Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිමිත්ත- තරුණියක් සීගිරි කැටපත් පවුරට හානි කරයි.

සීගිරියෙ සිංහ අත්
අල්ලගෙන තාම අපිව
තදින්ම

වළාකුළු අකුණු කිව්වට
අපි හරි පැතළි රූප
කළු ගලක ඇන්ඳුව

විසාලෙට තිබුණු කැඩපත
තමයි පෙන්නුවෙ අපිට අපිවම
රත්තරන් ඇන්ඳට
මල් තියාගෙන හිටියට
කකුල් තිබුණෙම නෑ අපිට
අපි හිටියෙ හරියට
රජාට ඕන වුණ තැන

ලෝකෙ ගැන දන්න
ඇවිදින කකුල් ඇති උඹ
හීරුවට කැඩපත
තමයි අපි තරහ මෙච්චර

උඹ උනත් නංගී
ලස්සනට පෙනේවි
රත්තරන් ඇන්දම
මල් අතට අර ගත්තම

[සිතුවම:Tom Fedro]

ජනක ගොඩේවිතාන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails