Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මුම්බායි අන්තර්ජාතික සිනමා උළෙල සහ සිංගප්පුරු අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කළ ඉන්දික උඩුගම්පොළගේ La nuit est encore jeune (රැය තවම තරුණයි) වෘතාන්ත චිත්‍රපටය, ශ්‍රී ලාංකිකයෙකු විසින් ප්‍රංශ බසින් තිර රචනය කර, අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම ප්‍රංශ චිත්‍රපටයයි.

මෙම චිත්‍රපටය සඳහා පැස්කලින් බෙල්ග්‍රාඩ්, ඇනා ලෙමොනාකි සහ ලක්ෂාන් අබේනායක රංගනයෙන් දායක වෙයි. චන්න දේශප්‍රිය කැමරාකරණයෙන්ද, පියරේ එම්මෑනුවෙල් ශ්‍රව්‍ය සංකලනයෙන් ද දායක වුණු මෙම චිත්‍රපටයේ සංස්කරණය ෂයිලේශ් මැක්වාන්ගෙනි. සංගීතය නදීක ගුරුගේගෙනි.








La nuit est encore jeune (රැය තවම තරුණයි)


ඉන්දික උඩුගම්පොළ

ප්‍රංශයේ EICAR සිනමා අධ්‍යයන ආයතනයෙන් සිනමාව පිලිබද පශ්චාත් උපාධිය ලබාගත් ඉන්දික අනතුරුව ප්‍රංශ භාෂා නිපුණතා (උසස්) ඩිප්ලොමාව ලබා ගත්තේය. ප්‍රංශ ලේඛක André Gideගේ La Symphonie Pastorale නවකතාව ඇසුරින් 2003 දි කෝකිළ සංධ්වනිය ටෙලිවෘතාන්තය නිර්මාණය කළ ඔහු ඉන් අනතුරුව රති විරති නමින් ටෙලි චිත්‍රපට මාලාවක් නිර්මාණය කළේය. ඔහු විසින් නිර්මාණය කරන ලද කෙටි චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට රැසක් අන්තර්ජාතික චිත්‍රපට උළෙල නියෝජනය කර ඇත. ජනමාධ්‍යවේදියෙකු සහ සාහිත්‍ය කලා විචාරකයෙකු වන ඉන්දික, 2003 වසරේ සිග්නිස් සිනමා උළෙළදි, ජයවිලාල් විලේගොඩ සිනමා විවාරක සම්මානයෙන් පිදූම් ලැබීය. යුනෙස්කෝ සංස්කෘතික අංශය විසින් සිනමා මාධ්‍යය සදහා පිිරිනැමෙන ඇමරිකානු නේවාසික ශිෂ්‍යත්වය 2007 වසරේ දි හිමි කරගත්තේද ඉන්දික උඩුගම්පොළය. ඉන්දික ප්‍රංශයේ ජීවත්වන විප්‍රවාසයේ සිනමාකරුවෙකි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails