Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කඳු පාමුලක සිට මුදුනකට දුර
අඳුනකින් බලන්න පුලුවනිද ඇදුර?
මුදුනකට ගිය මගියෙකුට විතර
කඳු හෙල් තරණයක තතු වෙන කාට කිව හැකිද මිතුර?

ඟඟක දියවර හරිමැදින් බෙදා ගන්නට
කග පතකින් පුලුවනිද ඡේදනය කරගන්ට?
දිග පළල මැනල හරි දෙයම අරගත්තට
වගකීම් පතකට සරිලන්න පුලුවනිද නිතර හැසිරෙන්ට

ගසක් වී ඉපදුන පලියට ලොවට
ඉසිඹුවක් නැතිව ගස වුව මල් ඵල පුබුදයිද?
හිතන්න නිකමට....
ජීවිතය කියන්නෙ දුක සැප හා සතුට
නමක් තැබිය හැකිය එයට නමුත් ලන්සුවක් තැබිය හැකිද කාට?

ඔබ එන්න මා එක්ක දිගන්තය පේන තැනකට
අනන්තයට යන පාර ගැනත් මම කියන්නම් ඔබට
ජීවිතයෙ නේක හැඩ තලවල මම ගන්නම් එක එක පාට
පැහැදිලිද මන්ද ඔබට... වචනවලට පුලුවනි කාලය කෙලසන්ට

කඳු හෙල් දෙණි කැලෑවල ඇතුලත
මෘදු මොලොක් රළුපරළු තියුනු ගල් බොරළු මත
හඳුනා ගන්න ඔබ ඇවිත් ඒවායේ දිග පළල
කෝදුවකින් මැන නොවේ පියවරෙන් පියවර තබා ඒ මත

[ඡායාරූපය : Laura Zalenga]

කේ. ඩී. ප්‍රදීප් කුමාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails