Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන් සිංහල පාඨකයින් වෙනුවෙන් දියත් කෙරිණ. කාලීන දේශපාලන, ආර්ථික හා සංස්කෘතික තේමාවන් අවාරණය වන පරිදි ලියැවුණු ප්‍රවෘත්ති සහ පුවත් විශේෂාංග, විශ්ලේෂණ සහ විවරණ මෙන්ම සාහිත්‍යයික නිර්මාණද නව වෙබ් අඩවිය තුළින් ප්‍රකාශයට පත්වනු ඇත. මේ වනාහී ඉකුත් දෙවසර තුළ පවත්වාගෙන යනු ලැබූ ඉංග්‍රීසි භාෂා වෙබ් අඩවිය විධිමත් ත්‍රෛ භාෂා වෙබ් ප්‍රකාශනයක් බවට පුළුල් කිරීමේ සැළැස්මෙහි දෙවන අදියරයි.

සිංහල භාෂා වෙබ් අඩවියේ සංස්කාරක කමිටුව වශයෙන් අජිත් සී. හේරත්, අතුල විතානගේ, අනුරුද්ධ ලොකුහපුආරච්චි, ඉන්දික ගමගේ, කසුන් යාපා කරුණාරත්න, කිත්සිරි විජේසිංහ, මංජුල වෙඩිවර්ධන, රෝහිත භාෂණ අබේවර්ධන සහ සනත් බාලසූරිය යන පිටුවහලේ ජීවත්වන ජනමාධ්‍යකරුවන් කටයුතු කරයි.

වෙබ් අඩවිය සඳහා මෙතෙක් පැවැති www.jdslanka.org ඉංග්‍රීසි වෙබ් අඩවිය හරහා හෝ www.jdslanka.org/s යන වෙබ් ලිපිනය ඔස්සේ සෘජුවම හෝ පිවිසිය හැකි ය.

මීට අමතරව නව වෙබ් අඩවියට ෆේස්බුක් මගින් සම්බන්ධ වන්නේ නම් facebook.com/jds.sinhala යන ලිපිනයෙන්ද පිවිසිය හැකි ය.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails