුව ගැන නෙමෙයි.

මම මේ වෙලාවේ සමන් කරපු වැඩ ගැන න්‍යායාත්මක විචාරයකට යන්නේ නැහැ. ඒත් සමන්ව මගේ හිත දැක්ක හැටි චිත‍්‍රයකින් එළියට ආව.(1)

මගේ ජිවිතයේ අහපු සංගීත කෘතිවලින් මං ගොඩක් අහපු මට ගොඩක් දැනුන, මට තාමත් මතක සංගීත කෘතිය තමයි C miner සිම්ෆනිය. ඔයාලත් අහලා බලන්න පටන් ගන්න හැටි. ඒ පටන් ගැන්මට පට බැඳිලා තිබුනේ "fate knocks the door" (බිතෝවන්ගේ සෙකට්රි පස්සේ කාලේක මේ වචන හෙළි කළා. 'ඉරණම දොරට තට්ටු කරයි' වචන ටික. එත් මට මගේ ජිවිතයේ C miner සිම්ෆනිය පටන් ගන්න තැනට "fate knocks the door" වචනවලට වඩා මට සමීප වචන ටිකක් හම්බවුණා.


The Symphony No. 5 in C minor of Ludwig van Beethoven, Op. 67

ඒ තමයි බෝතල් පත්තර කඩේක තිබිලා කේ.කේ. සමන් කුමාරගේ 'සර්පයෙකු සමග සටන් වැද' පොත හම්බවීම. ඒ පොතේ තිබුණු කෙටිකතාවක 'අපි දරුවා නැති කරමු' වචන ටික repeat වුණා. C miner සිම්ෆනිය පටන් ගන්න ස්වර හතර වගේ. එදා තමයි මට කේ.කේ. ගැන ආදරයක් ඇති වුනේ. මම කේ.කේ. ගැන අහලා තිබුනා, දැකලා තිබුනා. හතරවන ජාත්‍යන්තරයේ සිංහළ පත්තරය වුන 'කම්කරු මාවත' අරං පාරවල්වල සමන් රස්තියාදු වෙනවා මං දැක්කා. කේ.කේ.යි මමයි ඊට පස්සේ කාලේක එක ප්ලේන්ටිය හැමදාම බෙදා ගත්තු යාඵවෝ දෙන්නෙක් වුනා. එත් මං ලෝකෙට අපි දෙන්නගේ අතීත කතන්දර කියන්නේ නැහැ. මොකද අපි තාම ජීවතුන් අතර ඉන්නවා. අනික මං නොදැක්ක අත්නොවින්ද පුද්ගලික කතන්දර විශේෂයෙන් 85-99 කාලයේ ලිංගික කතන්දර වෙළෙඳපොළට අරන් ආපු බොරැුල්ල සුපර් මාකට් සම්ප‍්‍රදාය එච්චර කි‍්‍රයේටිව් නෑ.

18 වැනි ශතවර්ෂයේ අවසාන භාගයේදී වගේම 19 වැනි ශතවර්ෂයේ තමයි දේශපාලනික, ආර්ථික, සංස්කෘතික විප්ලවවල කාලේ කිව්වේ. බීතෝවන්ගේ නවවැන සිම්ෆනිය වගේම පස්වැනි සිම්ෆනිය ගැනත් ඒ වගේ දේවල් තමයි කියවුනේ. 'ප‍්‍රංශ විප්ලවයේ ප‍්‍රතිබ්ම්බයක්’. ඉතිං ඒ කාලේ බීතෝවන් බිහිරි වෙමින් හිටියේ. කවුරුත් කියන දේවල්වලට වඩා තමන්ගේ ඔඵවේ තියෙන දේවල් එළියට දාන එක තමයි එකම පිළිසරණ වුනේ. ජෝන් එළියට් ගාඞ්නර් තර්ක කළා මේක ප‍්‍රංස විප්ලවය ගැන බීතෝවන්ගෙ ප‍්‍රකාශය කියල මේ කිසි තර්කයකට පුද්ගලික ප‍්‍රකාශයකට අද දවසේ මගේ රස වින්දන සකි‍්‍රයකරණය නවත්වන්න බෑ.

ඒත් මං හිතුවා විප්ලවයක් ගැන. මටත් දැනුනා පස්වැනි සිම්ෆනියේ විප්ලවය. ඒ අස්සේ ඒ කාලේ හැමෝම විප්ලවයක් ගැන හිතුවා. විශේෂයෙන්ම 89 කාලේ. කම්කරු මාවතත් විප්ලවීය දේශපාලනය වෙනත් පරිමාවකින් මං ඇතුලට ගෙනාවා. ඒත් කේ.කේ.ගේ සර්පයා පොත බෝතල් පත්තර කඩෙන් හමුවුන දවසේ පස්වැනි සිම්ෆනියට අලුත් අදහසක් ආවා. ඒ තමයි 'අපි දරුවා නැති කරමු.'

මේ කාලයේ මං ගියා මරදානෙ විකොස කාර්යාලයට එයාල මට කිව්ව එන්න වැඩ කරමු කියල. මං කිව්ව මට සල්ලි ලැබෙන පඩියක් එක්ක ජොබ් එකක් මං හොයන්නේ මට ළමයෙක් ඉන්නවා ජීවත් කරවන්න කියල. ඒත් එතන හිටපු චරිතයක් කිව්ව සහෝදරය ඔයා ඔයාගේ ළමය ගැන විතරක් හිතනව. ඒත් අපි මුලු ලෝකේම ළමයි ගැන හිතනව කියල. ඒකට මගේ ප‍්‍රතිචාරය වුනේ මට ලෝකේ අනිත් ළමයිට වඩා මගේ ළමයව දැනෙනව. මං එයා ගැන බලන්න ඕන කියන එක.

අද දවස දිහාට කාලය එද්දි කේ.කේ. කම්කරු මාවතින් අයින් වුනා. කේ.කේ. අජිත් තිලකසේනටයි, සයිමන්ටයි ලං වුනා. පියසීලි ලස්සන වුනා. විජේ ඩයස් හිරේ ගියා. විප්ලවය දිය වුනා. අපි දිගටම හමුවනා. කේ. කේ. සමන් කුමාරයි මමයි.

බීතෝවන්ගේ පස්වැනි සිම්ෆනියේ විප්ලවයකට වඩා දෙයක් තියෙන බව වගේම සමන් ඇතුලෙත් කම්කරු මාවතට වඩා දෙයක් තියෙන බව මං දැක්ක. හෙට්රෝ sex ඔඵවේ තියාගෙන සමනුයි මමයි බුද්ධිමය වශයෙන් ලං වුනා. කාලය ගෙවිල ගියා c miner සිම්ෆනිය පටන් ගන්න ස්වර හතරට මං ඇතුලෙ තිබුන අදහස විකොස නිසා ආයෙත් අලූත් වුනා

අ පි ද රු ව නැ ති නො ක ර මු

දැං මම දේශපාලනික විප්ලවයක් විශ්වාස කරන්නේ නෑ. සමනුත් මේ වෙනකොට එතැන නැහැ. ගොඩක් යාඵවොත් එතැන නෑ. අපිත් එක්ක හිටපු ගොඩක් යාඵවෝ ආන්ඩුවලට කඩේ ගියා. 'උඹේ අම්මද මටයි මගේ ලමයින්ටයි ගෑනිටයි කන්න දෙන්නේ' අහමින්. ඒත් සමන් එක්කම හම්බවුන යාඵවෝ අතරින් 'උඹේ අම්මද කන්න දෙන්නේ' කියලා තවම අහන්නේ නැති සමාජ ව්‍යාපාර ඇතුලේ විවිධ පරස්පරතා තිබුනත් යාඵවෝ කිහිප දෙනෙක් ඉන්නවා. ප‍්‍රශ්නේ තියෙන්නේ සමන් ආන්ඩුවලට කඩේ ගියේ නැති වුනත් මේ සමාජයේ දුෂ්ට ආයතන කිහිපයකටයි චරිත කිහිපයකටයි කඩේ යන්න සිද්ධ වුනා. එතකොට සමන් ඇහුව්වා මගේ ලමයින්ටයි ගෑනිටයි කන්න දෙන්නේ.... අම්මද? කියලා. ඒත් මගෙන් නෙවෙයි. ඉතිං තව ටික දවසකින් ළමයි ලොකුවෙයි, වයිෆ්ලත් ලොකුවෙයි, එතකොටවත් සමන් අපිට තියෙන මේ අවලම් ආර්ථික ගැටලූවට විසඳුමක් හොයාගෙන මෙහෙම කිව්වොත්...,

හේයි කුමාරයා,
උඹ කවුද? උඹ නිකම් හදිසි උපතක්. You’re a accidental birth. උඹ වගේ කුමාරයෝ ලෝකේටම ඕන තරම් ඉන්නවා. ඒත් මම...... මම බීතෝවන්... one and only Beethovan
-බීතෝවන් කුමාරයෙකුට ලියපු ලියුමක්


(1)


අජිත් කුමාරසිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



1. සුසුමක් වෙලා ඔබෙ ඇනලොග් හිත ගාව
කුසුමක් වෙලා මිය යමි ඔබෙ පය ගාව

2. බෝලය වශී මිරිකමි ඔබෙ බඩ ගාව
කතිරය දෙතොත් දෙමි ඩිජිටල් සිනමාව

3. පැත්තට දාමු ඔය ඩිජිටල් මකබාව
නිළි මස් කන්නටයි මගෙ නම් ආසාව

ඩෝං පුතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"ආයෙමත් දවසක අපි සෙට් වෙමු" කියා නැගිට්ටට
"ඕකේ මචං, මමත් කියන්නං දවසක්" කිව්වට
උඹත් කිව්වෙ නෑ දවසක් මට ඔහේ එන්නට
මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට

එදා සිට පාළොස් වසක් ඇදං ගියා අපි ජීවිතය
අපේ පයටමයි පෑගූනේ ඒ සාද කතා හැන්දෑව
එල එලා දුන්නට දිග් දිගට හතර අතටම අධිවේග
උඹ තියා මට මාවවත් හමුවුනේ නෑ මගෙ මිතුර

රස්සාව කෙරුවා ­ ඕටීත් කෙරුවා ­තව බ්‍රෝකර් වැඩත්
ගෙයක් හැදුවා තාප්පෙ බැන්දා ­ ගත්ත කිරි කිරි මරුතියක්
පොඩ්ඩො ඉස්කෝලෙ දැම්මා ­ පංති ඇරියා ­ ශිෂ්‍යත්තෙනං සමත්
පස්ස හැරිලා බලනකොට කෙස්ස සුදුයි අඩමානෙන් ඇහැත්

කැකුළු මල් කපන සේ කපන ණය වාරිකේ දුක කියන්නට
පංතියේ බොට්නි ටීචගෙ පස්ස ගැන කුණු හබ්බ අහන්නට
මහ ගෙදර තනියෙන්ම මළ තාත්තා ගැන කියා අඬන්නට
ආත්මයේ ශ්‍රැතිය සුසර වෙනකොට ජෝතිගේ ගීයක් ගයන්නට

උඹත් කිවුවෙ නෑ දවසක් මට ඔහේ එන්නට
මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට

*******************

බොසාට කුද ගහන්න කියලා බලෙන් නිමාඩුවකුත් අරන්
නෝනටත් සත්තමක් දාලා අන්තිම දෙදහත් අරන් අල්මාරියෙන්
මරුතියට ෆුල් ටෑන්ක් ගහලා කුකුලත් අතකින් අරන්
ඔන්න මම ආවා, මොටද බං අද දවසෙත් නැති යාළුකං

මූණත් කලු ගැහී ඔය හැටි කේඬෑරි වී අත පයත්
මට වගේමයි උඹටත් හුඟක් මහන්සියි නේද දැන්
ඔහොම නිදියං ඉන්න එපා නැගිටපං අනේ නැගිටපං
බදාගෙන අඬමු අපි අපිට කොහෙහරි වැරදුනා බං

රෝහණ පොතුලියැද්ද



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ධනපති අර්ථ ක්‍රමය පිළිබඳ විවේචනාත්මක මෙන්ම විද්‍යාත්මක විචාරයක් ද වන කාල් මාක්ස් විසින් රචිත වෙළුම් තුනකින් යුත් 'ප්‍රාග්ධනය' කෘතියෙහි, සිංහල පරිවර්තනයෙහි දෙවැනි වෙළුම එළි දැක්වීමේ උළෙල, 2014 මාර්තු 05 දින සවස 4:00 ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන ශාලාවේදී පැවැත්වේ. පරිවර්තනය ජයතිලක ද සිල්වා ගෙනි. එදින ආචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි, "ප්‍රාග්ධනය කෘතිය සහ නූතන ගෝලීයකරණය" යන මැයෙන් විශේෂ දේශනයක් ද පවත්වයි.

කෘතිය පිළිබඳ විමසීම්-
ජයතිලක ද සිල්වා
42/2
දෙවැනි පටු මඟ
කොස්වත්ත පාර

දුර- 0112873774, 0718246348



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලොව හමුවන විශිෂ්ට ලේඛකයින්, නිර්මාණකරුවන් බොහොමයක් සිය අදීන චින්තනයන් නිසා ද, මරණින් මතු වුව, ඇගයුමට පාත්‍රව ඇත. ප්‍රකට ප්‍රංශ ලේඛක එමිල් සෝලාගේ (1840 -1902) ජීවන වෘත්තය දෙසට එබී බලන්නෙකුට ද හමුවන්නේ එවන් මිනිසෙකි. ලෝ ප්‍රකට ප්‍රංශ සිත්තරකු වන පෝල් සෙසෑන් (1839 – 1906) ගේ ප්‍රාණ සම සුමිතුරා වූයේ සෝලා ය. දෙදෙන සිය දිගු මිත්‍ර සමාගමය තුළ, කලාව හා සාහිත්‍යය ගැනත් චිත්‍ර කලාව ගැනත්,එයින් නොනැවතී සත්‍යය හා මනුෂ්‍යත්වය ගැනත් සංවාද කළෝ ය. ඒ ගැන එකිනෙකා වෙත ලියූ ලිපි අද එම සාකච්ඡාවන්හි ඇති සුගන්ධවත් බව පිළිබඳ මනා සටහන් ලෙස කලාව හදාරන්නන් අතර ඇගයුමට ලක් ව ඇත.

මෙහි පරිවර්තනය කරනු ලැබ ඇති ලිපිය 1866 දී සෝලා විසින් සෙසෑන් වෙත ලියූවකි. ඔහු කියනා බොහෝ දේවල්හි අවස්ථා සම්බන්ධය වටහාගන්නට ලිපියේ කරුණු ප්‍රමාණවත් නොවේ. එහෙත්, සිය දෘෂ්ටිය පිළිබඳ අවංක බව ඒ ලිපියේ සෑම වදනක් තුළින්ම විහිද යයි. උණුසුම් මිතුදමක අපරිමිත වටිනාකම ද ඉන් නැගෙයි.

මේ ඒ ලිපියයි!

ප්‍රිය මිතුර,

නුඹ සමග කෙරෙන සහෘද කතාබහ අප්‍රමාණ ප්‍රීතියකින් මගේ හද සනසාලයි. මොහොතකට පෙර, මේ පිටස්තර පිරිසත් සමග කළ දබරය නිසා මා කෙතරම් වේදනාවට පත් වුණේ දැයි ඔබට සිතා ගන්නටවත් නොහැකි වනු ඇත. වටපිටාවේ ඇති අනුමාන කිරීම් සහ වැරදි වැටහීම් නිසාම වෛරයට පාත්‍රවීම හේතුවෙන් මම නිරන්තරයෙන් අධෛර්යයට පත් වන අතර පෑන මාතින් ගිලිහී යයි. එහෙත් අද මට නැගී සිටිය හැක. ඒ වසර දහයක් පුරා ඇදී එන අපේ නිරන්තර, තෘප්තිකර කතාබහ අතරට එක් වුණු අලුත්ම සාමිචිය හේතුවෙනි. මා මේ පිටු කිහිපය ලියන්නේ ඔබට ය. ඔබ එය හදවතින්ම පිළිගෙන කියවා බලනු ඇති බවත්, හෙට තවත් උණුසුම් ලෙස මට ආදරය කරන බවත් මම ඉඳුරා දනිමි. මේ මහා කලබගෑනියෙන් දුරස්ථ, හුදකලා ඉසව්වක අප දෙදෙනා පමණක් හමුවී ඇති බවත්, දුටුමතින්ම එකිනෙකා හඳුනාගත් පැරණි මිතුරන් දෙදෙනෙකු සේ සුහදව අප දෙදෙනා කතා බහ කරමින් ඉන්නා බවත් මොහොතකට සිතා ගන්න.

වසර දහයක් පුරා අපි දෙදෙන චිත්‍ර කලාව සහ සාහිත්‍යය පිළිබඳ කතා කළෙමු. අපි එකට ජීවත් වුණෙමු. - නුඹට මතක නම් - බොහෝ දිනවල හිරු නැගෙද්දී පවා, අප දෙදෙන හමුවන්නේ අතීතය සොයා යමින් ද, වර්තමානය ප්‍රශ්න කරමින් ද, සත්‍යය හඳුනාගැනීමට වෑයම් කරමින් ද සහ අප සඳහාම වූ පරම, පරිපූර්ණ ආගමක් සඳහා විමසමින් ද යනාදී ලෙස ය. අති විශිෂ්ට අදහස්වලින් අපේ හිත් පිරී තිබෙයි. සියලු ක්‍රමවේදයන් පිරික්සා අහවර කොට, ප්‍රතික්ෂේප කර ඇති අපි දෙදෙන, අවසානයේ දුෂ්කර ගමනකින් පසු, බලසම්පන්න පුද්ගල ජීවිතය හැරුණු විට හමුවන්නේ මුසාව සහ විගඩම පමණකැයි තීරණය කර සිටිමු.

අතීතය පිළිබඳ මතකයන් ඇති සියල්ලන්ම පිළිබඳ මට සතුටු ය! මගේ ජීවිතය තුළ ඔබ මට සිහියට එන්නේ 'මුසේ'[i] කියූ සුදුමැලි තරුණයා ලෙස ය. මගේ තරුණ අවදියේ සියල්ල ඔබ ය. ඔබ මගේ සියලු සන්තුෂ්ටීන් සහ සියලු වේදනාවන් මා හා එක්ව බෙදාගත් අයුරු මගේ සිහියට නැගෙයි. සහෝදරත්වය පිළිබඳ වුණු අපේ තියුණු හැඟුම දෙපාර්ශවය විසින්ම නිරතුරුව වර්ධනය කළ එකකි. අද, අප ගොඩ නඟා පැමිණි පරිදිම, අප තුළ විශ්වාසයක් පවතියි. ඒ, අප අපේ හදවත්වලින් හා ශරීරවලින් එකට බැඳී ඇති හෙයිනි.

හුවමාරු කරගත් අදහස් සමග හිඳ, දුරින් හිඳිමින් ම වුව, එකිනෙකාගේ සෙවනැල්ල මත ගැවසෙමින් සතුටු වන්නට අපට හැකි ය. සන්සුන් සහ නිස්සාර මිනිසුන් මැද දී අප අතරමං වුණු සෙයක් අපට දැනේ. අප සැමතැනම සොයා ඇවිද්දේ මිනිසත්කම ය. චිත්‍රයක්, කවියක් වැනි සෑම නව පියවරකදීම ආත්මීය අවධාරණයක් සොයා ගැනීමේ නොනිත් උවමනාවක් අපට තිබිණි. කිසිවක් නොතිබුණු තැනක ලෝකය යන්න නිර්මාණය කළේ විශිෂ්ට මිනිසුන්ම බව අප අවධාරණය කළෙමු. එසේම එම ප්‍රතිභාවෙහි සුන්බුන් අතනින් මෙතැනින් අහුලාගැනීම සිය කාර්යය කොටගත් දුබල අනුගාමිකයන් අපි ප්‍රතික්ෂේප කළෙමු.


සෙසෑන් විසින් චිත්‍රණය කළ සෝලාගේ රුවක්
[paulfrasercollectibles.com]


අප නොදැනුවත්වම වුව, අප විප්ලවවාදීන් ව ඇති බව ඔබට වැටහේ ද? පසුගිය වසර දහය තිස්සේ අප මුමුණමින් සිටින්නේ කුමක්දැයි දැන් මට හඩඟා කිව හැකි ය. අරගලය පිළිබඳ පුවත ඔබ අසන්නට ඇත. ඔබට එය ඇසුණා නොවේ ද? එසේනම්, අපගේ සහෘද අදහස්වලට කෙතරම් ඉහළ පිළිගැනීමක් ලැබී ඇත්දැයි ඔබ දකින්නට ඇත. අහෝ...! ඒ දුප්පතුන් ප්‍රොවෙන්ස් නගර මධ්‍යයේ, චණ්ඩ හිරු එළිය යටට වී, ප්‍රයෝගයන්ට හසුව, සිය දිවියම වාගේ ගෙවා ඇති සැටියකි.

ඉතින්, බොහෝවිට ඔබ නොදන්නේ වුවත්, මම රැවටිලිකාරයෙක් වී ඇත. පොදු ජන නියෝජනය මේ වන විටත් මා 'චරෙන්ටන්හි' සිර කර තැබීමට නියෝග නිකුත් කොට ඇත. ඥාතීන්ගේ හා මිතුරන්ගේ පමණක් පිළිගැනීම ලබන මා හඳුනාගෙන ඇත්තේ මෝඩයෙකු හා දුෂ්ඨයෙකු ලෙසිනි. මා අපකීර්තිය ලක්ව ඇත.

මගේ ප්‍රිය මිතුර, එය ශෝකජනක ය අනුකම්පා උපදවන සුළු ය. එය යළිත් පැරණි සුපුරුදු කතාන්දරය වේවි ද? මිනිසකු සැමවිටම අනිත් අය මෙන්ම කතා කළ යුතුම ද? නැතිනම් නිහඬ විය යුතු ද? අපගේ දීර්ඝ සංවාද ඔබට සිහි කළ හැකි ද? වෛරයට හා පරිහාසයට පත් නොවී සත්‍යය පිළිබඳ ක්ෂුද්‍ර වන අදහසක්වත් ගෙන ආ නොහැකි බව අපි කීවෙමු. දැන් එළඹ ඇත්තේ මා එයට මුහුණ දිය යුතු වාරයයි.

ප්‍රිය මිතුර, මෙය විශිෂ්ඨ කතාන්දරයකි. ලොව ඇති කිසිදු දෙයක් වෙනුවෙන් මෙම ලිපිය විනාශ කරන්නට මම නොසිතමි. එය ඒ තුළම එතරම් අගයක් නොපෙන්වුවත්, ප්‍රකාශ කිරීමේ දී ජන ප්‍රතිචාරය දැන ගැනීමේ උරගලක් විය. අප දැඩි ලෙස ඇලුම් කළ අදහස් කෙතරම් ජනතාවට අපුලදැයි දැන් අපි දනිමු.

කෙසේ නමුත්, දෙවන වතාව සඳහාත් මගේ අදහස් ප්‍රතිරාවය කරන්නට මම කැමති ය. මම ඒ දැඩිව විශ්වාස කරමි. එසේම වසර කිහිපයකින් මා කියනා දේ නිවැරදි බව සැම දෙන වටහා ගනු ඇතැයි මම විශ්වාස කරමි. හෙට ඔවුන් මවෙතට ගල් ගැසුවාට මම බිය නොවන්නේ එබැවිනි.

-එමිල් සෝලා
1866 මැයි මස විසිවැනිදා, පැරිසියේ දී ය.

[i] ඇල්ෆ්‍රඩ් ඩි මුසේ - ප්‍රංශ නවකථාකරුවෙකි; නාට්‍යකරුවෙකි; කවියෙකි.

ප්‍රියන්ත ෆොන්සේකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



'ලෝක විනාශය අභියස ගොඩනැගෙන ලාංකේය නව සමාජ තෙස්තමේන්තුව' යන තේමාවෙන් යුතුව එරික් එලියප්ආරච්චිගේ 'පාද යාත්‍රා' නම් වූ ඔහුගේ නවතම සාහිත්‍ය ප්‍රබන්ධය පිළිබඳ බීර විතක් (අමද්‍යප සහෘදයන්ට පළතුරු යුෂ සංග්‍රයක්) සමගින් සංවාදයට ලක් කිරීම 2014 මාර්තු 01 දින සවස 3.30 ට බොරැල්ල එන්. එම්. පෙරේරා ශාලාවේදී පැවැත්වේ. එහිදී කෙටි සංවාද ප්‍රවේශයන් විදර්ශන කන්නන්ගර සහ දිනුක සපුතන්ත්‍රී විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉහත සාහිත්‍ය කෘතිය කියවා පැමිණෙන ඔබ හමුව සඳහා රුපියල් 200.00 ක ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතු අතර ඔබගේ පැමිණීම sahithamadusadaya@gmail.com යන ඊමේල් ලිපිනයට හෝ 0712667592 / 0715971183 යන දුරකථන අංක වලට කලින් දැනුම් දීමට කාරුණික වන ලෙසට ද සංවිධායකයන් දන්වා සිටී.

'ලාංකේය පාදඩ යථාර්ථවාදයේ ඉන්ද්‍රකජාලික යුග මොහොතක - සාහිත මධු සාදය' යනුවෙන් හඳුන්වා දී ඇති සාහිත්‍ය කියැවීම පිළිබඳ මෙම නව අත්දැකීමේ මොහොත සංවිධානය කරනු ලබන්නේ 'සංස්කෘතික විමුක්ති ගිවිසුම' විසිනි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කරනම් ගසයි නුඹ
දෙහිවල පාර මැද සිට

කොහෙන් ආවද සතුට?

අහා, වැටහේ රහස මට!

නුඹව සිර කරගෙන
හැමතැනම ගිය අර
සුදු සුමුදු සුන්දර අත

වැඩක් නැති තැන අද
විසිකළා නේද පාරට
පළවෙනි වරට නුඹ සිත?

ඒ වුනත් දැන් දැන්
දැනෙනව නේද නිදහස?

සිලි සිලි මල්ල,
එනවද යන්න මූද පැත්තට?

භාතිෂ අකලංක සිල්වා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සීනි බෝතලේ කූඹි හමුදාවක් ආක්‍රමණය කරල බෝතලේ තියන සීනි පරිභෝජනය කිරීමේ අයිතිය සීනි බෝතලේ හිමිකාරයට අහිමි කරල දින ගණනාවක් වෙනව. හිමිකාරයට කහට බීල පුරුද්දක් නෑ. ඒ නිසා තේ නෑ දවස් ගානක ඉඳල.

වඩා හොඳ කහට වලට හුරු වෙන එකද නැතිනම් කූඹි සමූල ඝාතනය කරල උන්ගෙ සීනි පරිභෝජනය කිරීමේ අයිතිය උදුරල තමන් සතු කර ගැනීම එහෙමත් නැතිනම් වෙනත් මොනව හරි විකල්පයක්ද කියල පාඨක ඔබේ අදහස් දැන ගැනීමේ අවශ්‍යතාවයක් සීනි බෝතලේ හිමිකාරයට නෑ.

ඔහු කෲර ඒකාධිපතියෙක්.

තමන්ගෙ පරිභෝජන අවශ්‍යතා වලට බාධා වන ඕනෑම දෙයකට එරෙහිව ඔහු දැඩි ක්‍රියාමාර්ග ගන්නව. විශේෂයෙන් ඒ ප්‍රතිවිරුද්ධ බලවේගය දුර්වල නම් ඔහු දෙපාරක් ඒ ගැන හිතන්න පසුබට වෙන්නෙ නෑ.

ඉතින් දැන් පාඨකයින් වන ඔබ කතාවෙ අවසානය උපකල්පනය කරල ඉවරයි, සීනි බෝතලේ හිමිකාරය, ආගන්තුක ආක්‍රමණිකයින් ගැන ගන්න ක්‍රියාමාර්ගය පිළිබඳව.

"නෑ ... වැරදුනා"

හිමිකාරය හිනා වෙනව බොහොම හීනියට උපහාසයෙන්.

"ඒකාධිපතියෙක් උනත් ජීවත් වෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකෙක නේ.." ඔහු පාඨකයින් දිහා බලල කියනව.

"ඉතින් මම අයිතීන් දිනා ගන්න එක ටිකක් සාධාරණ් විදියක් වෙන්න ඕනෙ..." හිමිකාරය යමක් සඟවගත්තු හිනාවකින් පාඨකයින්ගෙ මූණ දිහා බලල ඇස් දෙක ලොකු කරල කියනව බොහොම බැරෑරුම් විදියට.

"ඉතින් මොකද්ද ඔය සාධාරණ අයිතීන් ලබා ගන්න ක්‍රමේ.. ?" පාඨකයෙක්ට ප්‍රශ්නයක්

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
(සමාවෙන්න, සියලුම පාඨකයින් මෙම ප්‍රශ්නය ඇසූ බව මෙහිදී අදහස් නොවේ. ඔබට මේ පිළිබඳ තමන්ටම අනන්‍ය වු ගැටලුවක් තිබිය හැකි වුවත් ඔබ ප්‍රශ්න කරන්නේ ඒකාධිපතියෙකු බැවින් හා ලේඛකයාට පාඨකයින්ගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බැවින් ඒකාධිපතියාට ලේඛකයා(නොහොත් මෙතැන් පටන් පාඨකයින්ගේ නියෝජිතයා) විසින් ඉදිරිපත් කරන්නේ මේ ප්‍රශ්නය පමණි.)
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

තමන් ප්‍රශ්න කිරීම ගැන ඒකධිපතියා තරමක් පුදුම වෙනවා. සියුම් කෝපයකුත් ඔහුට එනව. ලේඛකයා ඔහුගේ මනෝභාවය ක්ෂණිකව වටහා ගන්නව. නමුත් ප්‍රශ්නය අහල අවසානයි. "මොනව කරන්නද.." ලේඛකයා කල්පනා කරනවා.

"පරිකල්පනයේ හා තර්කනයේ හැකියාව..." ලේඛකයා මදහසකුත් එක්ක තමන්ටම මුමුණගන්නව. ඒක දැකපු ඒකාධිපතියගෙ මූණ කලු වෙනව දැකපු ලේඛකයා තමන් මුමුණපු වදන් වහාම ක්‍රියාවට නගනව.

"ඉතින් ඔබම නේ කිව්වෙ ඔබ ජීවත් වෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකෙක කියල.. මම දන්න තරමට ඒ වගේ ලෝකෙක භාෂණයේ නිදහසත් තියනව..." ලේඛකයා කියනව.

ඒකාධිපතියා මේ පාර පුදුමයෙන් ඇස් දෙක ලොකු කරල ලේඛකයා දිහා බලනව "ඒකත් එහෙමද.. ?" වගේ බැල්මකින්.

නමුත් මද වෙලාවකින් නැවත තමන්ගෙ ප්‍රතාපවත් පෙනුමට එන ඒකාධිපති මුහුනෙ හිනාවක් මතු වෙනව කන් දෙක ගාවටම.

"බලන්න ප්‍රජාතන්ත්‍රවාදෙ කොයි තරම් නම් අඩු පාඩු තියනවද කියල, භාෂණයේ නිදහස තිබුනට කියන දේ අර්ථවත් වෙන්න ඕනෙ.. මගේ පැත්තෙන් අරන් බැලුවම ඔය අහපු ප්‍රශ්නෙ කිසිම අර්ථයක් නෑ.. මගේ පාලනය යටතෙ තියන ලෝකෙක ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඔයිට වඩා ගොඩාක් අර්ථාන්විතයි... මම භාෂණයට ඇති නිදහස කියන වගන්තිය වෙනස් කරනව මෙහෙම... අර්ථවත් දේ පමණක් භාෂණයට ඇති නිදහස කියලා.." ඔහු පපුව ඉස්සරහට දාල ඈත බලාගෙන කියනව.

"හැබැයි... හැබැයි භාෂණය කරන හැම දෙකම අර්ථයක් තියද නැද්ද කියල තීරණය කරන්න මම පත් කරනව කමිටුවක් ... අර්ථයක් නැති දේ භාෂණය කරල වැඩක් නෑනෙ.. ඉතින් කමිටුව අර්ථ සහිතයි කියල තීරණය කරන දෙවල් විතරක් භාෂණය කිරීමේ නිදහස මම දෙනව.." ඒකාධිපතියා තමන්ගෙ පාවහන් නැති දෙපයින් ඉස්සරහට පස්සට පැද්දෙන ගමන් තව දුරටත් කියනව. එහෙම කියලා ඔහු ලේඛකයා දිහා නැවත බලනව. "ඔබ කිව්ව හරි අපි තාම ඉන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකෙක නේ.."

තමන්ගෙ දීර්ඝ පිළිතුරින් පස්සෙ ඒකාධිපතියා තෘප්තිමත් හිනාවක් පහල කරනව.

ලේඛකයා තවමත් නොඉවසිල්ලෙන්.

ඒකාධිපතිය තව ටික වෙලාවක් සීනි බෝතලය දිහා බලාගෙන ඉඳලා "දැන් මගේ කෑම වෙලාව... බඩගින්න මිනිස්සුන්ගෙ චින්තන ශක්තිය දුර්වල කරනව.. තේත් නැති නිසා.." ඈනුමක් ඇරල බොහොම බැරෑරුම් තාලෙන් කියනව. ඉන් පස්සෙ ඔහු ලේඛකයටත් හෘදයාංගම ඇරයුමක් කරනව තමන් එක්ක කෑම ගන්න එන්න කියල. ලේඛකයත් තමන්ගෙ කුසෙන් පැමිණි පණිවුඩයකට අවනත වෙලා ඒකාධිපතිය පසුපසින් කෑම මේසය වෙත යනව. "කන ගමන් ඉතිරි ටික කතා කරන්න බැරිය.." ලේඛකය හිතනව.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
ඉතින් දයාබර බඩගිනි පාඨකයිනි, ඔබටත් මෙය හොඳ අවස්ථාවක් වහාම ගිහින් බඩට යමක් දාගන්න. බඩගිනි නැති අය මොහොතක් රැඳී සිටින්න. (අමතක වීමක්. නැවත සමාවන්න.. පාඨකයා, ලේඛකයා හා ඒකාධිපතියා පවතින කාල හා අවකාශීය රාමුවෙන් වියුක්ත නිසාවෙන් රැඳීසිටීමක් අනවශ්‍යයි. කරුණාකර පහල ඡෙදයට යොමු වන්න.)
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

පාඨකයින්ට ලේඛකයාගෙ ස්වාධීනත්වය පිළිබඳ ගැටලු ඇති වෙන්න ඉඩක් තියන නිසාවෙන් ඔහු තමන් හා ඒකාධිපතියා අතර කෑම මේසයෙදි ඇති වුන සංවාද සටහන් නොකරන්නට තීරණය කරනව. නමුත් ඔහු තමන්ගෙ නොහොත් පාඨකයගෙ ප්‍රශ්නෙ අමතක කරන්නෙ නෑ.

"මොකද්ද දැන් ඔය සාධාරණ අයිතීන් ලබා ගන්න ක්‍රමේ.." ඔහු නැවතත් ඒකාධිපතියට ප්‍රශ්ණය යොමු කරනව. ඒක්කධිපතිය පුදුමයෙන් උඩ බිම බලනව, හරියට ලේඛකයා ඔහුගෙන් ප්‍රශ්ණය අහන්න මොහොතකට කලින් ඔහු පළවෙනි වරට ලේඛකයා ඉදිරියට පැමිණුනා වගේ.

"මොකක්ද.. ?" ඔහු ටිකක් සැරෙන් අහනව.

"ඔබේ සීනි බෝතලේ භාවිත කිරීමේ අයිතිය ප්‍රජාත්න්ත්‍රවාදීව නැවත ලබා ගන්නෙ කොහොමද... ?" ලේඛකයා තමන්ට හැකි උපරිම අවිහිංසක හා යටහත්පහත් ආකාරයෙන් ඒකාධිපතියගෙන් නැවත අහනවා.

"ඔහ්" ඒකාධිපතිය උගුරෙන් එහෙම ශබ්දයක් නගල පුටු ඇන්දට හිස හේත්තු කරගෙන සිවිලිම දිහා බලාගෙන මොහොතක් කල්පනා කරල "මම උන්ට විරුද්ධව අවිහිංසක සටනක් කරනව.." කියල කියනව.

"ඒ මොනවගේ එකක්ද.. ?" ඒකාධිපතියෙක් මෙහෙයවන අවිහිංසක සටනක් ගැන පරිකල්පනය කරගන්න ගිහින් අතරමං වුන ලේඛකය ටික වෙලාවක් කල්පනා කරල ඒකාධිපතියගෙන් අහනව.

"මම උන් ටික පිඹල දානව... පස්සෙ තියන මාධ්‍ය සාකච්ඡාවෙදි මිනිස්සු තේරුම් ගනී මම ඔය කියන තරම් කලු නෑ කියල" ඒකාධිපතිය බොහොම ආඩම්බර තාලෙන් කියනව.

"ඒත්.. ඔබ එහෙම කරන්න ගියොත් ඔබට සෑහෙන්න මහන්සියක් දරන්න වෙනව... ඒ වගෙම සෑහෙන්න කාලෙකුත්..."
ලේඛකය කියනව.

ඒකාධිපතියා නැවත බර කල්පනාවක. "ම්.. එහෙම නම් මම උපාය මාර්ගික සැලසුමකට යනව.. මම උන්ගෙ සැපයුම් මාර්ග අවහිර කරනව.. නිකන් වතුර සැපයුම නැති කරනව වගේ වැඩක්.. උන්ට වුනත් සීනි විතරක් කන්න බෑ නෙ" කල්පනාව අවසානෙදි ඔහු කියනව.

"ඉතින් එතකොට උන්ගෙ සමාජෙ සම්පත් ගලායෑමේ විෂමතාවයක් ඇතිවෙලා උන් අතර පන්ති බෙදීමක් ඇති වෙනව.. ඊට පස්සෙ පන්ති අතර සිදු වෙන අරගලයක් මගින් නැවත පන්ති සමානාත්මතාව ඇති වෙනව.. ඉතින් නැවතත් උන් අතරෙ සම්පත් ගලා යෑම සමාන වෙනව.. ඉතින් සමස්තයෙ වෙනසක් නෑනෙ" ලේඛකය මදහසක් පහල කරල තමන්ගෙ දැනුම ගැන ආඩම්බරෙන් එහෙම කියනව.

"එහෙම නම් මම අලුතින් සීනි මිලදී ගන්නව" ඒකාධිපතියා ජයග්‍රාහී විලාශයෙන් අත්ල පිරිමදිමින් කියනව.

"ඒවටත් ඔය දේම උනොත්" නැවත ලේඛකයගෙන් ප්‍රශ්නයක්. ඒකාධිපතියගෙ මුහුන රැළි වැටිල. ඔහු බර කල්පනාවක.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
(හිතවත් පාඨකය මෙන්න ඔබේ අවස්ථාව, ඒකාධිපතියා කල්පනා කරනතුරු ඔබටත් පෞද්ගලික, කොදෙව්වාසී, ගෝත්‍රික චින්තන අතහැර සීනි බෝතලයට දිය හැකි සාධාරණ විසඳුමක් කල්පනා කරන්න)
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

ඒකාධිපතියා උගුර පාදනව.

(ඒ කියන්නෙ ඔබට දුන්න කාලය හමාරයි.)

"එහෙම උනොත් නේද.. ?" ඔහු අහනව. "ඒ මම තව සීනි ගෙනාවොත්... ඉතින් මම තවත් සීනි නොගෙන තියන සීනි ටික උන්ට දෙනව... ඉන් පස්සෙ උන් ඕනෙ තරමක් කාල යයි...." ඔහු උපෙක්ෂාවෙන් කියනව.

"මොනව... ඔබ තේ බොන්න බලාපොරොත්තු වෙන්නෙ ආපහු අවුරුදු කීයකින්ද... ?" ලේඛකයා එක පාරටම කටින් පනින්න ආපු හිනාව තද කරගෙන අහනව.

"මේ දැන්... ! !"

ඒකාධිපතියා සියුම් ගෙරවිල්ලක් එක්ක එක්ක ආරම්භ කරල උස් හඬින් එහෙම කියල කුස්සියට දුවනව. වතුර රත් කරල තේකොල අරගෙන භාජනේට දාන ඔහු සීනි බෝතලේ අරගෙන එයින් කූඹි එහේ මෙහේ දුවන සීනි හැඳි කීපයක්ම ඒ භාජනේට දානව. ඔහු පසුසින් ආපු ලේඛකය මේ දිහා පුදුමයෙන් බලන් ඉන්නව. වතුර රත් වුන ගමන් සීනි බෝතලේ හිමිකාරය ඒ වතුර තේ කොල සීනි තියන භාජනේට දාල හැන්දෙන් හොඳට කලතනව. ඉන් පස්සෙ කෝප්ප දෙකකට තේ වත් කරන ඔහු එක කෝප්පයක් ලේඛකයට දෙනව. ලේඛකය ඒක ගන්න ටිකක් පැකිලෙනව.

"මේකද ඔබේ සාධාරණ අයිතීන් ලබා ගන්න ක්‍රමේ.. ?" ඔහු අහනව.

"ඔව් ඉතින් මේක මට සාපෙක්ෂව සාධාරණයි. සර්ව සාධාරණ දෙවල් ලෝකෙ කොහෙවත් නෑනෙ.. අනික මේ තේ වල කොහෙවත් නෑ සීනි වල කූඹි හිටිය කියල. සාක්ෂි ඔක්කොම මම තේ ගොට්ටෙන් වාරණය කලා... අවසාන ප්‍රථිඵලයයි වඩා වැදගත්.. අනික බලන්න කූඹින්ගෙ පැත්තෙන් උනත් මම හැමදාම එකම කූඹි ටිකකට විතරක් සීනි පරිභෝජනයට තිබුන අවස්ථාව නැති කරල අලුත් කූඹි ටිකකට ඒ අවස්ථාව ලබා දුන්න.." ඔහු හිනාවෙනව.

"ඉතින් ඔබ නැවතත් ඒ කූඹි ටිකත් විනාශ කරල දානව නේ මේ වගේ ඔබට තේ බොන්න අවශ්‍ය උනොත් " ලේඛකය නැවතත ප්‍රශ්න කරනව.

"අනේ ගොනෝ..." කියන්න වගේ හිනාවකින් ඒකාධිපතියා ලේඛකය දිහා බලනව "පාලනය කරන්න කූඹිවත් නැතිව කොහොමද මම ඒකාධිපතියෙක් වෙන්නෙ.. ? සෑම විටම පාලකයාගෙ අවශ්‍යතාව තමා වැදගත්.. දෙවනුවත් තෙවනුවත් එහෙමයි.. පාලිතයගෙ අවශ්‍යතාව එන්නෙ සිව්වනුවට විතර..."

"තාම තේරුම් ගන්න අමාරුයි වගේ නේද.. ! කමක් නෑ.. කමක් නෑ.. මේ තේ උගුරක් බොන ගමන් කල්පනා කරල බලන්න මම කියපු දේ වැරදිද කියල..." ඒකාධිපතියා ලේඛකය අතට තේ කෝප්පය දෙන ගමන් කියනව.

ලේඛකයා තේ උගුරක් බොහොම හෙමින් බීල ඒකාධිපතියා දිහා බලල මඳ සිනාවක් පහල කරනව.

"ඔව්, ඔබ හරි පාලකයගෙ අවශ්‍යතාවය තමා වඩා වැදගත්.."

උදාර සිරිනුවන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මහත්තයො හවසට හැමදාම බොනවාද
ලොකු දුවගෙ තනියට අම්මාවත් එනවාද
මද්දුමී දඟ ඇති ඉස්කෝලේ යනවාද
මගේ ගැනත් ඉඳහිට නිකන් හරි ඇහුවාද

වහිනකොට තාමත් ගේ පුරා තෙමෙනවද
මැටි ගඩොල් බිත්තිය පෙඳ පාසි කනවාද
අරගත්තු ණයවල වැල් පොලිය ආවාද
අනේ මට බැරි වෙයි සමාවක් දෙනවාද

තුන්වේල නැතිවත් හිනැහිච්ච හවසට
රණ්ඩුවක් තිබුනත් එක රැයයි දවසට
නගිනකොට පොල් ගස් බලාගෙන හෙමිහිට
මම ඉතිං මැරුණත් ආදරෙයි හරියට

සවුදියේ අහසට පෝය හඳ පෙනුනට
බුදුපිලිමේ හංගන් හොරෙන් මං වැන්දාට
දන්නේ නැහැ දෙයියොත් නැතිවදෝ මේ රට
එන්නේ නැහැ පිහිටට අනේ මගේ කරුමෙට

පොලු වලින් ගැහුවත් හිතුවේ මං අපි ගැන
පුච්චද්දි අත පය හිතුවේ මම ණය ගැන
සමහරක් දවසට ගහනකොට ලොකු ඇණ
මං දන්නේ නැතුවම යන්න ඇති මගේ පණ

ජනිත් විතාරණගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



Awaiting the next moment
With hopeless dejection
I did not wish
To be the first or the last

There was no escape
From that fearsome blow
However low the head was bent

All conscious thought disappeared
The very first hour inside the torture camp
Sorrowful memories of the past
Pain that pierced the very flesh
Deathly moans
Distorted shapes and bright colours
A terrifying jumble of dreams

The utter helplessness of humanity
Was the one other thing in this nightmare
The only friend here was death
Yet even he showed no mercy

The faint moans were slowly fading
For the third time just before dawn
The young woman brought in last night
Cried out

`I KNOW NO ONE`

Death before betrayal
Curses instead of pleadings
I salute you dear sister
With this final teardrop of mine
Soaking into my blindfold
Incentives, bonuses

A cup of yoghurt for dessert
Crushing the cup underfoot
The soldier smacks his lips
As it to ask
Who’s next?

Life has no name or number
Inside the torture camp
Death is a headless corpse
A news without a headline
Unlisted lives drifting towards
Unlisted death

Many are the times I've escaped
In frightening nightmares
Yet I am still here!
The very thought terrifies

As my final testimony
All I can say is that
The many killed here
Had a human face.

[Original Sinhala Poem and Tamil Translation- වධකාගාරයේ සිට]

අජිත් සී හේරත්
පරිවර්තනය - පී.කේ. සඳමාලි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



Dharmasiri Bandaranayake’s award-winning theatrical effort, Dhawala Bheeshana (Sri Lankan entry for Bharat Rang Mahotsav New Delhi International Drama Festival, India 2013) will go on the boards of Weerasinghem Hall, Jaffna on 23rd of February, at 4.30 p.m.

Since its maiden performance in 1988, Dhawala Bheeshana has enthralled the local theatre lovers, securing nine coveted awards at the State Drama Festival of 1990, including Best Director, Best Actress, Best supporting actor and Best Lighting. Till 2002, Dhawala Bheeshana succeeded in staging 900 performances successfully. Almost after a decade of ‘silence’, it is coming among the local theatre lovers once more, whilst remembering with gratitude all the artistes who laboured to make its maiden performance a success.















මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ප්‍රවීන ලේඛක හා විචාරක කේ. කේ. සමන් කුමාරගේ ලේඛන දිවියට තිස්වසක් සැපිරීම නිමිත්තෙන් මින් වසර තිහකට පෙර එළිදුටු "සර්පයකු හා සටන්වැද" කෙටිකතා සංග්‍රහය පිළිබඳ නැවත කියවීමක්, 2014 මාර්තු 6 වන දින සවස 3.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. සර්පයකු හා සටන්වැද සහ තිස්වසරක ලාංකීය සමාජ දේශපාලන භාවිතාව ව්‍යභිචාරවත් කියවීමක් යනුවෙන් මෙම කතිකාව දිග හැරෙනු ඇත. සර්පයකු හා සටන්වැද තෙවන මුද්‍රණය සයුර ප්‍රකාශනයක් ලෙසින් මෙදින නිකුත් වේ.

මෙම කතිකාවේදී "ව්‍යභිචාරය මානව විෂයක්" මැයෙන් දීප්ති කුමාර ගුණරත්න ද, "තිස් වසරක ලාංකීය යථාර්ථය හා ව්‍යභිචාරය" මැයෙන් විදර්ශන කන්නංගර ද, "තිස්වසරක හැව ඇරුම" යනුවෙන් උපුල් ශාන්ත සන්නස්ගල ද අදහස් දක්වනු ඇත. කතිකාව මෙහෙයවීම මොහාන් රාජ් මඩවල විසින් සිදු කෙරෙනු ඇත.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වමනෙ ගිය
උණ රහට මඟ කඩේකින්
කහට තේ බිව්
ඉවරයක් නැති

දිගම දිග ඒ
බස් ගමන
තාත්තා හොයන්නට
අම්මත් එක්ක
බූස්සට ගිය
ලෑටි ගෑ අඹ ගැටය
කොල්ලෝ උදුරන් යද්ද
උන්ට පාඩම් උගන්නන්නට
තාත්ත නැති නිසා
තොල විකා

ඉකිය හිර කරගත්
කිසිදාක පේන්නට නාඬන
අම්මා හොරෙන් අඬන බව දැක
නො නිදා නිදි වගේ
කොට්ටය විකා ඇඬු
ගඟේ රැළි බිඳෙන හැටි
ඉද්ද මල් පිපෙන හැටි
තරු කඩා වැටෙන හැටි
තට්ට තනියෙන් බලපු
කොච්චර එළෙව්වත් නොයන

ඒ කළු කෙසඟ, ඇට්ටර, පොඩි එකා
ඉන්නවා තවමත්
ඌ මහ රෑට ඇහැරිලා
තනියෙන් අඬනවා ඉඳහිට
මගේ කොට්ටෙ තෙමෙනවා

[තාණ්ඩව | 2011]

ඡායාරූපය : Raja Pandian

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පුතු නිදියද්දි ඇවිදින් සයිකලය අරා
බිල්ඩින් වැඩපොළේ මං වැඩ යසෝදරා
කාටත් මැදුරු හැදුවත් අත හැන්ද දරා
වැස්සට තෙමෙනවද අපෙ ගේ යසෝදරා

මැශින් එකෙන් ඇනෙනා මිශ්චර් කැටියා
වැස්සට කළින් සැටලිම උඩ අත හැරියා
වැස්සෙන් බේරෙන්න සැටලිම යට හිටියා
අනේ මගේ හුරතල් රාහුල පැටියා

පැටියා ඇඳේ සීතලයට නිදනවද
වහලෙන් වැටෙන වතුරෙන් ඇඳ තෙමෙනවද
ඇඳ ඇද ගන්න නොතෙමෙන තැන් තියෙනවද
තනියම අමාරුද අත් දෙක රිදෙනවද

මැදුරක් පතා ඉකි නොගසන සීදේවී
පැටියා නිදන සඳ මඩලේ සඳ සාවී
ඉහ ඉද්දරින් කළුවර රෑ පායාවී
වැහි කළුවරට මම නම් බය නෑ දේවී

ජනක ගොඩේවිතාන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කන්නකී-පත්තිනි ඇදහිල්ල, ශ්‍රී ලංකාව තුල හින්දු-බෞද්ධ සංකලනය පිලිබද සිත් කාවදින සුලු උදාහරණයකි. දෙමළ හින්දූන් ඈ කන්නකී ලෙස දන්නා අතර සිංහල බෞද්ධයන් ඈ දන්නේ පත්තිනි නමිනි.

අප කුඩා දිවයිනේ ප්‍රධාන ජනවාර්ගික ප්‍රජාවන් දෙකම විසින් මේ දේවතාවිය අදහනු ලැබීම සැලකිය යුතු ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් නොදැන සිටීම සමහරවිට එකී ප්‍රජාවන් එකිනෙකාගෙන් දුරස්ථ වී ඇති තරමේ පිලිබිඹුවක් වියහැකි අතර ඒ පිලිබඳ තමන්ගේ වාර්තාගත කිරීම් ඇතුලත් ප්‍රදර්ශනයක් හා වෙබ් අඩවියක් ඡායාරූප ශිල්පිණී ශානි ජයවර්ධන සහ සමාජීය මානව විද්‍යාඥ මාලතී ද අල්විස් විසින් එළි දක්වනු ලබයි.

ප්‍රදර්ශනය 2014, පෙබරවාරි 22 හා 23 යන දිනයන්හි කොළඹ ලයනල් වෙන්ඩ්ට් කේන්ද්‍රයේ හැරලඩ් පීරිස් කලාගාරයේ පැවැත්වේ. අනතුරුව එය යාපනය සහ මඩකලපුව වෙතද, ඇරයුම් ලැබෙන පරිදි අනෙකුත් ප්‍රදේශ කරාද ගෙන යනු ඇති අතර මෙම වසරේ පසු භාගයේදී දිල්ලියේ සහ නිව්යෝර්ක් හි එය පැවැත්වෙනු ඇත. එම ප්‍රදර්ශනය පැවැත්වෙන එක් පරිශ්‍රයක් වෙත හෝ පැමිණෙන ලෙස ඔබ වෙත ඇරයුම් කර සිටින අතර ඔබ බොහෝ දෙනකු කිසිදිනෙක මේ දූපතේ සිදුකෙරෙන්නේ යැයි නොදැන සිටි මනරම් යාතුකර්මයන් පිළිබඳ චමත්කාරජනක ඡායාරූප සහ විස්තරයන් එහිදී ඔබට දැක බලාගත හැකිවනු ඇත.

මෙම දේවතාවිය බොහොමයක් හින්දූන් හා බෞද්ධයන්ගේ ගරු බුහුමනට පාත්‍ර වී ඇති නමුත් ආගම් දෙක අතරමෙන්ම කලාපීයව ද ඇය වෙත සිදු කෙරෙන යාතුකර්මයන් හා පුද සත්කාරයන් විවිධ වේ. එකී විවිධත්වය සහ විචිත්‍රත්වය ග්‍රහනය කරගැනීම සඳහා ද අල්විස් සහ ජයවර්ධන වසර ගණනක් තිස්සේ දිවයින පුරා සංචාරය කොට ඇත.

සිලපදිකාරම් (සළඹක කථාව) නම් දකුණු ඉන්දියානු වීර කාව්‍යයේ එන බිහිසුනු ප්‍රධාන චරිතය වන පත්තිනි-කන්නකී ස්ත්‍රීත්වය පිලිබඳ මනරම් සංකීර්ණ උදාහරණයක් ද වේ. එක් අතකින් ඇය තමන්ට ද්‍රෝහී වී තමන්ව පාවා දෙන කෝවලන්ගේ සදාචාර සම්පන්න කීකරු බිරිඳ වන අතරම අසාධාරණයට පිළියම් යෙදීමේ අදිටනින් යුතුව සිය වම් පියයුර කඩා මුලු නගරයක්ම ගිනි තබන ප්‍රකෝපව පළිගන්නාසුලු වැන්දඹුවක් ද වෙයි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



My elder brother and my sister Thamara were on a collision course with me. They opposed my idea of cultivating rubber in my share of the land named Dhoonagaha Wattha. They said that I’m a brainless ass. They said either to lease the land or sell it out. Thamara akka said she’ll find out a land broker through Palitha ayya to do that.

"Hey, you fiend! What a wealth are you going to achieve by planting rubber in a quarter acre land? Who’ll going to do tapping? To whom are you going to sell the latex? Nowadays rubber is desolated in this area. You are really crazy…". As my brother reproached me, a tremulous smile beamed on Thilini’s face. It should be none other than her who has called and prodded them to come here.

"Look at this house. It’s like a bat roost. Thilini stands in with this. A woman like me will not live here for a moment… From the money you are going to spend to plant rubber, build a couple of shopping stalls and rent them out or sell them out and do some reparations in the house… "

"Listen akka…he is going to plant rubber by taking the ten months loan from the office." Thilini started as Thamara akka stopped her harangue.

"Are you frenzied? Land will not run away anywhere... Do some colour wash in the house by that money... How neatly our mom and dad had maintained this place at that time…? " Thamara akka heaved a sigh. I remained gawking as a dumb and a deaf. Thamara akka left the house early saying that she has to pick her son from the class.

"Malli, you are not a fool. Don’t squander money on this kind of mockeries. You may think that, since we have sold our shares, we say to sell your share because of our envy. If you are not going to sell the land it may remain there, without wasting money on pointless matters" akka said before she leaves our house.

Before he leaves, my brother went to Kumara’s place down by our house to pluck some ambarella fruits. I saw Thilini wraps up a parcel of two or three banana inflorescences and some lemons for him to carry with. I heard that his wife Kumari akka is pregnant again.

"We searched for young jack fruits ayya, but trees are still fruitless. That’s probably due to the droughty weather. Anyway we’ll find them and come to see you with a young jack fruit ambula" as Thilini said that my brother smiled without saying a word.

"Malli, don’t be a laughingstock by doing ridiculous things and think about the future of your wife and children" said my brother patting the head of my little son as the boy was worshipping him. I didn’t try to say anything. My elder brother’s brand new cherry QQ car has made a change in Thilini and the son.

"Isn’t it fantastic dad…? But the color is brash. When we buy a car we’ll get red colored one with black strips on it" my son said while he was eating chocolate cakes brought by my brother.

"Before that, tell your dad to repair that punctured tire of the motor bike… Cars…? We have to wait till our next life to buy a car son…" Thilini went to the kitchen tossing her body with fret.

At the night I couldn’t sleep for hours. Thilini also fidgeted on the bed without sleep. As I placed my hand upon her body, she shook it off in an unthinkable rapidity.

"Please go away…There’s a finite extent to which I can bear…" she said in an adenoidal voice as if she’d got a head cold. But her voice sounded definitive. She has wept. That wasn’t her usual namby-pamby rejection or slothful, drowsy voice caused by the fatigue. Only on very few occasions I’ve heard she talks in this nasal voice. I turned my self away.

Although that land is called Dhoonagaha Wattha, which means the land with Dhoona trees, there were only rubber trees in it. I didn’t know even if there ever existed a kind of trees called Dhoona. Earlier it was an undivided, sole land of twelve acres. Although there were my father and uncles, all the tasks in the rubber plantation were done according to the wishes of my grandmother. I can clearly remember, when we were very small, uncle Siripala makes swivels for us using rubber seeds. The kites which were flown from the main field, if the cord that tethered became broken, in most of times landed on the branches of the rubber trees on Dhoonagaha Wattha. Uncle Siripala picks those kites by climbing the trees and gives them to us. We decorate those using tissue papers with different colours and fly them again from the main field. The morning light comes through rubber tree branches splitting into wedges. Those wedges of light either gold colored or appeared in a dazzling white colour. That was an amazingly charming scenery. Rubber trees also have various appearances from month to month. In the off season of February trees are naked. They appear as ghostly figures at that time. Dried rubber pods split open exploding and seeds become scattered. In the ground, a layer of dried up leaves is forming into a thickness of three or four inches. That’s the time that women in the village are coming to pick up rubber sticks for firewood. Dried rubber sticks which were fallen from trees are collected as bundles and they carry them tied up with Pora vines. Those tiny sticks burn into ashes rapidly. Therefore they are sufficient only for small culinary works such as frying or preparation of a leafy green mallung. In the off season we go with empty fertilizer sacks to collect rubber seeds. Split rubber pods are collected into a separate sack. Those pods were used like coconut shells as a fuel for cooking. A merchant comes by a mini-truck, buys those rubber seeds measured in kilograms. Still I don’t know what they were doing with those seeds. It is said oil is extracted from the seeds. But I don’t know about the uses of that oil. As Sinhala New Year begins rubber trees are flushed again. Sprouts open out first are in a fiery red colour. Next their colour is converted into a scintillating shade of gray. Then the colour changes into a hue of light green and finally gets the rich, bright green colour. As the defoliation is closing in, leaves become yellow. After few days their colour is orange. At the end of January those orange and yellow coloured leaves are flying in the air. When the sun is rising and setting in an auburn orange colour between rubber branches, a curiously lonesome feeling comes into the heart.

When thinking about Dhoonagaha Wattha, four women come into my mind. Those are my grandmother, Sabeetha Perera, aunt Weere and Malkanthi. My mind evokes the granny, impersonating an old tutelary goddess to the rubber land. I can recollect as it was on today, in cold dew, my granny, dressed in an old long sleeved gent’s shirt, is going for rubber tapping with the bucket and the knife. Sometimes Thamara akka and I also follow her to the rubber land. "Rubber tapping isn’t a task which can be done by anyone. We must love and caress the tree. Otherwise it’ll cease the secretion of the milky fluid…" she says sometimes. We looked enthusiastically at the technique of rubber tapping. But our granny never gave the tapping knife to our hands. When the time comes to apply the treatments to the trees, that process was also done by her. My granny did the rubber tapping until her death. She died, bitten by a viper while she was tapping rubber. Her body was also buried in a corner of Dhoonagaha Wattha. Later that part of the land was owned by uncle Siripala. There were dissents between our parents and them as they sold out that block of land at that time.

After the granny’s death there were disputes among the relations over the resolving of the land. At that time rubber tapping was done by aunt Weere. It is said that she is our distant relation. But I didn’t know what the actual relationship between us is. Even though there were disputes over the sharing of the income that gained from the latex collected by aunt Weere, she did the rubber tapping for a rather long time. Since she was married to uncle Weere, everyone called her aunt Weere.

I can retentively recall one particular incident which included aunt Weere. That memory is provoking in my mind as a cold water content pouring along my spine. That was occurred even before the three month memorial alms giving of my granny. On that noon I went to the rubber land to pluck out some tree lace, the coagulated latex on the tree trunks. We played elle with a ball made by cramping and winding up tree lace. That ball gives a throbbing pain when it hits the body. When I was plucking out tree lace aunt Weere came, clinking the bucket to collect latex. Still I am uncertain whether she’d seen me in that moment. But my heart says that she hadn’t seen me. Aunt Weere began to collect latex from one end. That was a rather overcast day. Aunt Weere was dressed in a white blouse and a chintz cloth with a design of big purple coloured flowers. After collecting latex from two or three trees aunt Weere suddenly squatted down, raising her cloth and peed. The cloth was raised high completely showing her bare bums to me who was in the direction of her back side. I could even hear the patter of her body water on to the grass. The spurt of urine squirted on to the ground heavily and sharply. My throat dried up and I couldn’t even swallow. Although I’ve seen little girls pee, that was the first time I saw a matured woman doing that. Even though I hadn’t had any idea about what’s going on within me, I could sense that my private parts are stimulating. Those few seconds were startling. I felt that I’m going to be fainted down. I hugged a rubber tree and pressed my body on to its trunk. I hid myself behind the tree because I was afraid that aunt Weere would see me. Aunt Weere went from tree to tree collecting latex as if nothing were happened. Suddenly I saw a leech is burrowed into my skin in between two toes. It has swelled by sucking blood. As I dragged it out with a dry rubber leaf, blood squirted from the sore caused by the bite of the leech. I sat right there under the rubber tree. I didn’t know what to do with that invigorated rigidity sustained in my body. My hand moved on to my crotch. That was the very first time I enjoyed that solitary pleasure. As much I was fond of that electrification, it also frightened me a lot. I was obsessed with a guilty feeling of a messy wretchedness in me. I didn’t go to play elle in that evening. I went to the well, down there and bathed by dragging water from the well until my arms began to ache. I rubbed my body with a bunch of coconut coir until my skin becomes red. Again and again, when aunt Weere was tapping rubber I peeped, hidden in somewhere. But I couldn’t see what I was expecting. Sometimes I went to see the spot where aunt Weere urinated and smelled the earth there.

Because of those disputes over the landed property, the Weeres were not much in good terms with the elders of our family. Since there were not much affability between them and us the children also, I was never able to talk with aunt Weere formally. The other thing mattered was that when I met her vis a vis, my mouth and throat became dried up and some strange things happened on me making my knees benumbed. In those moments, what I could do was withdrawal of myself from the place as quick as possible.

After that incident I felt that I’m no more the little one who ran after kites. Aunt Weere came into my bedtime dreams as a wet looking demoness with enormous breasts. That monstrous she devil pressed me on to a trunk of a rubber tree and scotched me. She excruciated me saying "aren’t your elders trying to encroach these lands?" Those were tortures of a very strange kind. Even though those nightmarish dreams scared me a lot and my sarong became wet, I loved to see them again and again. But actually she was an impeccable woman who observes the Eight Percepts on every Poya day. Even her voice also, much more gentle than that of our mother and aunts. But aunt Weere who came into my dreams was bafflingly furious.

Meantime uncle Weere got a job as a care taker in a coconut plantation and their whole family left the village. That departure left an unbearable loneliness behind for me. In the evenings I went to the rubber land and spent hours by looking away aimlessly. I brought rubber leaves with stuck out veins which were decaying on the ground and kept them inside the books. At that period of time I saw various figures such as faces of women, guns, dogs… on the moss grown on the tree trunks. Absence of aunt Weere ceased the rubber tapping for few days. Her succeeder was a hag named Misi Nona. I can remind my mother and elders blame about her ineptness in rubber tapping which made severe cuts on the tree trunks.

The movie called Deveni Gamana came into theatres when we were grade ten students. We watched it by absconding from the school by changing our uniforms into coloured shirts. There’s a scene in the movie which showed actress Sabeetha Perera is laying on her breast in place like a rubber land swaying her legs friskily while chatting with the leading actor Sanath Gunathilaka. The place was identical to our rubber land in the off-season. I watched the movie eight times. I felt extremely implacable towards those bigheaded biddies in the family of the protagonist, because of their harassments to innocent Sabeetha. In those days instead of aunt Weere, Sabeetha came into my dreams. Sabeetha didn’t come in the monstrous way as that aunt Weere did come. Instead she came in an innocent and effeminate manner. She wriggled on the bed of rubber leaves. We played hide and seek among the rubber trees. She peeped from behind of a rubber tree smiling sharply and ran away turning back to look at me again and again while her two braids of hair were swaying. She rubbed my hair while my head was resting on her lap. In the end we laid down right there.

Sabeetha came into my nighttime dreams only till I came across with Malkanthi. (But at a later time Sabeetha began to appear in my dreams again.) That was happened as a coincident. One day at about 6 o clock in the evening I was at the rubber land leaning my back on a tree near the rocky plain, relishing that electrifying pleasure. My eyes were closed. There were no reasons for anyone to come to that area. I heard a crack of a stick which got crushed by somebody’s feet. Malkanthi was there. As our eyes met she ran away swiftly. I felt a deadly shame. I ran away to the home. Even today I can’t take into account the gesture which was on Malkanthi’s face. For many days I was worrying about whether she had mentioned that to anybody. As I couldn’t bear it further, I told that to Nimale while we were playing elle. He laughed at me mockingly.

"Hey man! What a chance you’ve given up. You are a real ass"

After few days I also felt that I’m a real ass. Malkanthi is dark and tall. I think she is one or two years older than me. There was a little goofiness in her teeth. But she isn’t rather ugly. Although can’t be said quite beautiful. I saw Malkanthi again after weeks. She was collecting firewood at the fringe of the rubber land. I was going to buy kerosene from the shop. I tried my best not to look at that direction. But from time to time unintentionally I looked at there. Malkanthi cast a wide smile at me as if she was saying that I know your secret. I went looking away from her.

"H…h… hey" Malkanthi called me after letting me go some distance. My pace became slow.

"I saw the thing that you were doing on that day…" she said with a chuckle. I began walking again without saying anything.

"Shall I tell it to Thamara?" My sister was in her class. A sequence of slang words came on to my tongue, but they didn’t come out. I stood still without knowing what to do.

"For a number of days I saw you were going there to do that. If you come again, call us also. We’ll come" she said easily. That ignited a desire blended with disgust in me. Thereafter we met in the rubber land incessantly. Her perspiration was immense. Drops of sweat begin to scintillate on her forehead and along the upper lip. The other significant thing was her devilish scream. Sometimes I had to pinch her or give a slap on her cheek to stop over that feline shriek. Those days were belonged to an inflamed era. In daytime I swear myself that not to encounter with that filthy, slut again. But in the evenings my feet begin to move on to the rubber land inadvertently. It was later when I came to know that she had intercourses with people like Nimale and Sumith.

Lot of things began to happen sequentially. Malkanthi was killed and burned in our rubber land. There was a rumour that it was done by Sumith’s father concealing as a murder occurred during the riots caused by the rebels of People’s Liberation Front. Lot of other young boys and girls, some of them were unrecognized, were also burned in our rubber land. At that time we also were hidden from view to save our lives. I didn’t go to see Malkanthi’s dead body because I hadn’t courage to do that. In my dreams Malkanthi chased after me baring her fangs and with shining sweat drops on the upper lip. When I was awake, frightened by those nightmares my sarong was wetted with urine. For a long time I couldn’t control the passing urine on the bed. After dark no one went near the rubber land. Everyone said that it’s a haunted place. They said Malkanthi stops vehicles on the road and asks about the way to Colombo. Samantha ayya, another person who was burned to death is asking for fire to light cigarettes. Despite all that rumours I went to the rubber land during the daytime and spent hours looking aimlessly, sitting in a place which can’t be seen by anyone. In those days I heard the sounds of cicadas which I couldn’t hear before. Sometimes I sobbed without a reason. For an infinite number of times I thought to drop a rope on a branch of a rubber tree and hang myself. That’s the time I used to smoke cigarettes. That’s a habit which still I can’t wean.

Right after I was selected to enter the University of Peradeniya, my father died due to a heart failure. Even though I refused to go to Peradeniya, my mother and elder brother insisted that I must go. There was a rubber land-like atmosphere in Peradeniya. Wet grass, sprawled, shady trees. I liked there. I smoked cigarettes sitting under those trees. I didn’t go home frequently. I felt peacefulness in my mind. I started to write poems. Those poems were published on Sunday newspapers. My friends back there in the village who read the poems published on Sunday Silumina paper, wrote me encouraging to write more thought-provokingly. In the letters from my brother he had written not to do outlandish things and go through the exams. Even I didn’t have a girl friend, I wrote longest poems imagining a girl who had broken up with me. Madaa from Bulathsinhala wanted to write the world’s longest novel. His father has been killed, remarking as a People’s Liberation Front rebel. Since his mind was filled with various stuffs, he missed the mark at the exams in most of time. He said the problem is in the educational system. I also hated that educational system which prevented us from reading a book we liked sitting under a tree or writing a poem properly. I met Menu in the third year at the university. She is from Maho and she said there are no rubber plantations in her village. Although Menu and I encountered in the places with rubber land-like atmosphere, she was a very meticulous girl. She had goals in her life. What she wanted to do was teaching in the same university we studied. Her rounded handwritings were excellent. And she had an etched memory about study matters. When I was passing out from the university, she was doing a special degree. All the things were liquidized then. She had lot of work to do and had lot of friends. She hadn’t time as for me, to doodle poems sitting under trees.

When I came home after passing out, rubber trees were eradicated and the land was divided. My mother always said that the portion which was given to us is not enough and the resolving process wasn’t fair. The trunks of the rubber trees, which were on our section of the land, were sold as firewood and a refrigerator was bought for our house from the money gained. My heart became broken by seeing the land with bare red soil. I felt that I’m partially dead. I went near the rubber trees remained in here and there and touched them. Even I wanted to go back to Peradeniya, nobody was waiting there for me. The village was no more the same old village which was known by me. I wasn’t belonged to any of those places. Our portion of the land was divided again into three and Thamara akka married, taking her quarter acre land as the dowry. They sold it out right after their marriage. After my brother left home consequently to his marriage, my mother went to live with my sister. I met Thilini when I worked as a teacher in the school of Thummodara. She taught mathematics and I taught Sinhala. She was from Wellampitiya. Although she didn’t say that there are no rubber plantations in Wellampitiya, I understood it after few days from the start of our relationship. I needed to go near a rubber plantation somewhere in Padukka by motor bike and to talk with her. But what she needed was go for a movie or select sarees in a shop in Hanwella town.

Even after we married, I used to go near a large rubber plantation in Padukka from time to time and sit there for a while. Anyhow that is a different kind of pleasure. I make swivels for my little son using the rubber seeds which were brought back by me from those tours. The boy isn’t much excited by them. He plays with them for a while and puts them away. His passion is for toy cars.

[Link to the original Story - රබර්]

A Painting By: Leslie Cole
Photo Credit: IWM (Imperial War Museums)


ඉසුරු චාමර සෝමවීර
පරිවර්තනය - වොජිත් කරුණානායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එම පස් නිවුන් දරු උපතින්
කැලඹී ගියා මුලු රටම

උපදිනකොටම
දෙදෙනෙක් සිංහලය
දෙමල දෙදෙනෙක් ය
අනෙකා මුස්ලිම් ලෙසින් ඉපදිණ

විස්මයක ගිලුණු මේ පුවත
පැතිරුණා රටේ හැම මුල්ලකම

''ඔක්කොම අපේ දරුවෝ''
ජනපතිතුමාගේ උණුසුම් වචන
සමඟ ඔහු දරුවන් සිඹින දයාබර දසුන
පළකොට තිබුනා හැම පුවත්පතකම - ලොකුවට

''යුද්ධය නිමාවෙන් අනතුරුව
එකම මව් කුසක් තුළ
සංකේතාත්මකය මේ සාමයේ ඉපදීම''
අගමැතිතුමාගේ අදහස එය ය

දරු උපතේ සංයුතිය සදොස් බව
එය දේශද්‍රෝහී කුමන්ත්‍රණයක් වග
දේශය සුරකින ජාතික ව්‍යාපාරය
අප්‍රසාදය පලකළා ඒ පිළිබඳව

මුස්ලිම් විය යුතුයයි කියා අනෙක් සිව්දෙන ද
අන්තගාමී කණ්ඩායමක්
ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණා
මාතෘ රෝහල ඉදිරිපිට

‘‘පස් නිවුන් කතා වස්තුව’’ අරගෙන
හිමිනමක්
දේශනා කලා දහම් දෙසුමක
සිංහලුන් වඳවෙන ජාතියක් බව
ඒ ගැන අවදියෙන් සිටිය යුතු බව

(යුද්ධය අවසන් කාලයෙහි
මායිම් ගමක
සිංහල දෙදෙනෙක්, දෙමළ දෙන්නෙක්
සහ තවත් මුස්ලිම් කෙනෙක්
එකම තැනක දී මියගොස් තිබිණ)
පූර්වාපර සන්ධි ගලපා
නිල නොලත් පුනරුත්පත්ති කතාවත්
බිම් මට්ටමෙන් පැතිරිණ

නවග්‍රහ බලපෑම් අනුව
මේ අරුම කලියුග උපත
රටට විනයක් -උපද්‍රව ගෙන එන්නකැයි
පවසා තිබුනා නක්ෂත්‍රකරුවන් ද

හරි අද්භුත විදියට
මේ දරුවන් පස්දෙනම
නාඳුනන කල්ලියකගේ කඩු පහරකට
ගොදුරු වී තිබුනා පෙරේදා හවස

මවගේ විලාපය
හඬන ඉකිබිඳුම් - වැලපුම්
බොහෝ වේලා පෙන්නුවා රාත්‍රි පුවත්වල

යලි කිසිදිනෙක නූපදින ලෙස
පස් නිවුන් දරුවන් වැළලුණා පස් යට.

ධම්මික ප්‍රසාද් තේනුවර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"මොණරු දාහතක් දිනකට මරයි
කබල්ලෑවෙක් මෙහේ විසිදහයි"

හා ඉතින් අරගන්න
හැමදේම මෙහෙ ඉන්න​
ඡන්දෙ දීලා ගත්තෙ ඒ නිසයි
වින්ද දුක් තාම මදි තව ටිකයි

බත් පැකට් අරගන්න​
ගෝනමස් හොදි එක්ක​
කබල්ලෑ මස් එක්ක නම් ගණන්
රතු කැකුලු එක්ක නම් මරු හතයි

ඩෙවල් මුව මස් එක්ක
මයියොක්ක හරි රහයි
'හීනියට​' රෑ පානෙ යාලුවන්
සීරුවට ගීත​-කවි කියනකම්

මත්තලින් ගොඩබාන​
මේ යානයේ නැගල
දකුණු සිරි බලන්නට සැරසියන්
තව සත්තු ඉන්නවද, ඇස් යොමන් !

[ඡායාරූපය: aviationvoice.lk]

අතුල විජේවික්‍රම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කලාකරුවෙක් ලෙස තම සමකාලීන කලාකරුවන් පිළිබඳව ඔහු තරම් සිතා බැලූ කෙනෙක් සොයාගැනීමම දුෂ්කරය. සයිමන්ගේ ජන්ම දිනයට කවියක් ලියූ ඔහු සුනිලා මිය ගිය විට කදුළු සැලුවේත් කවියකිනි. එපමණක් නොව මැරෙන තුරුම කලාව වෙනුවෙන් කැප කළ හතා වෙනුවෙන් කවියක් ලිවීමට ද ඔහු අමතක කළේ නැත. සියල්ලන්ටම අමතකව ගිය ෂෙල්ටන් ආරච්චිගේ නම් වූ සොඳුරු මිනිසා පිළිබඳව ද ඔහුට අමතක වූයේ නැත. ෂෙල්ටන් මිය යෑමට පෙරාතුව ඔහු ෂෙල්ටන්ට ද කවියක් ලියා යැවුවේය. ඔහු වනාහී කිසිම කලාකරුවෙකු අමතක නොකළ සාහිත්‍යමය හිතුවක්කාරයෙකි.

ඔහු නම් මංජුල වෙඩිවර්ධනය.

එක්තරා අවස්ථාවක ඔහුගේ මෙම සාහිත්‍යමය කෘත ගුණ සැලකීම දේශපාලනමය මැදිහත් වීමක් දෙසට නැඹුරු වුණේය. එනම් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නිල කවියා වන පුදුවෛගේ අතුරුදන් වීම පිළිබඳව එලිලාන්ගේ බිරිඳ උගත් පාඩම් කොමිසමට ලබාදුන් ප්‍රකාශය මුල් කරගෙන ඔහු ලියූ "පුදුමයක් නෑ පුදුවෛ" ලිපියයි. [කියවන්න: "පුදුමයක් නෑ පුදුවෛ" - නිත්‍ය කවියකු පිළිබඳ සත්‍යය ගවේශනය] නමුත් එයට පිළිතුරු ලිපියක් වරුණ රාජපක්ෂ මහතා ද ලියූ අතර එයට පිළිතුරක් නොදී මහා දේශපාලනිකමය නිහැඬියාවක් ඇති කරලමින් ඔහු නිහඩ වුණේය. අනතරුව මේ සටහන ලියවෙන මොහොත දක්වාම ඔහු ඒ පිළබදව කිසිවක්ම මාධ්‍යයට ප්‍රකාශ නොකළේය.


*****

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නිල කවියා වන පුදුවෛ ගේ අතුරුදන් වීම ගැන රජය නිහඩ පිළිවෙතක් ගෙන යන බව සඳහන් කරමින් ඔබ "පුදුමයක් නෑ පුදුවෛ" යන හෙඩිමෙන් යුතුව ලිපියක් අන්තර්ජාලයට මුදා හැරියා. එහිදී ඔබ සදහන් කළා ඔහු පිළිබදව හෙළිදරව්වක් කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධීපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට කවියන් සහ ලේඛනයේ නිරත වන අය මූලිකත්වය ගෙන පෙත්සමක් ලබා දිය යුතු බව. ඉන් අනතුරුව පෙරටුගාමී පක්ෂයේ හිටපු සාමාජිකයෙකු වන වරුණ රාජපක්ෂ මහතා ඒ පිළිබදව ප්‍රවේශයක් ගැනීමට කැමතියි කියා ලිපියක් ජනරළ පුවත්පතට සැපයුවා. නමුත් ඔබ ඒ සම්බන්ධයෙන් කිසිම හඬ නැගීමක් ඉන් අනතුරුව සිදු කළේ නැහැ. මොකක්ද එහෙම වෙන්න හේතුව?

මම පුද්ගලයෙකු විදිහට, සමාන්තර කවියෙක්, සහෘදයෙක් විදිහට කළ මැදිහත්වීමට වරුණ රාජපක්ෂ මැදිහත් විය යුතුව තිබුණෙ දේශපාලන සංවිධානයක් නියෝජනය කරන නායකයෙක්ගෙ ප්‍රවේශයකින් මිස කවියකුගේ හෝ මාධ්‍යෙව්දියෙකුගේ ප්‍රවේශයකින් නෙවෙයි. වරුණ සම්බන්ධ මගේ කියවිමට අනුව, ඔහු අතීත ක්‍රියාකාරකම් ගැන පශ්චාත්තාප වන පසුකාලීනව හෝ ස්වයං අධ්‍යයනයක් ඇතුළෙ තමන්ගෙ හෘදය සාක්ෂිය හොයා පහදගත් දේශපාලන ක්‍රියාධරයෙක්.

පුදුවෛ අතුරුදහන් කිරීමට, අවධාරණයෙන් අහගන්න, අතුරුදහන් වීමට නෙවෙයි අතුරුදහන් කරවීමට, ආණ්ඩුවට අවශ්‍ය සමාජ මතවාදය කළමනාකරපු පක්ෂයක් ඇතුළෙ තමයි ඔහු හිටියෙ. දෙමළට ගහල කෙළවල දාන්න හාමුදාවට බැරි නම් අපි ගහන්නම් කියපු රතුහමුදාවෙ ඉඳල තමයි වරුණ කලින් ඉල්ලල විශ්‍රාම ගත්තෙ. සිංහල වීම නිසාම මගේ අත් වලත් ලේ තියෙනව තමයි. නමුත් වරුණ දන්නව තමන්ගෙ අත්වල ලේ විතරක් නෙවෙයි දෙමළගෙ ඇට මස් නහර බොකුබඩවැල්, මොළ කෑලි, පිපිරුණ හදවත්, පිත්තාශ, ආමාශ, අග්න්‍යාශ, උණ්ඩුකපුච්ච මේ ඔක්කොම තියෙනව කියල. තමන්ට කරගහන්න වෙලා තියෙන පව් කන්දරාව මතක් වෙන්කොට රෑට නින්ද යන්නෑ. මතක තියා ගන්න මං මේ කියන්නෙ තමන්ගෙ හෘදය සාක්ෂිය හොයා ගත්ත වරුණ ගැන මිසක්, හෘදය සාක්ෂයක් නැති සිංහයො, කැන්ගරුවො ගැන නෙවෙයි.

ඉතින් වරුණට සිද්ධ වෙනවා පුදුවෛට වෙලා තියෙන දේ සංවාදයකට ගන්න. සංවාද කරන්න තිබ්බ වෙනත් කෙනෙක් එක්ක නම්. දේශපාලන නායකයෙක් විදිහට කරන්න ඕනෙ ක්‍රියාමාර්ග ගන්න එක. පුදුවෛ ගැන විතරක් නෙවෙයි අනිත් දේශපාලන සිරකරුවන් ගැන. සංහාරය කරපු දෙමළ ප්‍රජාව ගැන, ජීවත් වෙලා ඉන්න දෙමළ ප්‍රජාව ගැන, දෙමළ නිජබිම ගැන, දෙමළ ජනතාව සතු ස්වයං තීරණ අයිතිය ගැන තම ස්ථාවරය පැහැදිලි කරමින් අදාළ ක්‍රියාමාර්ග ගත යුතුයි. ඉතින් එවන් වූ කෙනෙක් එක්ක මං සංවාද කරන්නෙ ඇයි?

අපිට හිතන්න සිද්ධ වෙලා තිබුණෙ මේ ව්‍යාජ ව්‍යාපාර වලින් දෙමළ මිනිහ ආරක්ෂා කරගන්නෙ කොහොමද කියලා හිතන එක. නම් විදිහට දෙමළ නම් තියෙන සිංහල අය නෙවෙයි ඇත්ත දෙමළ මිනිහ. කෙටියෙන් කරුණු දෙකක් කියන්නම්.

එක, මේ ගැළවුම්කාරයන්ව විශ්වාස කරපු ලලිත්ට කූගන්ට මොකද වුණේ. ඔන්න ඕකයි මං මේ කියන්න හදන, සියල්ල මැද්දෙ තියෙන හෘදය සාක්ෂිය ගැන ප්‍රශ්නෙ. වරුණ නියෝජනය කරපු සංවිධනයේ අතුරු සංවිධානයක් වෙච්ච ‘සම අයිතිය ව්‍යාපාරය’ අරඹමින් රවීන්ද්‍ර මුදලිගේ කියනවා ‘අපි දෙමළ එක්ක එකතු වෙන්නෙ ආයෙ එල්ටීටීඊ එකක් බිහිවෙන එක නවත්තන්න' කියල. දැන් අපිට පැහැදිලියි අරමුණ. මේක දීර්ඝව පැහැදිලි කරන්න පුළුවන් එතකොට ඒක වරුණට දෙන උත්තරයක් වෙනව.

ඔබ අරගල කරන්නේ කාට එරෙහිවද?

මේ මොහොතේදී නම් පවතින රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව යි. අද වන විට එය ජුන්ටාවක් ඉක්මවා ගිය හිට්ලර් පන්නයේ ස්වභාවයක් තමයි උසුලන්නෙ. දේශපාලන ස්ථාවරයක් විදිහට, දෙමළ ජනතාව විතරක් නෙවෙයි සිංහල ජනතාව පවා මේ ජුන්ටාවට එරෙහිව පෙළ ගැසිය යුතුයි. ඉතිහාසය පුරා මීට විරුද්ධව අඛන්ඩ අරගලයක් නිරූපනය වුණේ දෙමළ විමුක්ති ව්‍යාපාරය තුළ විතරයි. විද්‍යානුකූල පදනමක් සහිත දේශපාලන ස්ථාවරයක් විදිහට මම මතවාදීව ඊට සහයෝගය පළකළ අයෙක්.

ඔබ මාක්ස්වාදියෙක්ද?

ලංකාව කියන සන්දර්භයේ මාක්ස්වාදියා යන්න ජාතිකවාදීන් විසින් තොරොම්බල් කරල තියෙන නිසා කවුරු හරි ‘ඔව් මම මාක්ස්වාදියෙක්’ කියල කියපු ගමන් හිනායන තත්වයක් තමයි තියෙන්නෙ. ඒ හින්දා මම මගේ භාවිතය ගැන කියන්නම්. ඉතිහාසය පුරා මෙන්ම මේ මොහොතේ දීත් මේ කියන ලංකාව කියන රටේ කේන්ද්‍රීයමය ප්‍රකාශන ‘ජාතික ගැටලුව’. ඒ සමබන්ධව මම මගේ ස්ථාවරය ප්‍රකාශ කළේ සහ ඒ කේන්ද්‍රීය ප්‍රශ්නය බරපතළ විදිහට සංවාදයට ලක්කරන්න, සක්‍රීයව මැදිහත් වෙන්න අරන් අවම වශයෙන් දශක එකහමාරකට වැඩියි. දෙමළ ජාතීන්ගේ ස්වයං තීරණ අයිතිය පිළිගන්නව කියන්නෙම දේශපාලනික ස්ථාවරයක් මිස විශේෂ ලැදියාවක් නෙවෙයි. මේ එල්.ටී.ටී.ඊ. විරෝධී මාක්ස්වාදියො අවම වශයෙන් තිම්පු මූලධර්ම හෝ තිම්පු ප්‍රකාශනයවත් පිළිගන්නෑ. ඒක එල්ටීටීඊ ස්ථාවරය නෙවෙයි. අන්න ලිට්මස් පරීක්ෂාව වගේ මාක්ස්වාදියාව චෙක් වෙන තැන.

මං කෙටියෙන් මෙහෙම කියන්නම්, මට මාක්ස්වාදය කියන්නෙ සීතලට අඳින ජැකට් එකක් නෙමෙයි.

මංජුල වෙඩිවර්ධනට නිර්මාණාත්මක ලේඛනය තුළ තිබෙන අනන්‍යතාවය මොකක්ද?

මගේ අනන්‍යතාව ගැන විග්‍රහ කරගත යුත්තේ සහෘද සමාජයයි. මට කියන්න පුළුවන්, ඔව් මට එහෙම පිරිසක් ඉන්නවා. ඒ අය මගේ සාහිත්‍ය ගැන විශ්වාසයක් තියන් ඉන්නවා. ඒක විඳිනවා. විග්‍රහ කරගන්නවා. විවිධ නම් වලින් මට අමතනවා. මට බනිනවා. මට ආදරය කරනවා. ලිවීම ඇතුළෙ ඒ පිරිසට බොරු කරන්න මට උවමනාවක් නෑ. මං එහෙම කරන්නෑ. ඒ හින්දා මගේ පැත්තෙන් ගත්තොත් මං නිර්මාණකරණයෙදි ඒ සඳහා දැවැන්ත ශ්‍රමයක් දානවා. ඒක මට වත් හිතා ගන්න බෑ, එහෙම ධාරිතාවක් මා තුළ තියෙනවද කියල. මං මගේ වැඩේට අවංකයි. සමස්ථ කෘතිය ගැන විතරක් නෙවෙයි, හැම පරිච්ඡේදයක් ගැන විතරක් නෙවෙයි හැම වාක්‍යයක්ම මට වැදගත්. ඡේද ගණන් අත හරිමින් කියවන්න පුළුවන් දේවල් මම ලියන්නෑ. මං ඇයි මෙච්චරම මහන්සි වෙන්නෙ වගේ හැඟීමක් ආවත් ඒ හැඟීම පයින් පාගගෙන මං ලියනවා. හැමදාම මේක කොහොමත් අසනීපෙකින් කෙළවර වුණ මහන්සියක්. මේ මොහොතෙත් මං අත්දකිමින් ඉන්නෙ ඒ සුපුරුදු අත්දැකීම.

මම ප්‍රබන්ධකරණය කියන්නෙ ප්‍රබන්ධකරණයම මිස වෙන දෙයක් නෙවෙයි. මං කතා හොයාගෙන ඒවා ලියන්නෙක් නෙවෙයි. මගේ කතා තුළ ඉන්න චරිත මෙන්ම ඒ සිද්ධ වෙන සියල්ල සිද්ධ වෙන්නෙ මගේ පරිකලපනය ඇතුළෙ මිසක් තථ්‍ය ලෝකයේ නෙමෙයි. මං මගේ චරිත ප්‍රබන්ධයට අදාළ කාල වකවානු වල, අදාළ පසුබිම් තුළ පිහිටුවනවා. මේ තුළ ඇතැම් අත්දැකීම් නැතුවා නෙවෙයි, නිර්මාණ ආවේශය සිදු වෙන්නෙ රිද්දීම් සහ රිදවීම් ඇතුළෙ තමයි. ඒක ඇත්ත. නමුත් මට අනුව ප්‍රබන්ධයක් කියන්නෙ ප්‍රබන්ධකරුවා ගොඩනංවන අලුත් ලෝකයක්. ඒ අලුත් ලෝකය තමයි ‘සංසාරණ්‍යයේ දඩයක්කාරයා’ තුළ තියෙන්නෙ. ‘සක්වල දඩයම’ තුළ තියෙන්නෙ. ‘නේරංජනේ ඉස්නානේ’ තුළ තියෙන්නෙ. මම හොයන්නෙ ඒ සාහිත්‍යය මාර්ගය. ‘බත්තලංගුණ්ඩුව‘ තුළත්, ‘මගේ ආදරණිය යක්ෂණී’ තුළත් මං හොයන්නෙ මේ මාර්ගය තුළ ඇති මගේ අනන්‍යතාව.

*****

බත්තලංගුණ්ඩුවේ මතකය ඔහුම අවදි කළ නිසා අපේ සංවාදයේ සයිබර් අවකාශය හරහා යක්ෂණිය ඇවිද යන්නට විය. ඇගේ රූ සපුවෙන් මොහොතකට මේ සංවාදය මට අමතකව ගිය ද ඈ, එනම් නේත්‍ර බිම්බාවගේ උත්ප්‍රාසාත්මක දේශපාලනික කියවීම මගේ මතකයට නැගුණි.

"ඒ බඩවත මැටියෙන් ඇඹුවා වැන්න.උදරීය සුස්මනය පවා ඇසින් ගත නො හැකිය. සර්වබලධාරී සියල්ලන්ගේම ඇස් වැසූ ‘කිරි කෝපි’ උපන් ලපයක් එහි වම් පස සොදුරු කෙළවරක හුදෙකලාවේ නිමග්නව තිබුණි."
(-මගේ ආදරණීය යක්ෂණිය නවකතාවෙන්)


*****

බත්තලංගුණ්ඩුවෙන් පස්සෙ ඔබ ලියූ මගේ ආදරණීය යක්ෂණිය නම් වූ ඔබේ නවතම නවකතාව ලිවීමෙන් ඔබ බලාපොරොත්තු වුණේ එය සාහිත්‍යයමය කියවීමකට පමණක් සීමා කිරීමටද? නැතිනම් දෙමළ ජනයාට ලාංකේය භූමියට නීත්‍යානුකූල අයිතියක් ලබා දීමට ගත්ත සවිඥානික පියවරක්ද එය?

සාහිත්‍යය කියවීම කියන්නෙම චලනයක්. හෙළවීමක්. ඒ හෙළවීම සිද්ධ නොවෙන කෘති නිෂ්පාදනය කිරීමෙන් මානව සංහතියට සිද්ධවෙන කිසිම දෙයක් නෑ. ‘යක්ෂණී‘ නවකතාවේ ඈතම පරිච්ඡේදය තමයි ‘හුස්ම ගන්න බැරල්‘ කියන සිව්වැනි පරිච්ඡේදය. ඒකේ ප්‍රස්තුත බැරලය පිළිබඳ සංකල්පය මා තුළ පිළිසිඳ ගත්තෙ මින් වසර විස්සකට වඩා ඉහත දවසක ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සමඟ කෙරුණ කණ්ඩායම් සාකච්ඡාවක් ඇතුළෙ. ඔහු ඒ වෙලාවෙ යෝජනා කළා මේ දේ දීර්ඝ ලියවිල්ලකට වුණත් සුදුසුයි කියලා. ඔහුට නම් මේක මතකවත් නැතුව ඇති. එතැන් සිට මා කරපු හැදෑරුම් වල සහ ගතකළ ජීවිතයේ ප්‍රබන්ධයකට අදාළව කරපු සුවිශේෂ උපුටා ගැනීම් වලින් තමයි යක්ෂණී ඉපදිලා තියෙන්නෙ. මේක ප්‍රබන්ධයක්. මහාවංශය වගේම ප්‍රබන්ධයක්. මේකෙ නීත්‍යානුකූල කිසි දෙයක් නෑ. කිසිදෙයකට නීත්‍යාකූලභාවයක් ලබා දීමේ අරමුණක් නෑ. නමුත් මං ප්‍රශ්ණ කරනවා කිසියම් කෙනෙක් ප්‍රබන්ධ කරපු දෙයක් ඉතිහාසය විදිහට ග්‍රන්ථාරූඩකරගත්තම වෙන ඇබැද්දිය.

ඒකයි මං කියන්නෙ ඉතිහාසය කියන්නෙ ම ප්‍රබන්ධයක් කියල. ඉතිහාසය කියන්නෙම කවන්ධයක් කියලා. තමන්ගෙ ජාතිය ගැන හීනමානයක් නැති මිනිස්සු දන්නවා මං ස්ථානගත කරන්නෙ මොකද්ද කියල. ඒකයි ඔවුන් කැළඹෙන්නැත්තෙ. අනෙකගෙ අයිතිය පිළිගන්න පුළුවන් වෙන්නෙ අන්න ඒ මිනිස්සුන්ට විතරයි.

දෙමළ ජනයාට ලාංකීය භූමියෙ තියෙන නීත්‍යානුකූල අයිතිය තහවුරු කරන්න මං වගේ මිනිහෙක් ප්‍රබන්ධ කතා ලියන්න ඕනි නෑ. ඔවුන්ට මේ පොළොවට තියෙන අයිතිය ඔවුන් ප්‍රකාශ කරල ඉවරයි. ඒක පිළිගන්න බැරි අන්තර්ජාතික වෙන්න හැදුවට ජාතික හීනමානයෙන් මිදෙන්න බැරි මිනිස්සුන්ට විතරයි.

*****

අපේ සංවාදය අවිඥානිකවම දැන් වෙනත් දෙසකට යොමු වෙමින් තිබේ. සයිබරීය සුසුමක් පිට කළ මම මගේ නොඇසිය යුතු ප්‍රශ්නය ඔහුගෙන් ඇසුවෙමි.

*****

දෙමළ ජනයාට ලාංකේය භූමියෙන් වෙනමම කොටසක් හිමි විය යුතුයි කියලා ඔබ හිතනවද?

දෙමළ ජනතාව වාසය කරන ඒ භූමිය ඔවුන්ගෙ පාරම්පරික නිජබිම. මූලිකවම එය පිළිගත යුතුයි. හමුදාව ලක්ෂ ගාණක් දාලා දස දහස් ගාණක් ඝාතනය කරවල, ඉතුරු වෙලා ඉන්න අයව ඔවුන්ගෙ ඉඩම් වලින් පවා එලවල, බලෙන් ඒ භූමිය රැක්කට, ඇත්ත වෙනස් කරන්න බෑ. රාජපක්ෂට කියන්න පුළුවන් නම් ගිරුවාපත්තුව අපේ, මේ සාටකේ තියෙන්නෙ අපේ පොළොවෙන් නෙළා ගත් කුරහන් කරලේ පාට කියල, ඇයි දෙමළ මිනිහට කියන්න බැරි මේ වන්නිය අපේ මේ මිරිස් කරලෙ තියෙන්නෙ අපේ ලේ වල පාට කියල?

මහා ජාතියෙ පීඩාවට එරෙහිව දෙමළ ජනතාව කියනව නම් අපිට මුං එක්ක එකට ඉන්න බෑ, අපිට ඕනෙ වෙන් වෙන්න කියල, ඒ පීඩාව ඓතිහාසිකව ගොඩනැංවුණු ඇත්ත පීඩාවක් කියල දන්න සහ එසේ වෙන් වෙන්නට ඇති අයිතිය දේශපාලනිකව පිළිගන්න කෙනෙක් හැටියට, මම ඔවුන්ගේ ඒ අයිතිය පිළිගන්නවා. ඔබ ඔය අධිනිශ්චය කරන්නට හදන ලාංකේය භූමිය කියන එක ඓතිහාසිකව ගත්තත්, දෙමළ නිජබිමේ සහ සිංහල නිජබිමේ ‍‍ඓක්‍යය මිස තනි ඒකකයක් නෙවෙයි. ඔබ ලංකාව කියලා හිතන් ඉන්න එකයි, මං දන්න ලංකාවයි එකක් නෙවෙයි දෙකක්. ලාංකේය භූමියෙන් කොටසක් ඔවුන්ට අයිති විය යුතුයි කියල ඔබ හිතනවද කියල මගෙන් ඔබ අහන ප්‍රශ්නයම පවා වැරදියි. කොටසක් නෙවෙයි ඒක දෙමළ මිනිහගේ පොළොව. මට ඒ ගැන හිතන්න දෙයක් නෑ. ඒක ඔවුන්ගෙ අයිතිය. ප්‍රශ්නය තියෙන්නෙ මම ඒ අයිතිය පිළිගන්නවද නැද්ද කියන එක විතරයි. ඉතාම පැහැදිලියි, මම ඒ අයිතිය පිළිගන්නවා.

*****

දෙමළ ඔලු ගෙඩි වලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලි ද ඔය අවිය

(-මාතෘකාවක් නැති මාතෘ භූමිය)

එසේ ලියූ ඒ කවියාගෙන් එවන් ප්‍රශ්නයක් ඇසීම නිශ්ඵල බව ඔබට සිතෙනු ඇති. නමුත් වචන හරඹයකට වඩා යථාර්ථීය තලයක මේ නිර්ජාතිවාදී කවියාව සෘජු ලෙස මෙම සාකච්ඡාව තුළදී ස්ථාපිත කිරීමට මම සිතුවෙමි. එනිසාවෙන්ම තවත් එවැනිම ප්‍රශ්නයකින් දමා ගසා ඒ සටන්කාමී අතීතය ඔහුගෙන්ම නොදන්නවුන්ට අසා දැන ගැනීමට සැලැස්විය යුතු යැයි කියා මම ඊළඟට සිතුවෙමි.


*****

ජාතිවාදය ගැන කතා කිරීම ෆේමස් පොරක් වීමට තිබෙන පහසුම මාර්ගයක් නේද? ඔබ ගමන් කරන්නෙ ඒ පාරෙ කියලා කව්රුහරි ඔබට චෝදනා කළොත් මොකක්ද ඔබට තියෙන පිළිතුර?

සහෝදරයා, අපි හැමදාමත් තෝරගත්තෙ දුෂ්කර මාර්ගය. ඒක මූලධාර්මික ස්ථාවරයක් මිසක්, ජනප්‍රියවාදයක් නෙවෙයි. අපි ජාතිවාදය ගැන කතා කළේ නෑ, අපි කතා කළේ ජාතික ප්‍රශ්නෙ ගැන. ඔය වැනි කතාවක් අහන්න පුළුවන් අපේ භාවිතයේ ඉතිහාසය දන්නැති අයට. ජාතිවාදය ගැන කතා කරමින් ජාතිවාදය වැපිරුවෙ රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය වුණු ජාතික ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නයක් යැයි තොරොම්බල් කළ වර්ගවාදීන්. ඔවුන් තමයි මහාචාර්ය සිවතම්බි ඇතුළු දෙමළ කලාකරුවන්ට ගහන්න ගේට්ටු කඩාගෙන පැන්නෙ. ඔබේ ඔය අදහස ඔවුන්ට අදාළ වෙයි.

මම මගේ සිංහල ජාතිකත්වයේ ස්ථාවරය පැහැදිලිවම කිව්වෙ 1997 දි ලිව්ව ‘මම ලිඟුමාල වෙමි’ කියන කවියෙන්. අවුරුදු 16කට කවියෙන්. 2002 යාපනේ වීරසිංහම් ශාලාවේ තිබුණු මනුෂ්‍යයත්වයේ දෙමළ හමුවෙ මං කළ කතාවට පස්සෙ දෙමළ මිනිස්සු නගපු අත්පොලසන් හඬ තාම මගේ කන්වලට ඇහෙනනවා. ඒ මිනිස්සු එක්කො අද තමන්ගෙ මව්බිමේ ම පොළොවට පස් වෙලා, නැත්තං එළමහන් හිරකඳවුරක හිරවෙලා. මගේ ඒ කතාවෙන් පස්සෙ වේදනාවෙන් බරවුණු ආතතියත් එක්ක මං එළයට බැහැල සිගරට් එකක් බිබී ඉද්දි, පැහැපත් හමක් තිබුණු, ඉතාමත් ප්‍රසන්න, තරමක් මිටි තරුණයෙක් මා ගාවට ඇවිත් මොහොතක් තරයේ මාව වැළඳගෙන හිටියා. ඔහුගේ ඇස් වල දඟලන කඳුළු කැට මං ඇස් දෙකට දැක්කා. ඔහු මට ඉතා කුඩා පොතක් මතක සටහනක් ලෙස දුන්නා, ඒකෙ තිබුණෙ ප්‍රභාකරන්ගෙ දේශන වල විශේෂ පාඨ සහ උපුටා ගැනීම්. ඒක දෙන ගමන් ඔහු මට කියනවා, සහෝදරයා, අපි මෙච්චරකල් දැනන් හිටියෙ නෑ, සිංහල මිනිස්සු කියන්නෙ මේ විදිහට හිතන පිරිසක් කියලා. ඒ ඇස් දෙකට කඳුළු ආව තරුණයා කවුද දන්නවද? කළු කොටියෙක්. මරාගෙන මැරෙන්න හිත හදාගත්තු තරුණයෙක්. අපි ඒ විදිහට ගොඩ නගන්න උත්සාහ කරපු සහෝදරත්වයක් තමයි මේ ජාතිවාදීන් එකතු වෙලා සමූලඝාතනකය කරල අද ‘ජයග්‍රහණය’ කියල සමරන්නෙ.

*****

ලයිටරය නැත
ලොයිටරය සිත

(-මධු සදෙනි මධු විත)

ලාංකේය කාව්‍ය කියවීම යනු තවමත් මුහුකුරා නොගිය ළාබාල අත දරුවෙකු බව සැබෑව. නමුත් ඉතා අගනා සමහර කවි පොත් පිළිබදව නිසි කියවීමක් සිදු නොවීම මහා අබග්ගයක්ම තමයි.ඒ නිසාම පුංචි ඉගියක් කිසියම්ම හෝ කියවන්නෙකුට ලබා දෙන ගමන් තවත් ප්‍රශ්නයකට යා යුතු යැයි මම සිතුවෙමි.


*****

ඔබ හැම තිස්සෙම දේශපාලනික කවියෙක් වුණේ නැහැ. ‘මධු සදෙනි මධු විත’ වගේ කවි පොත් වලින් විවාහය වගේ දේවල් පිළිබදව ආත්මීය කියවීමකට ඔබ යොමු වුණා. නමුත් මාතෘකාවක් නැති මාතෘ භූමිය නමැති කවි පොත සහමුලින්ම දේශපාලනිකයි. ඇත්තටම ඔබ දේශපාලනික කවියෙක්ද එහෙමත් නැතිනම් ජීවිතය පිළිබදව ආත්මීය කියවීමක් තියෙන කවියෙක්ද?

කවිය නෙවෙයි ඕනෑම කලාකෘතියක් හැමවිටම දේශපාලනිකයි. එහෙම වෙන්නෙ කොහොමද කියන එක වෙනම සංවාදයක්. ඔබ නම් කරන ලද පොත් දෙකට අදාළව මං මගේ අදහස සංක්ෂිප්තව ගොනු කරන්න උත්සාහ කරන්නම්. මට අනුව, කලාව කියන්නෙම සංස්කෘතියට අදාළ දාර්ශනික කියවීමක්. නමුත් කලාව පැහැදිලිව සම්ප්‍රදායන්ට වෙන් කරන්න පුළුවන්. මූලික වශයෙන් මහා සම්ප්‍රදාය සහ චූල සම්ප්‍රදාය වශයෙන්. මධු සඳිනි මධුවිත කෘතියේ ඇත්තේ, මගේ විග්‍රහයට අනුව මහා සම්ප්‍රදායේ ලක්ෂණ. ඒක ලංකාවට අදාළව ගත්තත්, දැනට මං ඉන්න ප්‍රංශයට අදාලව ගත්තත් සාකච්ඡා කරන්න පුළුවන්. ඒ කියන්නෙ එය ඕනෑම සමාජාර්ථික දේශපාලනික සංදර්භයක කතා කළ හැකියි. ඒ කවි ඉතිහාසයටත් අදාළයි, අනාගතයටත් අදාළයි. ඒ කියන්නෙ ඒ ලක්ෂණ සර්වකාලිනයි. ඒ නිසාවෙන්ම දෛනික ප්‍රවෘතිමය සමාජයෙන් වියුක්තයි. එලෙසින් ම සංකීර්ණයි. ඒක විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ටවත් අහුවුණේ නැති බව ඒ ගැන පළ කෙරුණු විචාර වලින් පෙනුණා. විශ්ව විද්‍යාල චල ගුරුවරුන්ගෙන් බහුතරයක්, මේ කලාත්මක 'බර' සහිත අය නෙවෙයි. ඒ අය මහා සමයංකාරයො.

අනිත් පැත්තෙන් ගත්තම, කාලීන ප්‍රවෘත්තිමය ජීවිතය හරහා ලියවෙන කවිය අද්‍යතනයි. දෙමළ ජාතික ප්‍රශ්නය තමයි මේකෙ කේන්ද්‍රය. ඒකට මගේ දේශපාලන ස්ථාවරය එකතුවුණාම මං ලියන කවි "අධම කවි" වෙන්නෙ ඒකයි. මාතෘකාවක් නැති මාතෘභූමියට සංගෘහිත වෙලා තියෙන්නෙ මගේ කවියෙ මේ අද්‍යතන කොටස. මං මේ සමප්‍රදායන් දෙක අතරෙම දෝලනය වෙන කවියෙක්. අද මේ මොහොතෙත් මගේ අද්‍යතන කවිය ගැන සංවාද කෙරෙනවා. නමුත් මං නොමැති අනාගත සමාජ සන්දර්භයක අධම කවියාගේ සර්වකාලීන කවි ගැන කතා කෙරෙයි. දැනට වුණත් මට අධමයා යැයි පහර ගසන කවරෙකු වුවත් මගේ ලියවිලි රසවිඳින බව පිළිගන්නවා.

කවිය කියන්නෙ ඉතාම සොදුරු සාහිත්‍යය භාවිතාවක්. දේශපාලනය වගේ කඨෝර දෙයක් සමාජගත කිරීමට කවිය සමත් වෙන්න පුළුවන් කියලා ඔබ හිතනවද?

සමත් වෙන්න පුළුවන් නෙමෙයි සමත් වෙලා තියෙනවා. අද වෙනකොට සිංහල ජාතික හීනමානයෙන් මිදුණ අලුත් පිරිසක් බිහිවෙමින් ඉන්නවා. ඔවුන් ලියනවා, සංවාද කරනවා. දෙමළව මරන්න පිහි මන්නා පවා උස්සගෙන ගිය මාක්ස්වාදීන් අද තමන්ගෙ හෘදය සාක්ෂිය අතට අරන් පාරට බැහැල තියෙනවා. මේ තමයි අපේ කාව්‍යමය ශ්‍රමය. ක්‍රිකට් මැච් එකක් රසවිඳනවා වගේ දෙමළ මිනිස්සුන්ගෙ මළ මිනී ගණන් කරපු සමාජයක් තුළම ඊට විරුද්ධව හුස්ම ගත්ත එවුන්ගෙ හෘදය සාක්ෂිය රැකගත්තෙ කවිය හින්දා. තම තමන්ගෙ ආත්මීය පීඩාව පිටකරගත්තෙ දැන් ලොරි ටෝක් දෙන සාමකාමීන් හින්ද නෙවෙයි අජිත් සී. හේරත්, මහේෂ් මුණසිංහ බඳු කවීන්ගෙ අඛන්ඩ මැදිහත්වීම නිසා. දෙමළ මිනිසුන් කඳුගහන මොහොතක අජිත් හෝ මහේෂ් විසින් ඔවුන්ට ඇති ආදරය සහ ගෞරවය ගැන, ඔවුන්ට තමන්ගේ අධ්‍යාත්මය තුළ පවතින අවකාශය ගැන ප්‍රකාශ කෙරෙන එක කඨෝර විදිහට පේන්නෙ කවිය අභ්‍යාවවකාශගත කරන්න හදන ව්‍යාජ දාර්ශනිකයන්ට විතරයි.

අජිත් සී.හේරත් මෙහෙම කියනවා:

"...වැටී සිටියා පුතුනි නුඹ
ගිනි ලෑ වන්නියේ ඇතිරූ
ඉටි කොළයක් මත
වැටී තිබුණා නුඹේ කෘත්‍රිම පාදය
ඒ අසල
පිළිස්සී ගිය පස් මත..."
(-පාද නමස්කාරය)

මහේෂ් මුණසිංහ මෙහෙම ලියනවා.

"...මීනච්චියේ ඇයි
පොට්ටුවයි තනි ඇහැයි
සුදු පිච්ච මල් සුවඳ
දොර රෙද්දෙන් එඛෙන..." (-නෑදෑයෝ)

දැන් මොකද හිතෙන්නෙ? මේවා කඨෝරයිද? කඨෝරයි නම් එහෙම වෙන්නෙ කාටද? ඇයි ඓහම ඒ අයට දැනෙන්නෙ? මේක හෘද සාක්ෂිය සම්බන්ධ අසනීපයක්.

ඔබේ පළමු කෙටිකතා පොත වන 'මේරි නම් වූ මරියා' වාරණය වුණා. ඉන් අනතුරුව ඔබේ දෙවනි කෙටිකතා පොත වන 'ශුද්ධ වූ ජුදාස්' ග්‍රන්ථය මුද්‍රණය වෙන්නෙ 2011දි. අවුරුදු දහයක පමණ කාලයකින් අනතුරුවයි ඔබ කෙටිකතා පොතක් නැවත මුද්‍රණය කරන්න පෙළඹෙන්නෙ. ඇයි එහෙම වුණේ. වාරණය ඔබේ කෙටිකතා භාවිතාව ලොප් කළාද?

මගේ කෙටිකතාව ඝාතනය කළේ මා වටේ උන් දාර්ශනිකයන් එකතු වෙලා. මේ ගැන පොතක් ලියන්න පුළුවන්. සමහර විට ලියැවෙයි. මං ‘මේරි නම් වූ මරියා’ හින්දා හතරවෙනි තට්ටුවට ගිය මිනිහෙක්. සිවිල් හා මහේස්ත්‍රාත් උසාවි දෙකක නඩු කියපු මිනිහෙක්. මාව අත් අඩංගුවට පත් වෙච්ච වෙලාවෙ සහ පොත වාරණයට ලක් වෙච්ච වෙලාවෙ මමත් නියෝජනය කරපු නිදහස් මාධ්‍යය ව්‍යාපාරයවත් ප්‍රකාශයක් නිකුත් කළේ නෑ. ඒ මො‍හාතෙ තිබුණු කහපටි ව්‍යාපාරයට නිල කතෝලක සභාව එකඟකර ගන්න බැරි වෙයි කියල ඒකෙ ප්‍රධානියා හිතපු හින්දා මට කෙළවෙන්න ඇරියා. රාවයෙන් ගත්ත රුපියල් 6000ක පඩියෙන් නඩු දෙකක් කියන්න සක්කරයටවත් පුළුවන්ද? මගේ ළඟම මිතුරන්ට අමතරව, සිවිල් චරිත විදිහට මට සහයෝගය දුන්නෙ ආසියානු මානව හිමකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු, නීතිඥවරු වන රන්බණ්ඩා සෙනෙවිරත්න සහ අජිත් පතිරණ පමණයි. නමුත් රන්බණ්ඩා මහත්තයගෙ මරණයත් එක්කම තත්වය වෙනස් වුණා.

මේක හරි දිග කතාවක්. මාත් එක්ක එකට වැඩ කරපු සහෝදරවරු පුරහඳ කළුවර වාරණය ගැන සම්මන්ත්‍රණ ලෑස්ති කළා, මේරි නම් වූ මරියා අමතක කරලා. ප්‍රසන්න සිවිල්, වෙඩ්ඩා සිවිල් නෑ. පොතක් කියන්නෙ කඩදාසි මිටියක් විතරයි, සිනමාපටයක් කරන්න සල්ලි මිටිම බර ගාණක්. ප්‍රසන්නගෙ පුරහඳ මාරයි, බරයි. මේරි මාර නෑ, සැහැල්ලුයි. මේ දෙකම වාරණයන්ය කියන දේ එකට සටහන් කෙරිලා තිබුණෙ ජවිපෙ පළකළ ‘රළ’ කියන කලා අතිරේකයේ විතරයි. කලාත්මක යථාර්ථයක් නෙවෙයි දේශපාලන යථාර්ථයක් විදිහට ගත්තත් පුරහඳ සම්මුඛ වෙලා තිබුණෙ ලංකාව කියන ගෝත්‍රික රාජ්‍යය සමඟ. නමුත් මේරි සම්මුඛ වෙලා හිටියෙ වතිකානුව හරහා ක්‍රියාත්මක වෙන දියුණු කතෝලික අධිරාජ්‍යය සමඟ. සිංහල බෞද්ධ සන්දර්භය ඇතුළෙ මමත් සුළු ජාතිකයෙක්. ඔන්න මගේ ඉරණම. කෙටි කතා නෙවෙයි ජීවිතයම අත්හරින හිතෙන අත්දැකීමක් මේක. එහෙව් සමාජෙක මං අවුරුදු 6ක් ඉවසලා බත්තලංගුණ්ඩුව ලියපු එක මදිද?

දෘශ්‍ය කාව්‍යයකට යන්න ආයිත් අදහසක් නැද්ද?

ඔබ ඔය කියන්නෙ ටෙලිනාට්‍ය ගැන. ‘සමනළුන්ට වෙඩි තියන්න’ සහ ‘ඇහි පිල්ලමක් යට’ ලියවිලි හරහා මං මගේ මුද්‍රාවක් තිබ්බා. ඒක ඇත්තක්ද නැද්ද කියල ඔබට ඒ ක්ෂේත්‍රයෙන් සොයා ගන්න පුළුවන්. ඊළඟට ආව යුගයක්, මම භෞතිකව නැති අවකාශෙක මගේ පිටපත් තියෙන අයගෙන් ඒවා ඉල්ලගෙන ගිහිල්ල ළඟ තියාගෙන මුළුමනින්ම ආකෘතිය පැහැර ගත්ත යුගයක්. ඒවා ලියපු අයයි, අධ්‍යක්ෂණය කරපු අයයි විතරක් නෙවෙයි ඒවට සම්බන්ධ සියල්ලන්ම ඒවා දන්නවා. මෙන්න මේ අවකාශෙ වෙන්න ඇති ඔබ ඔය දෘශ්‍ය කාව්‍ය කෙරෙනවා කියන තැන. ගල් වෙච්ච කැමරා තියෙන තැන් වල කොහොමද දෘශ්‍ය කාව්‍ය නිර්මාණය වෙන්නෙ.

මං තව එක උදාහරණයක් කියන්නම්. මං ළඟදී දවසක දැක්කා පරිවර්තන නවකතා කියවන්නෙ ඇයි ස්වතන්ත්‍ර කියවන්නෙ නැතුව කියන මාතෘකාව යටතේ, එම සංවාදයට සහභාගීවුණු මගේ පැරණි මිත්‍රයෙක් කියනවා ස්වතන්ත්‍ර කියල මොනවද කියවන්න තියෙන්නෙ කියල. මං පුද්ගලිකව විශ්වාස කරනවා 2013 අවුරුද්ද සිංහලෙන් ලියවුණු නවකතාවට වැදගත් අවුරුද්දක් කියලා. එහෙම පසුබිමක තමයි ඔහු මේක කියන්නෙ. ඒක වර්ධනය කරගන්න මැදිහත් වෙන එක තමයි කෙරෙන්න ඕනෙ. එතකොට කියන්න ඕනේ ඕක නෙවෙයි. ඒ ප්‍රකාශයෙ පැති දෙකක් තියෙනවා. එක, ඔහු පරිවර්තකයෙක්. ඒ පරිවර්තන පවා මට අනුව විශිෂ්ටයි. මම එදා හිතුව මොහු තමයි ප්‍රබන්ධ පරිවර්තනයෙහි ලා අපේ පරම්පරාවෙ ඉන්න බරපතළම චරිතය කියල. නමුත් මොහු මේ ප්‍රකාශය කරන්නෙ තට්ටෙ පෑදෙන කන් මෙගා ටෙලි නාට්‍යය ලියල ලියල හති වැටුණ මොහොතක. සාමූහික රසාඥතාව බලු කරල හැරිලා ඇවිත් තමයි මෙහෙම කියන්නෙ. අපේ කලාවට නිර්ණායක සපයන්නෙ මෙවන් චරිත. දෘශ්‍ය කලාව තීන්දු වෙන්නෙ එපිසෝඩ් එකට ගෙවන ගාණ අනුව. මේක නළුවගෙ නිළියගෙ සිට අධ්‍යක්ෂවරයා දක්වාම එකයි. ඔවුන් විසින්ම මේ දෘශ්‍ය කාව්‍ය ඉවර කෙරෙන එක හොඳයි. ලිංගික සහ මූල්‍යමය අල්ලස් ඉල්ලන රණකාමී ඇමතිවරයා කියන්නෙ මේ ප්‍රශ්නෙ එක පැත්තක් විතරයි. සමස්ථය නෙවෙයි. මං ඊට වඩා සිනමාව සහ වේදිකාව තවමත් විශ්වාස කරනවා. ඒ අතරිනුත් වේදිකාව මට අනුව තාමත් සජීවී බව පවත්වගන්න තැනක්. මං ඒක දකිනවා. මං කැමතියි වේදිකාවෙ යම් වැඩක් කරන්න. මං ඒ ගැන හිතමින් ඉන්නෙ.

ආගම සම්බන්ධව ඔබට විවේචනයක් තිබෙන බව ඔබේ නිර්මාණ වලින් පේනවා. නමුත් අනිත් පැත්තෙන් ආගම ඔබට නිර්මාණාත්මක උල්පතක් බවට පත් වෙලා තියෙනවා. එය ආගම පිළිබඳව ඔබට තියෙන අවිඥානික ආශාවක් විදියටයි මං දකින්නෙ. උදාහරණයක් විදියට නවගත්තේගමයන් පවා මුලදි මාක්ස්වාදියෙක් නමුත් අන්තිමට ඔහු බෞද්ධයෙක් බවට පත් වුණා. මංජුල වෙඩිවර්ධනත් කවදා හරි භක්තිමත් ක්‍රිස්තු භක්තිකයෙක් වෙයිද?

මම ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ කරන්නෙ මං අත්දකින ජීවිතය සහ ඒ ආශ්‍රිත මගේ හැදෑරීම්. ඔබ මේ නම් කරන ආගම් ගැන මට නම් තියෙන්නෙ දාර්ශනික කියවීමක්. මේ දෙකට ම අදාළ ලිඛිත දෑ අතිශයින් සාහිත්‍යයිකයි. සාහිත්‍ය භාවිතයක ඉන්න කිසියම් කෙනෙක්ට ඉන් ලැබිය හැකි පෝෂණය අති විශාලයි. මහාමායාගේ කුසට සිද්ධාර්ථ වැඩම කරන එකයි, මරියාගේ කුසට ජීසස් වැඩම කරන එකයි ගැන මට තියෙන්නෙ සමාන්තර සාහිත්‍යයික කියවීමක්. බුද්ධ අබියස අංගුලිමාල දමනය වන එකයි, ක්‍රිස්තු අබියස සාතන් දමනය වන එකයි ගැන මට තියෙන්නෙ සමාන්තර කියවීමක්. මැජිකල් රියලිසම් කියවන්න අපි ජුආන් රුල්ෆෝ හරි ගාර්ෂියා මාකේස් හරි එනකල් ඉන්න ඕනෙ නෑ. ලංකාවෙ අපි ඉපදෙන්නෙම මැජිකල් රියලිසම් ඇතුළෙ. සිංහල ජාතිය බිහිවෙන්නෙම සුප්පාදේවි හරහා ගොඩනංවන මැජිකල් රියලිසම් එක ඇතුළෙ. මේක මාර ගති. නැද්ද? අපිට ආගන්තුක යථාර්ථවාදය මිසක් අධියථාර්ථවාදය නෙවෙයි. අපි අද පවා අත්දකින කිසිම දෙයක් යථාර්ථවාදී නොවෙන්නෙ මේ නිසා. සයිමන් තමන්ගෙ ජාන ඇතුළෙ පවතින අධියථාර්ථය කියන යථාර්ථය දාර්ශනික අර්ථයකින් අල්ලගත්තා. ඔබ ඒකට කියන්නෙ ඔහු බෞද්ධයෙක් බවට පත්වුණා කියලා නම් ඒක ඔබේ විග්‍රහය. අනිත් අතට සයිමන් බෞද්ධයෙක් වුණා නම් ඒක හොඳයි නේ. මේ ප්‍රති-බෞද්ධ විකාර ඇතුළෙ අද බෞද්ධයෙක් හොයා ගන්න එක මොන තරම් අමාරුද?

ක්‍රිස්තියානියත් එහෙමම තමයි. දැන් තියෙන්නෙ ප්‍රති-ක්‍රිස්තියානියක්. දැන් බලන්න උතුරු නැඟෙනහිර බිෂොප්වරු දෙමළ ජනතාවට අත්පත්වුණු ඉරණම පැහැදිලි කරනකොට කොළඹ ඉඳන් ක්‍රියාත්මක වන ක්‍රිස්තියානිය මාධ්‍ය සාකච්ඡාවක් තියල කියනව මේක අපේ නිල මතය නෙවෙයි කියල. එහෙනම් මොකද්ද නිල මතය. මරා දාපු දෙමළ ජනතාව ගැන, දැනට දෙමළ ප්‍රජාව ජීවත් වෙන එළිමහන් සිරකඳවුර ගැන, අතුරුදහන් කිරීම් ගැන, බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කිරීම ගැන මැල්කම් රංජිත් කාඩිනල්වරයා ඇතුළු කොළඹ ක්‍රිස්තියානියෙ නිල ස්ථාවරය මොකද්ද? මේක තමයි මං ප්‍රති-ක්‍රිස්තියානිය කියන්නෙ.

මං ගැන කියනව නම්, මං අත් දකින ජීවිතය හා මගේ හැදෑරීම් මං සාහිත්‍යයික ලෙස අල්ලගන්න එකත්, ඒක සමාජගත කරන එකත් ඔබ දකින්නෙ ආගමික යථාර්ථයක් ඇතුළෙ නම් ඒක ඔබේ කියවීම. ලෝකය මැව්වෙ යෙහෝවා ද, මහා බ්‍රහ්මය ද, ඊෂ්වර ද කියන එක ඔබට ප්‍රශ්ණයක් වුණාට මට ප්‍රශ්නයක් නෙවෙයි. මං දන්නවා ඒක, සිද්ධවුණේ මොකද්ද කියලා.

ඔබේ පිටු වහලේ ජීවිතය ගත වෙන්නෙ කොහොමද?

මං ලියපු නොපළ කවියක් තියෙනවා. ඒකෙ මාතෘකාව "සෙයිලමෙන් ඇසයිලමට". ඒක පටන් ගන්නෙ මිත්‍රයෙක් එවපු ලියමනක කොටසකින්. ඔහු මෙහෙම කියනවා. "මොනව කරන්නද මචං? ඇසයිලම් ජීවිතේ කියන්නෙ අවසානයක් නැති ආපහු හැරෙන්න අමාරු ගමනක්" ඒක තමයි සංක්ෂිප්තව ගත්තම උත්තරේ. විශිෂ්ට පලස්තීන කවියෙක් වන මහ්මුද් දාර්විෂ් ඔහුගෙ කවියක මෙහෙම ලියනවා. "අවසාන දේශසීමාවනුත් ඉක්බිති අප කොහේ යන්නද? අහස් ඉමෙනුත් ඉක්බිති විහඟුන් කොහේ පියඹන්නද?" පිටුවහල් ජීවිතය ගැන සුවිශාල දාර්ශනික කියවීමක් ඒ වචන කිහිපය ඇතුළෙ ගැබ්වෙනවා.

මේ යථාර්ථය තුළ පවා, ලංකාව නමින් නම් කරල තියෙන මේ භූමියේ සැබෑ නිදහස වෙනුවෙන් නිරන්තර භාවිතයක ඉන්න අය තමයි මේ මොහොතෙ පිටුවහලෙ ඉන්නෙ. ඒකාධිපතිත්වය පරාජය කරල සියලු ජාතීන්ට නිදහස දිනා දීමේ අරලගයක ඉන්න අය. ආර්ථික අරමුණු වලින් තොරව දුෂ්කරතා අනුභව කරමින් තවමත් එකී අරලගය වෙනුවෙන් දිවි හිමියෙන් ක්‍රියා කරන සහෝදරවරු නිසා පිටුවහල කියන එක අලුත් කියවීමකට ලක්වෙලා තියෙනවා. පිටුවහලුන්ට ආණ්ඩුවක් මෙච්චරම බය වුණු යුගයක් තිබිලා නෑ. දැන් මිනිසුන්ට කොටි ලේබල් ගැහුවට සබුද්ධික සහ සවිඥානික සමාජය ඒවා පිළිගන්නෑ. ඒ ලේබල් දැන් එක්ස්පයර් වෙලා. 'කොටි' කියන සංකල්පය නඩත්තු කරමින්, කොටි එක්ක ඇත්තටම හැමණෙන්නෙ කවුද කියල දැන් සමස්ථ සමාජයම දන්නවා. ඒ ගැන කට අරින්නැත්තේ මර්දනයේ තියෙන වියරු ස්වරූපය හින්දා. ඔව් අපි පැහැදිලිව පෙනී ඉන්නවා දෙමළ මිනිහගෙ නිදහස වෙනුවෙන්, ඒකෙ ආයෙ සඟවන්න දෙයක් නෑ. ඒ හින්දා මං ඔබට කියන්නෙ, ඔවුන්ගේ නිදහස ඇතුළුව සමස්ත සමාජය නිදහස දිනා ගත් දවසක ඔබ දැන ගනියි පිටුවහල් ජීවිතය කියන එකේ අර්ථය. ඒක හීනෙන් හිම දකින තරම් කාව්‍යාත්මක නෑ.

ළගඳීම බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔබේ නිර්මාණයන් පිළිබදව පුංචි හෙළිදරව්වක් කරමුද?

මගේ සිනමා තිර පිටපතක් සිනමාවට නැඟීමට අවශ්‍ය මූලික වැඩ කටයුතු ආරම්භ කෙරී තිබෙනවා. එය කෙරෙන්නෙ මගේ මිත්‍රයෙක් අතින්. කෙටිකතා එකතුවත් සහ කවි එකතුවක් මේ මොහොතෙත් මගේ අතේ තියෙනවා. නවකතා දෙකක වැඩ තැන් තැන් වලින් සිද්ධ කෙරීගෙන යනවා. ඉන් එකක් වසර පහකට පෙර ලියන්න පටන් ගත්ත එකක්. නමුත් කවරක් ඉක්මන් වෙයිද කියන්න දන්නෑ. වෙනත් ශාස්ත්‍රීය අධ්‍යයනයන් කිහිපයක් ද සිද්ධ වෙමින් තියෙනවා. ඇතැමි විට ඒවා කෘති බවට පත්වෙන්න පුළුවන්. ප්‍රංශයේ මා ඉන්නා කලාපය පිළිබඳ කෙරුණු ඡායාරූප සරණියක් සංගෘහිත කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. එය පළවෙන්නෙ නම් ප්‍රංශයේ.

තවත් එක් විශේෂ කරුණක් තමයි බත්තලංගුණ්ඩුව නවකතාව දෙමළට, ඉංග්‍රීසියට සහ ප්‍රංශ භාෂාවට නැඟෙමින් පවතිනවා. මේ දේ නිවරුරදිව සහ බරපතළ ලෙස කරගන්න පුළුවන් වුණොත් සාහිත්‍යයික ලෙස ජාත්‍යන්තරයට අමතන්න මට පුළුවන් වෙයි. එහෙම වුණොත් ඒ සමාජ ප්‍රාග්ධනයත් අපි අයෝජනය කරන්නේ අපේ රටේ සියලු ප්‍රජාවන්ගෙ උස් නිදහස වෙනුවෙන්.

පොදුවේ ලාංකේය ජනතාවට දේශපාලනමය වශයෙන් ඔබට කිව යුතු දෙයක් තියෙනවද?

පළමුව ඔවුන් තමන් දෙසට ම හැරී බැලිය යුතුයි. තමන් සැරිසරන හැමතැනකම තමා සෙනඟ අතර සිටින කෙනෙක් මිස මහජනතාව අතර සිටින පුරවැසියෙක් ද යන්න විග්‍රහ කරගත යුතුයි. මට අනුව ලංකාවෙ මේ මොහොත කියන්නෙ සෙනඟ ඉන්න මොහොතක් මිස ජනතාව ඉන්න මොහොතක් නෙවෙයි. නමුත් අපි මේ අර්ථය සමාජය හමුවේ තියනකොට කලබල නොවී, හීනමානයකින් තොරව, ලාංකීය මමංකාරයෙන් මිදී, ඔව් අපි එහෙම තමයි කියල අත් ඔසවල කියන පිරිසක් දැන් අපිට ඉන්නවා. ඒ අය කියනවා ඔව් අපිට ඕනෙ අපේ පුද්ගල අනන්‍යයතාව හොයා ගන්න, අපිට ඕනෙ පුරවැසියන් වෙන්න කියල. මේ මොහොතෙ මට හැමෝටම කියන්න තියෙන්නෙ සෙනඟ වෙන එකෙන් මිදිල, ඇතුළතින් ඇහෙන ඒ දේට අවනත වෙන්න කියලා. ඇතුළතින් දැනෙන ඒ දේට සිද්ධ වෙන්න ඉඩ අරින්න කියලා විතරයි.

ඡායාරූපය- ඩිෂාන් කොඩිකාර

(මෙම සාකච්ඡාව lankaherald.com වෙබ් අඩවියේ මුල්වරට පළ විය.)

බාසුරු ජයවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails