Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මේ වාරකන් කාලයයි
ගොළු මුහුද පුරා
අවලාද කියමින්
රළ ගෙඩි පවා
ගාලු කළු ගල් බැම්මේ
හිස ගසා ගන්නා රාත්‍රියයි

සවන් දොර අඟුලු ලා උඩු හිතක
හූ කියනවා මුහුදු පතුලත
ගිමන් නොනිවූ
සැඩ සුළං කැරැල්ලක් ඇවිත්
උණුවෙලා ගිය කාගෙදෝ සුසුමක්
තවරලා මුවදොරේ දෙපාමුල
තටු කඩා දුවයි කොග්ගලට
අරවින්දගෙයි නන්දගෙයි අතර මැද
කෙස්ගසක් තරම් වත් නැති හිස්තැනක

පටු කෝන වෙළද වීදී දිග
තත්පරය පවා
දිගු කෑලි වලට කපා
පන පිටින් වළ දැමූ
කෙටි ජීවිතේ දිගු කතා
අවදි වෙනවා ඇති ඉඳහිට
රේන්ද සාප්පු ගානේ
අදත් ඇවිද යනවිට

රාත්‍රීයට නටබුන් පිරුණු නුවර පාළුය
එක හිතක් පමණක් සැරි සරණ
අහෝ ඛේදයකි මෙකී ඉරණම
ලෝකයාගේම දුක දන්න
ලේන්බාන් වීදියේ මහා කවියාටත් නොපෙනුනා නම්
සීනිගම දෙවොල් දෙවියන්ගේ
පඬුපුල් අසුන කෝම උණු වෙන්නද.

[සිතුවම :Jack Tzekov]

ඩොමිනික් චන්ද්‍රසාලි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails