Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හැම පෙරහැරම අහවරව
කසකරුවන් ද
නිදි ඇති
දිනූ අය හිඳින අසුනෙම
පරාජිත උදවියද
මධු බඳුන්
පුරනු ඇති
ගිනිගහන අව් පූටකේ
මහ මගෙහි
නුඹ තාම පෙර සේම හිඳිනු ඇති
නොමැකෙන ලෙයින් ලියු
පුවරුවක්
තවම නුඹෙ තනි රකිනු ඇති

සැප කාර්, අලි පැටවු, කරදාසි
ලිං වලින්, සැඟවුම් තිප්පොලින්
තොග ගනන් දිනපතා
සෙයාගත් රස පුවත්
අපේ හිත් තවනු ඇති
නුඹ හිමිගෙ නමට එනමුදු
තවම ලිපි ගොනුවකුදු
ඇරුනෙ නැති
දෙදරු හිත් හද හදා
නුඹ තාම පෙර සේම හිඳිනු ඇති

රස කතා ගොත ගොතා
රූප පෙට්ටිද බරට වැඩ ඇති
මැති ඇමති මහත්වරු
ඉහේ කෙස් කඩ කඩා
නෙක මහරු සැලසුම් අඳිනු ඇති
නුඹ හිමිගෙ රුව දුටිමි කිය කියා
හත්පොලේ දිවුරාපු හොර හැත්ත
අලුත් පෙරහැර එන මගට
සීරුවට පාවාඩ එලනු ඇති

ලිහෙන තුරු
නීතියේ දෑස් බැඳි රෙදි කඩ
පෙර සේම
නුඹ තාම මහ මගෙහි හිඳිනු ඇති
ගෙවෙන දවසක් ගානෙ
බොහෝ දෑ වැසියනට ලැබෙනු ඇති
එනමුදු
තලා දා නුඹ හිමිගෙ පන්හිඳ
අතුරුදන්කල උන්ගෙ වාසගම්
අපේ නෙත ගැටෙන තුරු
අහිමි වූ හෘද සාක්ෂියනම්
මේ කඳුළු කොදෙව්වට ලැබෙනු නැති

චූලානන්ද සමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails