Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අපේ නිජබිම් වල
සරු පසට යට ව ඇත්තේ
සුවහසක් නෑයින්ගේ දිරා නොගිය
ඇට කැබලිති ය
පසට මුහු ව ඇත්තේ
උන්ගේ රුධිරය බව අපි දනිමු
මගේ යුදෙව් පෙම්වත,
ඉන් ඉහළට නැගී
පිපි තුරු ලතා
මලින් සැරසි යැයි කියමු අපි
නෑයින් සේ ඉන් සුවඳ වෑහෙයි.

අවුෂ්විට්ස්z, න්‍යුරන්බර්ග්, උතුරු මායිමේ
වධකාගාර වලට ඉහළින් ආකහේ
වා තලය පුරා මුසු ව ඇත්තේ
උන්ගේ ම හුස්ම බිඳු ය
මගේ යුදෙව් පෙම්වත,
ඒ මඳනල යැයි සිතමු
ඒ ඉකිබිඳුම් හඬට ගී යැයි කියමු
නෑයින්ගේ කටහඬ
කෙඳිරියක් සේ නැෙඟන හැටි
අහන් ඉමු.

අමු සොහොන් වල අරලියා මල් පිපෙන මුත්
අරලියා පිපුණු හැම තැන සොහොන් කොත් වෙත් දැයි
පිරික්සමු.

"යුද්ධය කැමති උන්ට යුද්ධ කළ හැකිය
යුද්ධය ට අකමැති උන්??
උන්ට පාඩුවේ ඉන්න අයිතියක් නැද්ද??
යුද්ධය කැමති උන්ගේ බිල්ල
යුද්ධය අකමැති උන් ද??
උන්ගේ යුද්ධයේ දී ඔබ මැරෙන්නට කැමති ද?"


මගේ යුදෙව් පෙම්වත,
ඔබේ යුදෙව් රුධිරය ද
මගේ දමිළ රුධිරය ද
වෙනස් යැයි කිව හැකි විශේෂඥයින්ට
දැන් ඇත්තේ අමාරුම කාරියයි
අපේ මල් කැකුළේ රුධිර පරීක්ෂාවයි
ජර්මානුවනි,
ඔබට පුළුවනි ද
යුදෙව් වාසගමක් දෙන්න
සිංහළ නෑයිනි,
ඔබට පුළුවනි ද
දමිළ නමක් දෙන්න
අපේ
මල් කැකුළ ට,
මුතුන් මිත්තන් කැටුව යා හැකි !

[සිතුවම: Silecia]

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails